Saturday, December 31, 2016

උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේ (හැඳින්වීමකි/ 1 වන කොටස)

Image result for lord shiva family

(මෙම ලිපිය විකිපීඩියාවෙබ් අඩවියෙහි ඇති ලිපියක සිංහල පරිවර්තනයක් වන අතර, මෙම ලිපියෙහි වැරදි අඩුපාඩු ඇත්නම් පෙන්වා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.)

උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේ හින්දු දහමේ ප්‍රධාන දෙවි කෙනෙකි. උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේ නූතන හින්දු දහමේ ඉතා වැදගත් සහ මහා බල සම්පන්න දෙවි කෙනෙක් ලෙසින් වන්දමානයට පාත්‍ර වෙති.
හින්දු දෙවියන් වහන්සේලා ත්‍රිත්වය වන්නේ උතුම් ශිව දෙවියන් වහන්සේ, උතුම් විෂ්ණු දෙවියන් වහන්සේ සහ උතුම් බ්‍රහ්ම දෙවියන් වහන්සේලාය. එයින් උතුම් ශිව දෙවියන් වහන්සේ “විනාශ කරන්නා” ලෙසින් හැඳින්වේ (කරදර බාධක ආදිය විනාශ කිරීම). ශෛවිස්ම් සම්ප්‍රදායට අනුව උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේ “නිර්මාණය කරන්නා, විනාශ කරන්නා සහ ප්‍රතිජණනය කරන්නා” ලෙසින් හැඳින්වේ. හින්දු දෙව්දු සම්ප්‍රදායේ උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේ ඉතා ශ්‍රේෂ්ඨ බලසම්පන්න දෙවියන් වහන්සේ නමක් ලෙස උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහ්සේ සහ උතුම් ශ්‍රී බ්‍රහ්ම දෙවියන් වහන්සේ ද ඇතුළුව දක්වා ඇත. උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේ හින්දු සමර්ථ සම්ප්‍රදායේ “පන්චයාටන පූජා” වල සම දෙවිවරුන්ගෙන් එක් දිව්‍යරජෝත්තම වහන්සේ නමකි.    
උසස්ම තලයේදී උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේ, අරුපි, අසීමාන්තික ශ්‍රේෂ්ඨ සහ අපරිණාම ඒකායන බ්‍රාහ්මනයාණන් සහ විශ්වයේ ආදිතම ජීවය සහ ආධ්‍යාත්මය ලෙසින් සලකනු ලබති. උතුම් ශිව දෙවියන් වහන්සේ පිලිබඳ විස්තර දැක්වීම් වලදී ඉතා කරුණාබර මෙන්ම බියකරු විස්තර ද ඇත. යහපත්කාමි දෙසින් උතුම් ශිව දෙවියන් වහන්සේ සර්වඥ යෝගීතුමන් ලෙස යෝගී දිවියක් කෛලාෂ් කඳුකරයේ ගෙවති. එමෙන්ම  ඔව්න් වහන්සේගේ ගෘහ ඒකකය ලෙස භාර්යාව උතුම් පාර්වතී දේවමෑණියන් වහන්සේ ද දරුවන් දෙදෙනා වන උතුම් ශ්‍රී ඝන දෙවිඳුන් ද උතුම් ශ්‍රී කතරගම දෙවිඳුන් ද ලෙස වේ. බියකරු දෙසින් යක්ෂයින් මරාදැමීම් ද චිත්‍රයෙන් දැක්වේ. තවද උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේ “අධියෝගී ශිව” ලෙසින් හඳුන්වෙන අතර යෝග, භාවනා සහ කලාවන්ට අධිපති දෙවියන් ලෙසින්ද වැඳුම් පිදුම් ලබති.
උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේගේ ප්‍රතිම ශිල්ප වල දැකිය හැකි විශේෂ ලක්ෂණ වන්නේ ශ්‍රී නළලෙහි තෙවැනි ඇසක්පිහිට තිබීම, ගෙල වටා සර්පයෙකු දැකිය හැකි වීම, අඩසඳ සහ ශුද්ධ ගංගා ගඟ ගලා යාම මගින් ගෙතු හිස සරසා ඇත. ත්‍රිශුලය අවිය ලෙස භාවිතා කරන අතර “දමරු” නම් වාද්‍ය භාණ්ඩය ද දරා සිටිති. උතුම් ශිව දෙවියන් වහන්සේ වන්දමාන කිරීම සඳහා මහත් වූ භක්තියෙන් හා ගෞරවයෙන් ශිව ලිංග වලට ජනයා පුද පූජා පවත්වති. උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේ ඉන්දියාව, නේපාලය සහ ශ්‍රී ලංකාව තුල සර්ව-හින්දු දිව්‍යරජෝත්ත්මයෙකු ලෙසින් ඉහළින් වන්දනාමාන ලබති.
සංස්කෘත භාෂාවෙන් ශිව නම් නාමයෙහි අර්ථය වන්නේ “ සුභ, දයාන්විත, මෘදු, කරුණාවන්ත, ත්‍යාගශීලි, මිත්‍රශීලී” ලෙස බව මොනියර් විලියම් ප්‍රකාශ කර ඇත.
“ශිව” නම් නාමය ඍග් වේදයෙහි නාමවිශේෂණයක් ලෙසින් යොදා ගෙන ඇති අතර “රුද්‍ර” ඇතුළු ඍග්වේද දේවතාවන් වහන්සේලාට විරුද නාමයක් ලෙසද භාවිතාකර ඇත. ශිව නම් වචනය “ විමුක්තිය, සුනිශ්චිත නිදහස” යන අදහස සහ “ සුභමංගල්‍ය” යන නාමවිශේෂණ අර්ථය ලැබෙන අයුරින් වෛදික සාහිත්‍යයේ යොදාගෙන ඇත. වීරකාව්‍ය සහ පුරාණ තුලට “ශිව” නම් නාමය විකාසනය වී ඇත්තේ වෛදික “රුද්‍ර-ශිව” පදයෙන් වන අතර “උත්පාදකයා, නැවත උපදවන්නා සහ විසිරුවා හරින්නා” ලෙසින් වන සුභමංගල්‍ය දෙවියන් වහන්සේ නමක් ලෙස හැඳින්වේ.
තවද සංස්කෘත නාම මුලයන්ට අනුව අර්ථය පහදා බැලීමේදී “අඳුරෙහි බලයන් විනාශ කර දමන තැනැත්තා” යන අර්ථය ගම්‍ය වේ.
සංස්කෘත භාෂාවේ “ස්සිව” (śaiva) යන වචනයෙහි අර්ථය වන්නේ “ උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේට සබද” යන අර්ථයයි. එලෙසම මෙම යෙදුම ප්‍රධාන හින්දු සම්ප්‍රදායට සහ එම සම්ප්‍රදායේ සාමාජිකයන්ට යොදා ගනු ලබන සංස්කෘත නාමය වේ. එය ශෛවිස්ම් වැනි ඇදහිලි සහ භාවිතයන් විස්තර කිරීමට යොදා ගන්නා නාමවිශේෂණ පදයකි.
සමහර කතෘවරුන් දෙමල වචනයක් වන “සිවප්පු” නම් රතු වර්ණය යන අදහස ගලපමින් උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේ සුර්යයා සමග සහසම්බන්ධ කර ඇත. විෂ්ණු සහශ්‍රනාම හි විස්තර කර දක්වන ආකාරයට ශිව යන වචනයට අර්ථයන් රාශියක් වන බවයි. ඒවා “පාරිශුද්ධවන්තයාණන්” සහ “සත්ත්ව,රාජස්, සහ ටමාස් යන ප්‍රක්‍රති ත්‍රි ගුණ වලින් වෙනස් නොව උතුමාණන්” යන අර්ථයි.
උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේ හඳුන්වන ශ්‍රී නාමයන් රාශියක් වේ. ඒවා නම්, විස්වානතන් (විශ්වයට අධිපති), මහාදේව, මහේෂ, මහේෂ්වර, ශන්කර, ශම්භූ, රුද්‍ර, හර, ත්රිලොචනා, දේවේන්ද්‍ර (දෙවියන් වහන්සේලා අතර ප්‍රධාන), නීලකාන්ත, සුභාන්කර, ත්‍රිලෝකිනා (තුන ක්ෂේත්‍රයටම අධිපති වූ) සහ ඝ්ර්නේශ්වර් (දයාවට සහ අනුකම්පාවට අධිපති වූ). ශෛවිස්ම් අනුව උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේ ලද උතුම්ම සම්මානය විරුද නාමයන් ප්‍රශංසා පිණිස පැවතීමයි. එනම්, මහාදේව, මහේෂ්වර සහ පරමේශ්වර (ශ්‍රෙෂ්ඨ දෙවියන්).
සහශ්‍රනාම යනු ඉන්දීය මධ්‍යතන යුගයේ දෙවියන් වහන්සේලාගේ ලක්ෂණ සහ විරුදනාමයන් මඟින් දහසක් ශ්‍රී නාමයන් ව්‍යුත්පන්න වූ මුල ග්‍රන්ථයකි. මෙහි අවම වශයෙන් වෙනනස් වූ ශිව සහශ්‍රනාම විස්තර දැක්වීම් අටක්, උතුම් ශ්‍රී ශිව දෙවියන්ගේ බොහෝ ශ්‍රී නාමයන්ගෙන් ලැයිස්තුගත වූ ආගමික ස්ත්‍රෝත ඇත. මහන්‍යාසයෙන් සොයා ගත් පරිදි උතුම් ශ්‍රී සිව දෙවියන් වහන්සේට දශ-සහශ්‍රනාම ( ශ්‍රී නාමයන් 10,000 ක්) තිබී ඇත. ශ්‍රී රුද්‍රම් චමකම්, සහශ්‍රනමස් හෝ ස්අතෞද්රිය ලෙසින්ඩ් හඳුන්වන උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේට ආචාර දක්වන බොහෝ නාමයන් ඇතුලත් භක්තිමත් බව දක්වන ස්ත්‍රෝත වේ.
උතුම් ශ්‍රී ශිව දෙවියන් හා බැඳුනු සම්ප්‍රදායන් හින්දු දර්ශනයේ ප්‍රධාන අංගයක් වන අතර, ඉන්දියාව, නේපාලය, ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාවේ බාලි සම්ප්‍රදායන්ගෙන් මෙම සම්ප්‍රදායන් හමු වේ. මෙහි ඓතිහාසික මුලයන් අපැහැදිලි සහ විවාද සහිත වේ. යශෝධාර් මාත්පාල් සහ අලි ජාවිඩ් වැනි විශාරදයන්ගේ පැහැදිලි කිරීම් අනුව භිම්බෙත්ක ගල් ගුහාවන්ගේ ඇති ප්‍රාග් ඓතිහාසික චිත්‍ර වලට අනුව කාබන් ගණනය කිරීම් අනුව ක්‍රි.පු. 10,000 වසර පමණ පැරණි බව සඳහන් වන අතර, ශිව නර්තන, උතුම් ශ්‍රී ශිව දෙවියන්ගේ ත්‍රිශුලය සහ ඔව්න්වහන්සේගේ නන්දි කන්ද ලෙස එම චිත්‍ර වේ. කෙසේ වෙතත් හොවර්ඩ් මොර්ෆි දක්වන අයුරින් මෙම චිත්‍ර වල අන්තර්ගතය විවිධ ආකාරයෙන් විස්තර කල හැකි බවයි.
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දක්නට රූපයක් මොහෙන්ජෝ-දාරෝ පශුපති (ගවයන්ට අධිපති ) නම විරුද නාමයෙන් වන්දමාන කල අතර පසුව උතුම් හින්දු දෙවිවරු ලෙස ශිව සහ රුද්‍ර ලෙස වන්දනාමාන කරනු ලැබිණි. බොහෝ ඉතිහාසඥයින් උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේ පිලිබඳ සොයා ඇති අතර ඒවා ඉතා විශාල අතීතයකට දිව යති. උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේ සත්ත්වයන්ට අධිපති දෙවියන් වහන්සේ ලෙසද වන්දනාමාන ලැබ ඇත. සමහර සොයා ගැනීම් වලදී උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේගේ මුලකෘති හඳුනාගෙන ඇති අතර යෝග ඉරියව්වෙන් වැඩ සිටින රූප ද ගවයන්ගේ අං වලට සමාන අඩසඳක් හිසෙහි පිහිටි රූප ද දක්නට ලැබේ.
උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේගේ ප්‍රතිමාශිල්ප සහ පුරාණෝක්ති ග්‍රීක සහ යුරෝපානු දෙවියන් සමග සමානතා දක්වන අතර එය උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේගේ ඉන්දු-යුරෝපානු සම්බන්ධයන් පෙන්වන අතර ඓතිහාසික මධ්‍යම ආසියානු සම්ප්‍රදායන් හා තිබුණු හුවමාරු අංශයන් විදහා දක්වයි. අවස්ථානුකුලව උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේ දක්වන ලක්ෂණ වලට සමාන ග්‍රීක දෙවියන් වහන්සේ නමක් වන “දිඔන්‍ය්සුස්” දෙවියන් වහන්සේ ද ගවයා, නාගයින්, කෝපය, නිර්භීතකම, නර්තනය සහ කරදර වලින් නිදහස් ජීවිතය ප්‍රතිමාශිල්ප ලක්ෂණ වලින් දක්වති. ආදී ග්‍රීකයේ ඇලෙක්සැන්ඩර් රජුගේ සමයේ ඇති යම් ග්‍රන්ථ හා වගන්ති වල දැක්වෙන්නේ “ ඉන්දියානු දිඔන්යිසියුස්” හෝ එසේත් නැතහොත් “ පෙරදිග දෙවියන් වහන්සේ” ලෙසයි. ඇතැම් පර්යේෂණ මගින් ප්‍රාග්-ආර්යන් ගෝත්‍රික යුගයේ සිටම උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේට පුද පූජා පවත්වා ඇති බවට සොයාගෙන ඇත.

 වෛදික සාහිත්‍යයේ එන පරිදි “රුද්‍ර” නම් බියකරු බලයන් සහිත  දෙවියන් වහන්සේ නමක් ගැන සඳහන් වේ. ඍග් වේදයේ  දේව ස්ත්‍රෝත 1028 න් 3 ක්ම උතුම් රුද්‍ර දෙවියන් වහන්සේ උදෙසා වෙන කර ඇත. “ශිව” යන නාමයද ඍග් වේදයේ සඳහන් වන නමුත්, “ කරුණාව, සුභ මංගල්‍යය” යන විරුද නාමයන්ද භාවිත වේ. එකම නාමවිශේෂණ පදය විවිධ වෛදික දෙවිවරුන් හැඳින්වීමට යොදා ගෙන තිබෙනු දක්නට ඇත. ඍග් වේදයේ එන දේව ස්ත්‍රෝත අතර කෘර අනුකම්පා විරහිත ස්වාභාවික සංසිද්දීන් සහ කුණාටු රුද්‍ර දෙවියන් වහන්සේ සමග සම්බන්ධ කර දක්වා ඇති අතර සුභ දෘෂ්ටි කෝණයෙන් වර්ෂාව, උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේගේ අංශයන් නිරුපනය කරයි. මෙම සහනදායි, රැක බලාගැනීම්, ජීවන ශක්තිය ලබා දෙන අංශයන්ගෙන් වෛදික සම්ප්‍රදායේ උතුම් රුද්‍ර-ශිව ලෙසින් මතු වී පෙනෙයි. පශ්චාත්-වෛදික සාහිත්‍යයේ උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේ විනාශකාරී සහ නිර්මණකාරී බල සංයුක්ත වුණු, බිහිසුණු සහ ශාන්තිකර දෙවියන් වහන්සේ නමක් ලෙසත්, පවතින සියලු භාවයන්ගේ ප්‍රතිචක්‍රීය කරන්නා සහ යොවුන් භාවයට පාත්‍ර කරන දෙවියන් වහන්සේ ලෙසින් වන්දනාමයට පාත්‍ර වෙති.    

Thursday, August 25, 2016

උතුම් ශ්‍රී සරස්වතී දේවමෑණියන් වහන්සේ

උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ හින්දු දේව මෑණියන් වහන්සේ නමකි. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ දැනුමට, සංගීතයට කලාවට ප්‍රඥාව සහ ඉගෙනීමට අධිපති දේව මෑණියන් වහන්සේ ලෙස සැලකෙයි. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් ත්‍රිදේවිලෙසින් හැඳින්වෙන උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන්, උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් සහ උතුම් ශ්‍රී පාර්වතී දේව මෑණියන්ගෙන් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේයි. මෙම උතුම් ත්‍රිදේවීන් උතුම් ශ්‍රී බ්‍රහ්ම දෙවියන්ට, උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ට සහ උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේලාට පිලිවෙලින් නිර්මාණය කිරීමටත්, ආරක්ෂා කර පවත්වාගෙන යාමටත් සහ ලෝකයේ ප්‍රතිජනන චක්‍රයටත් උපකාර වේ.

උතුම් ශ්‍රී සරස්වතී දේවමෑණියන් වහන්සේ ගැන මුලින්ම සඳහන් වන්නේ ඍග්වෙදයේය. හින්දු සම්ප්‍රදායේ වෛදික යුගයේ සිට මේ දක්වාම උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ ඉතා සුවිශේෂී දේව මාතාවකි.  උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට ගෞරව දැක්වීමට “වසන්ත් පන්චමි” නම උත්සවය (වසන්තයේ පස් වන දිනය) සමහර හින්දු බැතිමතුන් සමරනු ලබයි. එම දිනය ඔව්න් සලකුණු කරන්නේ කුඩා දරුවන්ට අක්ෂර මාලාව නිවැරදිව ලිවීමට උදවු කිරීමටයි. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ හින්දු බැතිමතුන්ගෙන් පමණක් නොව බටහිර සහ මධ්‍ය ඉන්දීය ජෛන බැතිමතුන් සහ සමහර බෞද්ධ සම්ප්‍රදායන්ද උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් හට ගෞරව පුද පූජා පවත්වති.

උතුම් ශ්‍රී සරස්වතී දේවමෑණියන් වහන්සේ ඉන්දියාවේ පමණක් නොව, දැනුමට, සංගීතයට සහ කලාවට අධිපති දේව මෑණියන් වහන්සේ ලෙසින් නේපාලයේ, ජපානයේ යම් ප්‍රදේශ වල, වියට්නාමයේ, ඉන්දුනීසියාවේ, මියන්මාරයේ සහ ශ්‍රී ලංකාවේ දී වැඳුම් පිදුම් ලබති.

“සර” යන පදයෙහි සංස්කෘත අර්ථය වන්නේ හරය, සාරය වැනි අර්ථයන්ය. “ස්ව” යන පදයෙහි සංස්කෘත අර්ථය වන්නේ තමා වැනි අර්ථයන්ය. මෙම පද දෙක සන්දී කිරීමෙන් සරස්වතී යන නාමයෙහි අර්ථය “ආත්ම ඥානයට නියමුවන්නිය” යන අර්ථයයි. සංස්කෘත භාෂාව සමඟ බැඳී පවතින “සුරස-වති” යන්නෙහි අර්ථය “ජලය බහුලව පවතින” යන්නයි.

“සරස්වතී” යන නාමපදය ගංගා සඳහා සහ ඉතා වැදගත් දේව මෑණියන් වහන්සේ නමක් වන උතුම් සරස්වතී දේව මෑණියන් උදෙසාද ඍග් වේදයේ ආරම්භක පාඨයන්හි භාවිත කර ඇත. ඉන්දියාවේ වයඹ දිග ප්‍රදේශ වල ගංගා සරස්වතී නදිය, ද්‍රිෂද්වති නදිය ලෙසින් ගංගා නම් කොට ඇත. එනම් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ ගංගා වලට අධිපති දේව මෑණියන් වහන්සේ නමක් ලෙසින්ද අර්ථ දක්වයි. ඍග් වේදයේ දෙවන පොතෙහි සඳහන් වන පරිදී උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ මෑණිවරුන්ගේත්, ගංගාවන්ගේත්, දේවදූන්ගේත් ශ්‍රේෂ්ඨතමයන් වේ. 

උත්තම මෑණියන් වහන්සේද, උත්තම ගංගාවද, උත්තම දේව මෑණියන් වහන්සේද “සරස්වතී” ලෙසින් හැඳින්වේ. අප මෙහි කීර්තියක් නැත්තවුන් ලෙසින් සිටින සහ දයාබර මෑනියණනි ඔබ අප හට කීර්තිය ලබා දෙනු  මැනවි.
-ඍග්වේද 2.41.6

ඍග්වේදයේ 10 වන ග්‍රන්ථයෙහි පහතින් දැක්වෙන පරිදි උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට වන්දමාන කර ඇත්තේ සුවපත් කරන, බහුල බලයන් පවිත්‍ර කරන සහ ජලය ගලා යාමට අධිපති දේවමෑණියන් වහන්සේ නමක් ලෙසින්ය.

ජලය වේවා, මෑණියන් වේවා, අප පිරිසිදු කරයි,
ගිතෙල් සමගින් පිරිසිදු වන ඔව්න්, අපවද ගිතෙල් සමග පිරිසිදු කරයි,
මෙම උතුම් ශ්‍රී දේවමෑණියන් වහන්සේ කෙලෙස් වලින් මුදා ගැනීමටයි,
මම ඔව්න්ගෙන් පිරිසිදුව සහ පවිත්‍රව නැගී සිටිමි.
-ඍග්වේද 10.17 ජෝන් මුයිර් විසින් පරිවර්තනය කර ඇත. 

ඍග්වේදයේ 10 වන ග්‍රන්ථයේ ඇති දේව ගීත වල දැක්වෙන්නේ, උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ දැනටමත් “ඥානෙයහි අයිතිකාරිය” බව ප්‍රසිද්ධියේ පැවසේ. ඍග් වේදයට පසුව ලියවුනු වේද ග්‍රන්ථ සහ බ්‍රාහ්මණ ග්‍රන්ථ වල උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන්ගේ වැදගත්කම විදහා දක්වා ඇත. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන්ගේ ශ්‍රී නාමයෙහි අර්ථය “පාරිශුද්ධ වූ ජලය” , “පාරිශුද්ධ කරන්නීය” , “ කථනය පිරිසිදු කරන්නීය” , “ ඥානය පාරිශුද්ධ කරන්නීය” වැනි අර්ථයන්ගේ සිට අවසානයේ අධ්‍යාත්මික සංකල්ප වන ඥානය, කලාව, සංගීතය, ස්වාරමධුර්ය, ධ්‍යානය, භාෂාව, අලංකාර ශාස්ත්‍ර, කථිකත්වය, නිර්මාණාත්මක ක්‍රියාවන්ට සහ ඕනෑම යහපත් දෙයක හරය සහ පුද්ගලයෙකුගේ ජීවනය පාරිශුද්ධ කිරීමට මෙම උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් මුර්තිමත්ව සිටී. උපනිෂාද් සහ ධර්ම සාස්ත්‍ර ග්‍රන්ථ වල උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේගෙන් යටහත් ලෙස අයද සිටින්නේ පාඨකයාට සිල්වත් ලෙස භාවනා කිරීමටත්, සිල්වත් ලාභද, තේරුම සහ එක්එක් කාර්යයන්ගේ සහ ක්‍රියාවන්ගේ හරයත් නගා දෙන ලෙසයි.

හින්දු සාහිත්‍යයේ උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන්ට බොහෝ නාමයන් භාවිතා කරයි. ඒවා නම් “බ්‍රහ්ණනි” (උතුම් බ්‍රහ්ම දෙවියන්ගේ ශක්තිය) , “බ්‍රහ්මී” (දේව මෑණිවරුන්ගේ ශාස්ත්‍රය), “භාරදී” (දේව මෑණිවරුන්ගේ ඉතිහාසය), “වාණි” සහ “වාචි” (මෙම දෙකම පිලිවෙලින් ගීත, සංගීත සහ තාලවල ගලා යාමත්, සුභාෂිත කථනයත් ය.), “වර්ණේශ්වරි” (අක්ෂර වල දේව මෑණියන්), “කවිජිහ්වග්‍රවාශිනි” (කවියන්ගේ දිවෙහි වැජඹෙන බැවින්).

තෙලිඟු භාෂාවෙන් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට “චාදුවුල තල්ලි” , “ශාරදා” ලෙසින් හැඳින්වේ. කොන්කනි භාෂාවෙන් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට “ශාරදා”, “වීනපනි”, “පුස්තක ධරිනි” යනුවෙන් හැඳින්වෙන අතර වෙනස් ලෙස “ශරදී”, “ශාරදාම්බ”, “වාණි”, වීනාපනි” ලෙසින් ප්‍රසිද්ධ දේවස්ථානයක් වන “ශ්‍රින්ගෙරි” දේවස්ථානයේ සඳහන් වී ඇත. දෙමල භාෂාවෙන් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේව “කලයිමංගල්”, “කලයිවාණි”, “වාණි”, “භාරති” යන නම් වලින් හඳුන්වනු ලබයි. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේව “ශාරදා” නාමයෙන් හැඳින්වෙන අතර එහි අර්ථය සරත් ඍතුවට ප්‍රිය කරන්නී යන්නයි. “වීණා පුස්තක ධරණී” ලෙසින් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් හඳුන්වන්නේ වීනාවක් සහ පොතක් දරාසිටින බැවින්ය. තවද “වාක්‍දේවි”, “වාග්දේවි”, “වාණි” ලෙසින් හැඳින්වෙන අතර මේවා සියල්ලගේම අර්ථය කථනයයි. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ හඳුන්වන තවත් නාමයන් මෙසේයි; “වරධානයගී” (වරයන් ලබා ලබා දෙන්නීය), “සාවිත්‍රි” (උතුම් ශ්‍රී බ්‍රහ්ම දෙවියන්ගේ භාර්යාව), “ගයත්‍රී” (වේදයින්ගේ මව).

ඉන්දියානු සාහිත්‍යයේ ආදී කාලින සහ මධ්‍ය කාලින යුග වලට අයත් ක්‍රි.පු. 1000 වර්ෂ සහ ක්‍රි.ව.1500 දක්වා කාලයේ සෑම මුලශ්‍රයමකම පාහේ උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ පිළිබඳව සඳහන්ව ඇත. හින්දු සංස්කෘතියට අනුව වෛදික යුගයේ සිට වර්තමානය දක්වා උතුම් ශ්‍රී සරස්වතී දේවමෑණියන් වහන්සේ ඉතා වැදගත් දේව මාතාවක් ලෙස වැඩ සිටියි. හින්දු වීර කාව්‍යයක් වන මහාභාරතයේ ශාන්ති පර්වයේ උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ වේද ජනයාගේ මව ලෙසින් දක්වා ඇත. පසුව උතුම් බ්‍රහ්ම දෙවියන් ලෝකය මැවීමේදී උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ දිව්‍යමය නිර්මාණාත්මක සංද්වනියට ප්‍රදුර්භුත වී ඇත. තෛත්‍රිය බ්‍රාහ්මණයේ දෙවන ග්‍රන්ථයේ දැක්වෙන්නේ උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ දක්ෂ කථනයෙහි සහ කනට මිහිරි සංගීතයේ මව බවයි. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ උතුම් බ්‍රහ්ම දෙවියන්ගේ ක්‍රියාකාරී ශක්තියයි. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් පිලිබඳ කුඩා ග්‍රන්ථයන් වල සඳහන් වේ. එනම්; ක්‍රි.ව.8 වන සියවසයේ පමණ ලියවුනු සාරදා තිලක වැනි පොත්පත්ය.

කථනයට අධිපති දේව මෑණියන් වහන්සේ අප හට නිවැරදි කථිකත්වයක් ලබා ගැනීමට ශක්තිය ලබා දෙත්වා,
ඕතොමෝ නව සඳ කේශකලාපයෙහි පැළඳ සිටින්නීය,
ඕතොමෝ උත්කෘෂ්ට ප්‍රභාවක් සමග දිලිසෙයි,
ඕතොමෝ සුදු නෙළුමක් මත වාඩි වී හාන්සි වී සිටින්නීය,
සහ ඔතොමොගේ අත් වලින් තද රතු පැහැ තුඩු වත කරන්නීය,
උතුම් දේව මෑණියන්ගේ කැමැත්තට අනුව ලියන උපකරණ වල දීප්තිය සහ පොත් නිපදවි ඇත.
-          උතුම් සරස්වතී දේව මෑණියන් සඳහා, සාරදා තිලක

උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ බෞද්ධ ප්‍රතිමාශිල්ප වල ප්‍රමුඛ දේව මෑණියන් වහන්සේ නමක් වේ. උදාහරණයක්‌ ලෙස බෞද්ධ දෙවි දේවතාවන් අතර වැඩ සිටින “සාධනමාලා” දේව මෑණියන් වහන්සේ සංකේතාත්මකව හින්දු ප්‍රාදේශීය ප්‍රතිමාශිල්ප වලට සමාන වේ. නමුත් හොඳින් දන්නා උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ පිලිබඳ වචනයෙන් දක්වනවිස්තර වලට අසමාන බවක් දක්වයි.

උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ නිර්මල සුදු පැහැයෙන් යුතු වස්ත්‍රයකින් සැරසී සිටිනු බොහෝ විට දැකිය හැකි අතර සුදු පැහැ නෙළුමක් මත හිදගෙන සිටිනු දැකිය හැක. මෙයින් ආලෝකය, ඥානය සහ සත්‍යය නිරුපනය වේ. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් විසින් ඥානය මුර්තිමත් කිරීම පමණක් නොව උසස් යථාර්තය අත්දැකීමද නිරුපනය කරයි. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ  සුදු පැහැති තේමාවන් යටතේ නිරුපනය වන අතර සුදු පැහැ වස්ත්‍ර, සුදු පැහැ නෙලුම් මල්, සුදු පැහැ හංසයන් ද නිරුපනය වේ. සුදු පැහැයෙන් සත්ත්ව ගුණ හෙවත් පාරිශුද්ධභාවය, සත්‍යය දැනුම සඳහා විචක්ෂණ බුද්ධිය, ප්‍රඥාව සහ විදර්ශනාවයි.

උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ අත් සතරක් සමග බොහෝ විට දැකිය හැකි වුවත් ඇතැම් විට අත් දෙකක් සමග ද දැකිය හැකි වේ. උතුම් ශ්‍රී සරස්වතී දේවමෑණියන් වහන්සේ අත් සතරක් සමග නිරුපනය වන විට එම අත් වලින් උතුම් ශ්‍රී බ්‍රහ්ම දෙවියන් අත් සතරෙන් වහන්සේ දර්පනය වේ. එනම් එම නිරුපනය වන්නේ, මනස් (මනස, සංවේදන), බුද්ධි (බුද්ධිය, තර්කනය), චිත්ත (පරිකල්පනය, නිර්මාණශීලිත්වය) සහ අහම්කාර (ස්වයං විඥානය, අහංකාරය). උතුම් ශ්‍රී බ්‍රහ්ම දෙවියන් වහන්සේ හවාත්මක බව නිරුපනය කරන අතර උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ අභිනය සහ යථාර්තය නිරුපනය කරති.

උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ අත් සතරෙන් දරා සිටින අංගයන් රූපාත්මක අර්ථයක් ලබා දේ. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ අත් සතරෙන් පොතක්, මල් මාලයක් හෝ නවගුණ වැලක්, ජලය සහිත කළයක් සහ විනාවක් හෝ සිතාරයක් දරා සිටිති. පොතෙන් අර්ථවත් වන්නේ විශ්වය, ධර්මාචාර්ය, සර්වකාලීන සහ සත්‍යය දැනුම සමග සෑම ආකාරයකම දැනුමයි. මල් මාලය හෝ නවගුණ වැලෙන් නියෝජනය වන්නේ භවනා කිරීමේ ශක්තිය, ඇතුල් මනසිකාරය සහ අධ්‍යත්මිකතාවයයි. ජලය පිරි කළයෙන් නිරුපනය වන්නේ වැරදි දැනුමේ සිට නිවැරදි දැනුම දක්වා දැනුම නිවැරදි කිරීමයි, අපැහැදිලිත්වයේ සිට පැහැදිලිතාවට ගෙන ඒමයි, නිරවශ්‍ය බවේ සිට සාරවත්භාවයට ගෙන ඒමයි. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ වඩාත් ප්‍රසිද්ධ අංගය වන්නේ වීණාවයි. එය සියලුම විද්‍යාවන් සහ කලාවන් නියෝජනය කරයි. එලෙසින්ම උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ වීනාව දරා සිටීම සංකේතවත් කරන්නේ දැනුම ප්‍රකාශ කිරීමෙන් එකමුතු බව නිර්මාණය වන බවයි. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ සමග අනුරාගය බැඳී පවතී, සංගීත රිද්මයේ ඇති ආදරය සහ, එය හැගීම් සහ සංවේදී බව රැඳී සංගීත සහ කථනයන් සියල්ල නිරුපනය වේ.

බොහෝ විට උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන්ගේ පාදය ආසන්නයේ හංසයෙකු දැකිය හැක. හින්දු පුරාානොක්ති වලට අනුව හංසයා යනු ඉතා පාරිශුද්ධ පක්ෂියෙකු වන අතර හංසයා කිරි සහ ජලය මිශ්‍රණයකින් දියෙන් කිරි වෙන් කරගෙන කිරි පානය කල හැකි පක්ෂියෙකු ලෙසින් සැලකෙයි. එම සංකේතයෙන් පැහැදිලි වන්නේ නරකෙන් හොඳත්, බාහිර පෙනුමෙන් හරයත්, තාවකාලික දෙයින් බොහෝ කල්පවතින දෙයත් වෙන්කර ගත හැකි බවය. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේගේ හංසයින් සමග ඇති බැඳීම නිසා ඕතොමෝ “හංසවාහිනී” ලෙසින්ද හැඳින්වේ. එහි තේරුම නම් හංසයා වාහනය කර ගත්තීය යන්නයි. එවැනිම හංසයා යන සංකේතයෙන් අධ්‍යාත්මික  පරිපුර්ණත්වය, උත්තරීතර බව සහ මෝක්ෂය ද අදහස් වේ.
ඇතැම් විට මයුරා හෙවත් මොණරෙකුද උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන්ගේ සම මට්ටමෙන් පේනවා ඇත. මොණරා මගින් සංකේතවත් කරන්නේ වර්ණවත් උත්කර්ශයත්, නර්තනයේ සැමරුමත්, සහ - සර්පයින් විනාශ කරන්නා වන නිසාවෙනි.

උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේගේ චිත්‍රයෙන් දැක්වීම් වලදී උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ ගංගාවක් ආසන්නයේ වැඩ වෙසෙනු දැකිය හැකි අතර එය උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ ගංගාවකට අධිපති දේව මෑණියන් වහන්සේ නමක් ලෙසින් සලකුණු බැවිනි.

ඉන්දියාවේ වින්ද්‍යා, ඔඩිෂ, බටහිර බෙංගාලය සහ අස්සම් වැනි ප්‍රදේශ වලත්, නැගෙනහිර නේපාලයේ ප්‍රදේශ වලත් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ “දේවි මහත්මය” දේවපුරානොක්තියේ උතුම් “ත්‍රිදේවි” ලෙසින් උපහාර ලබන උතුම් ශ්‍රී මහාකාලි දේවමෑණියන් වහන්සේ, උතුම් ශ්‍රී මහාලක්ෂ්මි දේවමෑණියන් වහන්සේ  සහ උතුම් ශ්‍රී මහාසරස්වතී දේවමෑණියන් වහන්සේ නම් දේව මෑණියන් වහන්සේලා අතුරින් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේයි. මෙය ඉතා වෙනස් හින්දු පුරාවෘත්තයක් වන අතර එය හින්දු ජනයාගේ උතුම් දෙවියන් ත්‍රිත්වයත් ( උතුම් ශ්‍රී බ්‍රහ්ම දෙවියන්, උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් සහ උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේ) සහ උතුම් ශ්‍රී දේව මෑණියන් වහන්සේලා ත්‍රිත්වයත් ( උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ, උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ සහ උතුම් ශ්‍රී පාර්වතී දේව මෑණියන් වහන්සේ ) ජීවයට පැමිණීම පිලිබඳ විස්තර කරයි. විවිධ පුරාණ පාඨයන් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ සඳහා මහා සරස්වතී පුරාවෘත්තයට පුද කර ඇත.

උතුම් ශ්‍රී මහා සරස්වතී දේව මෑණියන් වහන්සේ පිලිබඳ චිත්‍රයෙන් විස්තර දැක්වීමේදී  ඕතොමෝ අත් අටක් නිරුපනය කරන අතර වීනාවක් දරමින් සුදු පහ නෙලුම් මලක් මත වැඩ හිඳ සිටිනු දැකිය හැක.
උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේගේ ධ්‍යාන ශ්ලෝකය “දේවි මහත්මය” හි පස් වන පරිච්ඡේදය ආරම්භයේදීම සඳහන් කර ඇත:

උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ නෙලුම් මල මත හිඳ සීනුවක්, ත්‍රිශුලයක්, නගුල් දතක්,       සංඛයක්, මුසුලක්‌, වක්‍රායුදයක්‌, දුන්නක් සහ ඊතලයක් සිටින ඕතොමෝ ප්‍රභාවත් වන්නේ වසන්ත අහසේ   
පුන් සඳ දිලුලන්නා මෙනි. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ උතුම් ගෞරියගෙන් උපන් අතර   
තුන් ලෝකයේ ස්ථිර පාදම ද වේ. අපි මෙලෙසින් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට අපගේ            උපහාරය දක්වන්නේ ඔබ වහන්සේ සුම්භ ඇතුළු අසුරයින් විනාශ කල හෙයිනි.

උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ තවත් හින්දු පුරාවෘත්තයක් වන “නවදුර්ගාස්” හිද සඳහන් වේ. උතුම් දුර්ගා නව ආකාර බව පැවසේ. උතුම් දුර්ගා දේව මෑණියන් නැගෙනහිර දිග ඉන්දියාවේ අති ප්‍රභල සහ තරමක් භයානක දේව මෑණියන් වහන්සේ නමක් ලෙසින් සැලකේ. මෙම ප්‍රදේශ වල ජනයා නවරාත්‍රි උත්සව සමයේ  විශේෂ සැමරුම් ඇත.

  •             මහවිද්‍ය නීල සරස්වතී
            නීල සරස්වතී දේව මෑණියන් වහන්සේ යනු  ටිබෙටයේ සහ ඉන්දියාවේ සමහර ප්‍රදේශ වල දේව මෑණියන් වහන්සේ නමක්‌ වන “මහවිද්‍ය ටාරා” දේව මෑණියන්ගේ එක ආකාරයක් බව සඳහන්වේ. නීල සරස්වතී දේව මෑණියන් වහන්සේ සම්ප්‍රදායික උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන්ට වඩා වෙනස් දේව මෑණියන්  වහන්සේ නමකි. නමුත් තාන්ත්‍රික සාහිත්‍යයේ දැනුමට සහ නිර්මාණශීලි ශක්තියට ඕතොමෝ අධිපති වේ. එක් හින්දු පාසලක විද්‍යාමානවීම් වලදැක්වෙන්නේ උතුම් ශ්‍රී නීල සරස්වතී දේව මෑණියන් වහන්සේ “උග්‍ර” (කිපුණු සුළු, චණ්ඩ, විනාශකාරී යන අදහස් ලබා දේ.) ලෙසිනි, නමුත් අනෙකුත් බොහෝ විද්‍යාමානවීම් වල දැක්වෙන්නේ උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ “සෞම්‍ය” ( සන්සුන්, කාරුණික, සාරවත් යන අදහස ලබා දේ.) ලෙසිනි. උතුම් ශ්‍රී නීල සරස්වතී දේව මෑණියන් වහන්සේ සඳහා තාන්ත්‍රික සාහිත්‍යයේ නාමයන් 100ක් පමණ භාවිත කර ඇත. උතුම් ශ්‍රී නීල සරස්වතී දේව මෑණියන් වහන්සේ වන්දනා මන කිරීම සඳහා වෙනම ධ්‍යාන ශ්ලෝක සහ මන්ත්‍ර “තන්ත්‍රසාර” හි සඳහන්ව ඇත. 



උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ සඳහා වෙන් වුනු දේවස්ථාන රාශියක් ලොව පුරා පිහිටා ඇත. එයින් විශිෂ්ට දේවාලයක් වන්නේ ගෝදාවරී නදි තෙරේ බසරෝන් හි පිහිටි ඥාන සරස්වතී දේවස්ථානයයි. වග්‍රල් සරස්වතී දේවස්ථානය සහ ශ්‍රී සරස්වතී ක්ශේත්රමු දේවස්ථාන තෙළංඟා හි මේදක් ප්‍රදේශයේ පිහිටා ඇත. තවත් බොහෝ සරස්වතී/ශාරදා බැතිමතුන් වන්දමාන කරන වැදගත් ස්ථානයක් වන්නේ කර්ණාටකයේ ශ්‍රීන්ගේරි ශරදඹ දේවස්ථානයයි.  කේරල ප්‍රාන්තයේ එරන්කුලං දිස්ත්‍රික්කයේ උතුරු පරාවුර් ප්‍රදේශයේ තවත් ප්‍රසිද්ධ ශ්‍රී සරස්වතී දේවස්ථානයක් පිහිටා ඇති අතර එය දක්ෂිණ මොකන්බික දේවස්ථානය උතුරු පරාවුර් නම් වේ. තමිල්නාඩුවේ තීරුවාරුර් සිට කිලෝමීටර 25ක් පමණ දුරින් කූතනුර් හි උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ උදෙසා වූ දේවස්ථානයක් පිහිට ඇත. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ “බ්‍රාහ්මණි” ලෙසින් හඳුනාගත් තවත් දේවස්ථාන රැසක් ගුජරාටි, හිමාචල් ප්‍රදේශ්, රාජස්ථාන් සහ ඉන්දියාවේ උතුරු ප්‍රදේශ වල පිහිටා ඇත.

බටහිර බෙංගාල ප්‍රදේශයේ උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ “වසන්ත් පන්චමි” නම උත්සවයේදී වන්දනාමාන කරති. හින්දු ජනයා මෙම උත්සවය සෑම වසරකම 5 වන දිනයේදී සමරති, එනම් පෙබරවාරි මාසයේදීයි. හින්දු ජනයා මෙම උත්සවය දේවස්ථාන වල, නිවෙස් වල සහ අධ්‍යාපනික ආයතන වැනි ස්ථාන වලදී මහත් භක්තියෙන් යුතුව සමරනු ලබති.

ගෝව, මහාරාෂ්ට සහ කර්ණාටක වැනි ප්‍රදේශ වල උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ උදෙසා පුද පූජාවන් ආරම්හ වන්නේ මහා සප්තමිහි සරස්වතී අව්හන් වලින් වන අතර එය අවසන් වන්නේ විජයදශමි සමග සරස්වතී උදාසන් හෝ විසර්ජන් වලිනි.

සරස්වතී පූජා නියමාවලිය (පඤ්චාංගය)
·         සරස්වතී පූජා අව්හාන් - මහා සප්තමි - ත්‍රිරත්න ව්‍රතන්, අන්ද්‍රා ප්‍රදේශයේ ඇරඹේ.
·         සරස්වතී පූජා (ප්‍රධාන පූජාව ) - දුර්ගාඅශ්ටමි
·         සරස්වතී උත්තර පූජා - මහනවමි
·         සරස්වතී විසර්ජන් හෝ උදාසන් - විජය දශමි
·         සරස්වතී කාර්තික් පුර්නිම, ගුජරාටයේ සිද්ධපුර් (ශ්‍රීස්තල්) හි පුරාණයේ පතන් රාජ්‍යය පාලනය කල සොලන්කි රජුගේ සමයේ සිට පවත එයි.

කේරලයේ සහ තමිල්නාඩුවේ නවරාත්‍රි උත්සවයේ අවසාන දින තුන වන අශ්ටමි, නවමි සහ දශමි “සරස්වතී පූජා” ලෙස නම කර වෙන්වන්නේ උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ උදෙසා පුද පූජාවන් පැවැත්වීම සඳහාය. උත්සවය ආරම්භ වන්නේ පූජා ව්‍ය්පු ( වන්දනාමාන සඳහා ස්ථාපනය ) කරමින්ය. පූජාව සඳහා පොත් අන්තර්ගත කිරීම අශ්ටමි දිනයේදී සිදු කෙරේ. එය නිවැසියන්ගේ නිවසක් වේවා, කුඩා ළමුන්ගේ පෙරපාසලක් වේවා, ප්‍රාදේශීය දේවස්ථානයක් වේවා, පොත් කියවීම සඳහා ගනු ලබන්නේ තෙවන දිනයේ (විජය ලක්ෂ්මි දිනයේ ) උදැසන වන්දනාමාන කිරීමෙන් පසුවය. එය නම් කරන්නේ “පූජා එඩුප්පු” (පූජාවෙන් ලබාගන්නවා) ලෙසින්ය. කුඩා ළමුන් මෙම දින වල තරමක් සතුටු වනුයේ ඔව්න්ගෙන් පාඩම් වැඩ අපේක්ෂා නොකරන බැවිනි. විජය දශමි දිනය කේරලයේදී සමරන්නේ “එස්හතින්නිරුතු” හෙවත් ලිවීම සඳහා ආරම්භය ලෙසින් කුඩා ළමුන් පෙරපාසල් ඇතුලත් කිරීමට පෙරය. මෙය "විද්‍යාරම්භාම්" ලෙසින්ද නම් වේ. මෙම දිනයේදී ළමුන් සහල් ඇතිරූ තැටියක දඹරගිල්ලෙන් වැඩිහිටියෙකු හෝ ගුරුවරයෙකු යටතේ පළමු වරට අකුරු ලියයි.

බුරුමයේ ක්‍රි.ව.1080 දී පමණ කරවූ බව සලකන ශ්වේසිගන් මොන් ශිලාලිපියේ උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේගේ නාමය පිළිබඳව පහත ආකාරයෙන් සඳහන් වේ.

            “ඥානය සහ කථිකත්වය සරස්වතී නම් වන අතර ශ්‍රී ත්‍රිභූවනදිත්යධම්මරාජ රජුගේ මුඛයේ වැජබෙයි.”
            -තැන් තුන් විසින් පරිවරිථනය කර ඇත.  

මියන්මාරයේ බෞද්ධ කලාවන්ගේ උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට “තුරතදී” (හෝ තයේතාදී) නාමයන් හඳුන්වා ඇත. මියන්මාරයේ සිසුන් ඔව්න්ගේ විභාග ආදීයට පෙර උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ වැඳ පුදා ආශීර්වාද ලබා ගනියි. මියන්මාරයේ මහායාන නිකායේ ධර්ම ග්‍රන්ථ ආරක්ෂා කරන උතුම් දේව මෑණියන් වහන්සේ ලෙසද උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ වැඳුම් පිදු ලබති.

කාම්බෝජයේ අන්ග්කොරිඅන් හි හින්දු ජනයා විසින් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට පුදා පූජා පවත්වනු ලැබේ. එය දස වන සියවස සහ එකොලොස් වන සියවසට අයත් යැයි සැලකෙන අභිලේකන වල සඳහන් වේ. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ සහ උතුම් ශ්‍රී බ්‍රහ්ම දෙවියන් වහන්සේ 7 වන සියවසයේ සිටම කාම්බෝජියානු අහිලේකන ශිල්ප වල සඳහන් වේ. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ කථනයට, ලිවීමට සහ සංගීතයට අධිපති වීම පිලිබඳ වර්ණනා කර සහ ප්‍රශංසා කර ඛ්මෙර් කවි ලියා ඇත. එම කවි වලින් උතුම් ශ්‍රී සරස්වතී දේවමෑණියන් වහන්සේටත් වඩා වර්ණනා කර තිබුනේ ඕතොමෝගේ ස්වාමියානන් වන උතුම් ශ්‍රී බ්‍රහ්ම දෙවිදුන්ය. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ යසොවර්මන් යුගයේ ඛ්මෙර් සාහිත්‍යයේ “වගිස්වරි” සහ “භාරති”  යන නාමයන්ගෙන්ද හඳුන්වා ඇත.

තායි පැරණි සාහිත්‍යයේ උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ කථනයට සහ ඉගෙනීමට අධිපති දෙවියන් ලෙසත්, උතුම් ශ්‍රී බ්‍රහ්ම දෙවියන්ගේ භාර්යාව ලෙසත් සඳහන් වී ඇත. තායිලන්තයේ හින්දු සහ බෞද්ධ දෙවිවරුන් එක ලෙසින්ම වන්දනාමාන කරනු ඇත. තායිලන්තයෙන් උතුම් ශ්‍රී සරස්වතී දේවමෑණියන්ගේ සහ අනෙකුත් ඉන්දියානු දෙවි දේවතාවන්ගේ ප්‍රතිමා හමු වී ඇත. යන්ත්‍ර (සුර ) සමග උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ සහ මොණරා ද තායිලන්තයෙන් හමු වී ඇත.

උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ ඉතා වැදගත් හින්දු දේව මාතාවකි. ඉන්දියාවේ හින්දු සාහිත්‍යය හා සමානවම ඉන්දුනිසියාවේත් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේගේ ප්‍රතිමාශිල්ප සහ ලක්ෂණ දැකිය හැක. ඉන්දුනීසියාවේද උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ ඥානයට, නිර්මාණශීලී කලාවට, ප්‍රඥාවට, හෂාවට ඉගෙනීමට සහ පාරිශුද්ධියට අධිපති දේව මාතාව ලෙස වැඳුම් පිදුම් ලබති. ඉන්දුනීසියාවේ වෙසෙන හින්දු ජනයා ඔව්න්ගේ ප්‍රධාන උත්සවයක් ලෙස සලකමින් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට පූජා උපහාර දක්වන්නේ සරස්වතී දිනයේදීය. එම දිනය “පවුකොන්” දින දර්ශනයේ 210 දිනට ආසන්නව යොදා ගනියි.

සරස්වතී දිනයේදී ජනයා මල් පූජා කිරීම සහ සුපරිශුද්ධ පාඨයන් දේවස්ථාන වලට පුජාකිරිම සිදු කරති. සරස්වතී දිනයට පසු දවස “බන්යු පිනරුහ්” නම් වන පවිත්‍රීකරන දිනයයි. මෙම දිනයේදී හින්දු ජනයා මුහුදට, පරිශුද්ධ දිය ඇලිවලට සහ ගංගාවන්ට ගොස්, ඒවා උතුම් ශ්‍රී සරස්වතී දව මෑණියන්ට පුද කර, උදැසනම බැතිමතුන් එම ජලයෙන් පවිත්‍ර වෙති. ඉන් පසුව ඔව්න් යම් යම් දේ බෙදා ගනිමින් “බෙබෙක් බෙටුටු” හා “නාසි කුනින්ග්” වැනි මංගල්‍යන් පවත්වති.

සරස්වතී දිනය උත්සවයන්ට ඉතා දීර්ග ඉතිහාසයක් පවතී. අසන්න දශක කිහිපයෙහිම මෙම උත්සවය ඉන්දුනීසියාවේ හින්දු ජනයා අතර වඩාත් දන්නා උත්සවය බවට පත් විය. එලෙසින්ම මෙම උත්සවය නාට්‍යාංග සහ නර්තන අංගයන්ගෙන් පිරි උත්සවයක් වේ.    


Tuesday, August 9, 2016

උතුම් ශ්‍රී පත්තිනි දේවමෑණියන් වහන්සේ

(මෙම ලිපිය විකිපීඩියා විශ්වකෝෂයේ සඳහන් තොරතුරු අනුව සිංහලයට පරිවර්තනය කල ලිපියකි. වැරදි ඇති තනි පෙන්වා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.)

උතුම් ශ්‍රී පත්තිනි දේව මෑණියන් වහන්සේ සිංහල විශ්වාසයන්ට අනුව ශ්‍රී ලංකාවේ උතුම් දේව මෑණියන් වහන්සේ නමකි. උතුම් ශ්‍රී පත්තිනි දේව මෑණියන් වහන්සේ බෞද්ධ සහ හින්දු බැතිමතුන්ගේ නොමද ගෞරවයට සහ වන්දනයට පාත්‍ර වේ. උතුම් ශ්‍රී පත්තිනි දේව මෑණියන් වහන්සේ සරුභාවයට සහ යහපත් සෞඛ්‍යයට අධිපති දෙවියන් වහන්සේ ලෙස සැලකෙයි. විශේෂයන්ම මසුරිකා, පැපොල හෙවත් දෙවියන්ගේ ලෙඩේනමෙන් හැඳින්වෙන රෝගයෙන් ආරක්ෂා කරන බව දැඩි විශ්වාසයයි. පුරාණ සිංහල ප්‍රවාදයන්ට අනුව පාන්ඩ්‍ය රාජ්‍යයේ අධර්මිෂ්ඨ ඇස් තුනක් සහිත පාලකයෙකුට එරෙහිව බෝධිසත්ව පත්තිනි, කන්නගි ලෙසින් ඉපද සිටියෝය. උතුම් ශ්‍රී පත්තිනි දේව මෑණියන් වහන්සේ ඉපද ඇත්තේ සක්‍ර දේවේන්ද්‍රයන් විදි හීයකින් කැපී වැටුණු අඹ එලයකින් බව විශ්වාස කෙරේ.

උතුම් ශ්‍රී පත්තිනි දේව මෑණියන් වහන්සේ කන්නගීගේ දෙවත්වාරෝපනයයි. ක්‍රි.පූ. 2 වන සියවසයෙන් පසුව ලියැවුණු දමිල වීරකාව්‍යයක් වූ ඉලන්ගෝ අදිගල් හි උතුම් ශ්‍රී පත්තිනි දේව මෑණියන් වහන්සේ ප්‍රමුඛ චරිතයයි. කෙටි කලකින් පසු එය ශ්‍රී ලංකාවටද හඳුන්වාදුන් අතර ශ්‍රී ලාංකිකයන් මුලින් නිමග්න කරගෙන ඇත්තේ කිරි අම්මාලෙසිනි. ඉතිහාසඥයින් සඳහන් කරන ආකාරයට ක්‍රි.පූ. 113- 135 කාලයේ රට පාලනය කල I වන ගජබාහු රජුගේ කාලයේ උතුම් ශ්‍රී පත්තිනි දේව මෑණියන් වහන්සේ හඳුන්වාදුන් බවයි. සිලපතිකාරම් හි දැක්වෙන පරිදි ගජබාහු රජුගේ අභිෂේකය උතුම් ශ්‍රී පත්තිනි දේවස්ථානය අභියසදී චෝර රජෙකු වූ සෙන්ගුත්තුවන් රජුගෙන් සිදු වූ බවයි.

උතුම් ශ්‍රී පත්තිනි මෑණියන් හට පහත සඳහන් සශ්‍රීක චාරිත්‍ර විධි අනුව උතුම් ගෞරවය පුද කරයි.
  • ·         ගම්මඩුව (ගම්හි පුනුරුප්පත්තිය)
  • ·         අංකෙලිය - උඩුපිල සහ යටිපිල ලෙස කණ්ඩායම් දෙකකට බෙදී කරන ක්‍රීඩාවකි
  • ·         පොරකෙලිය - පිල් දෙකක් බෙදී පොල් ගෙඩි වලින් අනෙක් පිලට දමා ගැසීම කරනු ලබයි.


සිංහල ජනයාගේ විශ්වාසය අනුව පැපොල සහ සරම්ප වැනි රෝග දෙවියන් විසින් ලබා දෙන දඬුවම් ලෙසින් සලකයි. සමහර අවස්ථා වලදී උතුම් පත්තිනි දේව මෑණියන්ට පුද පූජා පවත්වා සුවය ප්‍රර්ථනා කරයි. පවුලේ අයෙකුට මෙම රෝගය පැතිරුණු විටකදී උතුම් ශ්‍රී පත්තිනි දේව මෑණියන් උදෙසා කිරි අම්මා දානයන් දීම සිදු කෙරේ.

උතුම් ශ්‍රී පත්තිනි දේව මෑණියන් වහන්සේගේ ප්‍රධාන දේවස්ථාන ශ්‍රී ලංකාව තුල ව්‍යාප්තව ඇත. ඒවා පහටහ අයුරින් වේ.

  • ·         උදම්මිට - කොළවත්ත පත්තිනි මහා දේවාලය (නිට්ටඹුව සිට වේයන්ගොඩ දක්වා ඇති ප්‍රධාන මාර්ගයේ)
  • ·         මඩුල්ල - පුරාණ පත්තිනි මහා දේවාලය - රධිගේ වෙල, මඩුල්ල, උඩුපුස්සැල්ලාව (නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේට ආසන්නව)
  • ·         දැදිගම
  • ·         කඩුවෙල - පුරාණ රන්කඩු පත්තිනි මහා දේවාලය
  • ·         මාදුව පත්තිනි දේවාලය - වාර්ෂිකව ජුලි-අගෝස්තු කාලයේ මෙම දේවාලයේ උතුම් ශ්‍රී පත්තිනි දේව මෑණියන් උදෙසා උත්සව පැවැත්වේ.
  • ·         මහනුවර - උතුම් ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයට ආසන්නව නාථ දේවාලයට බටහිර දෙසින් පත්තිනි දේවාලය පිහිට ඇත.
  • ·         මුලතිවු - මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම පත්තිනි දේවාලය ලෙසින් සැලකේ. නුමුත් වර්තමානයේ එහි කිසිදු නටබුනක් දක්නට නොමැත.
  • ·         මැදගොඩ (සීතාවක)
  • ·         නවගමුව දේවාලය - නවගමුව දේවාලය I වන රාජසිංහ (ක්‍රි.ව. 1581-1593) රජු විසින් කරවූ බව කියවේ. මෙම නවගමුව දේවාලය කොළඹ සිට අවිස්සල්වෙල්ලට ගමන් කරන ලෝලෙවල් මාර්ගය ආසන්නයේ පිහිටා ඇත. නවගමුව දේවාලය උතුම් ශ්‍රී පත්තිනි දේව මෑණියන් වහන්සේට පුද පුජා පවත්වන ප්‍රමුඛ දේවාලයකි.
  • ·         පානම - අරුගම්බේ සිට  කිලෝමීටර 15 ක් පමණ දකුණු දෙසින් පිහිටා ඇත. මෙම පුද බිම අන්කෙලිය පුජවිධිය පවත්වන ඉතා අල්ප ස්ථාන වලින් එකකි.
  • ·         රත්නපුර - රත්නපුරයේ ශ්‍රී සමන් දේවාලය ආසන්නයේ ශ්‍රී පත්තිනි දේවාලය පිහිටා ඇත.
  • ·         සීනිගම (හික්කඩුව) - මෙහි මුලින් උතුම් ශ්‍රී පත්තිනි දේව මෑණියන් උදෙසා පුද පුජා පැවැත්වූ අතර දැන් ප්‍රධාන ලෙසම උතුම් ශ්‍රී දෙවොල් දෙවියන් හට පුද පුජා පවත්නා සහ උතුම් ශ්‍රී දෙවොල් දෙවියන් වන්දනා මාන කරන පුද බිමකි.      
  • ·         විල්බාව (කුරුණෑගල)
  • ·         කබුළුමුල්ල - උතුම්  ශ්‍රී පත්තිනි දේව මෑණියන් උදෙසා ඇති දේවාල වලින් ශ්‍රේෂ්ඨ “පත්තිනි සළඹ” දක්නට ඇති ප්‍රධාන දේවාල සතරෙන් මෙය එක් දේවාලයකි. මෙම දේවාලය I වන රාජසිංහ රජු විසින් ක්‍රි.ව. 1582 දී කරවූ බව කියවේ. මෙම උතුම් දේවාලයට කොළඹ - හැටන් මාර්ගයේ අවිස්සාවේල්ලේ සිට හැටන් දෙසට කිලෝමීටර  15 ක් පමණ ගමන් කරන විට ලඟා විය හැක.     
පහත සඳහන් බ්ලොග් ලිපිනයෙන් උතුම් ශ්‍රී පත්තිනි මෑණියන්ගේ උපත පිලිබඳ තොරතුරු අඩංගු වේ.
http://swarnama.blogspot.com/2016/04/blog-post_10.html







Friday, August 5, 2016

උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ

(මෙම ලිපිය විකිපීඩියා විශ්වකෝෂයේ සිංහල ලිපියකි. විකිපීඩියා හි තිබු එම ලිපියම අර්ථයට හානි නොවන සේ සුළු වෙනස්කම් කිහිපයක් සමග සම්පාදනය කර ඇත. මෙහි යම් වැරද්දක් හෝ අඩුපාඩුවක් වේ නම් එය පෙන්වා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.)
උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ (සංස්කෘත උච්චාරණය : [ vɪʂɳu ] ; සංස්කෘත : विष्णु , Viṣṇu ) හින්දු, වඩාත්ම සැලකිය යුතු දේවතාවන්ගෙන් කෙනෙකි. ඔව්න් වහන්සේ වෛශ්ණවවාදය අනුව ශ්රේෂ්ඨත්ම් දෙවියන් Svayam Bhagavan ( හින්දු ආගමේ ප්රධාන නිකායන් එක් ) වේ. උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ නාරායන හා හරි ලෙස ද හැඳින්වේ.මෙම ස්මාර්ත සම්ප්‍රදාය තුළ දෙවියන් වහන්සේගේ මූලික ආකාර පහ අතරින් එකක් ලෙස , ඔහු " ආරක්ෂකයාණන් හෝ ආරක්ෂකයා " ලෙස තේරුම් ඇත. හින්දු පූජනීය පෙළට, උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ  සාමාන්යයෙන් ජලය පිරවූ වලාකුළු අඳුරු ස්වරූපයක් සහිත හා අත් හතරක් සහිත ලෙස අයෙකු විස්තර කෙරේ. සුදුමැලි නිල් ද ලෙස විස්තර කර ඇත .
උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් (ශ්‍රී විෂ්ණු) හෙවත් නාරායන හින්දු දහමේ උතුම්ම දෙවියා වන අතර අදිවාත හෝ ස්මාර්ත සම්ප්‍රදායන්ට අනුව මහා බ්‍රහ්මයාගේ විද්‍යාමාන ස්වරූපයයි. මහා බ්‍රහ්ම දෙවියන් වහන්සේ මෙන්ම උතුම් ශිව දෙවියන් වහන්සේ ද එතුමාම බව ලොව සියලු දෙනාම එක් අයෙකු තුලින් විද්‍යාමානවන බව කියැවෙන 'පරමාත්ම'(පරම+ආත්ම=පරමාත්ම:-සියලුම ආත්මවල මූලය= Super soul) සංකල්පයෙන් දැක්වේ. ලොව සියලු දෙනාගේම ස්වරූපය එතුමා තුලින් දැකිය හැකිය. ආදීතම පුරුෂයාද වෙයි.සර්ව ව්‍යාපී බැවින් එතුමන් විශ්වය පුරාම ව්‍යාප්තව සිටියි. විෂ්ණු සහස්‍රනාම ග්‍රන්ථයේ උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් යනු සියළු සත්වයාගේ ජිවන සාරය වන අතීතය, වර්තමානය හා අනාගත කාලයන්හි පාලකයා, සියළුම පැවැත්මේ නිමැවුම්කරුවා හා විනාශකරු හා විශ්වය පාලනය කරන,සර්වබලධාරී එකම දෙවියන්,මෙන්ම එහි පවතින සියළු දේ නිර්මාණය හා වැඩීම පාලනය කරන්නා වේ. ස්වාභාව ධර්මයේ අඛණ්ඩ චක්‍රාකාර ක්‍රියාවලිය එතුමාගේ දබර ඇඟිල්ල මත භ්‍රමණය වන සුදර්ශන් චක්‍රය මගින් සංකේත්වත් කෙරේ.එම ක්‍රියාවලිය කිසිදා අවසන් නොවන බැවින් එය සිදුකරන එතුමාද කිසිදා නොනැසෙන නිසා 'අවිනාශ්' ලෙසින් එතුමා හැඳින්වේ. මෙම චක්‍රය ස්වාභාව ධර්මයේ චක්‍රය හෙවත් ධර්ම චක්‍රය වේ. එය ඉන්දීය ජාතික ධජයටද යොදා තිබේ. පුරාණ ග්‍රන්ථයට අනුව උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් තද නිල් පැහැති, අත් සතරක් සහිත, නෙළුම් මලක්, යගදාව හෙවත් ජයකොන්තය, හක්ගෙඩිය හා සුදර්ශන් චක්‍රය දරා සිටින්නෙකි. භගවත්ගීතාවට අනුව උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් යනු මුළු විශ්වයම වන අතර සාමාන්‍ය මනුෂ්‍ය ඇසට හා ඥාණයට හසුනොවන මානයේ පවතී. යුදෙව්,කතෝලික හා ඉස්ලාම් දහම්වල සඳහන් සර්වබලධාරී දෙවියන් වහන්සේ වෙන කිසිවෙකු නොව විවිධ නම් රාශියක් ඇති අති උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්මය. නමුත් ඔව්හූ එය නිවැරදිව නොදනිති. සාමන්‍යයෙන් එතුමාට එක් නිශ්චිත ස්වරූපයක් නොමැති බැවින්, මුලු විශ්වය තුලම පරමාත්මය ලෙස සිටින බැවින් එතුමාගේ ප්‍රතිමා නිර්මාණය කල නොහැකිය. නමුත් වන්දනයේ පහසුව උදෙසා හින්දූන් ප්‍රතිමා නිමවා ඇත. භගවත් ගීතාවට අනුව එතුමන් විශ්ව රූප දර්ශනය ලෙස කුරුක්ෂේත්‍රයේදී අර්ජුන්හට දර්ශනය වූහ. විශ්ව රූප දර්ශනය(Universal Form) යන්නෙන් අර්ථවත් වන්නේ සියලු මනුෂ්‍යයන් එතුමාම බවයි. සියලුදෙනා තුලම සියලුදෙනාගේම හදවත් තුළ එතුමන් වාසය කරන බවයි. මෙය විරාට් රූප් වශයෙන්ද හඳුන්වනු ලැබේ.
උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වාසය කරනුයේ මුලු විශ්වයේම ය. ප්‍රධාන වශයෙන් එතුමන්ගේ ස්වරූප 3ක් පවතී. ක්ෂීරෝදකක්ෂායී විෂ්ණු,කර්ණෝදකක්ෂායී මහා විෂ්ණු හා ගර්භෝදකක්ෂායී විෂ්ණු වශයෙනි. මින් ක්ෂීරෝදකක්ෂායී විෂ්ණු ස්වරූපයෙන් ක්ෂීර සාගරය හෙවත් ක්ෂීරපථය නැමැති අපගේ මන්දාකිණියේ වාසය කරයි. එතුමාගේ වෛකුණ්ඨ විමානය මුලු විශ්වය පුරාම පැතිර පවතී. විශ්වය තුල එතුමාගේ මුල්ම පහලවීම පිළිබඳව කතාවකට අනුව, මහා විශ්ව සාගරයේ ස්වයංභූව-තමාම බීජයක් මගින් පහලවී ක්‍රමයෙන් ප්‍රසාරණය වී දහසක් හිස් ඇති නාගරාජයා සෙවනේ නිද්‍රෝපගතව සිටින අතර, තම නාභියෙන් අංකුරයක් මැවූ අතර ඉන් හටගත් නෙලුම් මලෙහි මහා බ්‍රහ්ම තෙමේ පහල විය. ත්‍රිමුර්ති සංකල්පයෙන් උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ විශ්වයේ පැවැත්ම පිළිබඳ වගකීම දරන අතර අනෙක් කාර්යයන් වන මැවීම හා විනාශය බ්‍රහ්ම හා ශිව දෙවියන්ට අයත් වේ.
උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් හින්දු දෙවියෙකි. ධර්මයේ ආරක්‍ෂකයා ය​. නිල් පැහැති සමක් හා අත් සතරක් ඇත​. රථය ගරුඬා ය​. පංචජන්‍ය නම් ශංඛය, සුදර්ශන් චක්‍රායුධය, යගදාව හා නෙලුම් මල අත් සතරින් දරයි. මහානුභාව සම්පන්න මැණිකක් වන කෞස්තුභ මාණික්‍ය ගෙල පැලඳ සිටී.පපුවේ ශ්‍රී වත්ස නම් කෙස් රොදක් වෙයි. පතිනිය වන උතුම් ශ්‍රී ලක්ෂ්මී දේවිය උරයේ වාසය කරයි.
ශ්‍රී විෂ්ණු අවතාර(මනුලොව උපත ලැබීම්)
උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ අවතාර පිළිබඳ තොරතුරු අඩංගු වන්නේද, ‘පුරාණග්‍රන්ථයේය. උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ අවතාර (අවතාර ලෙසින් හැඳින්වූවද මනුලොව උපත ලැබීම්‍ ය. සාමාන්‍ය අර්ථයෙන් අවතාර නොවේ.) හෙවත් ඉපදීම් 10 ක් සඳහන් වන අතර එයින් 9 ක් අතීතයේ පහළ වු අතර කලි යුගය අවසානයේදී අනෙක් අවතාරය හෙවත් කල්කී පහළ වේ. ඇතැම්හූ කිල්කී යනු දුටුගැමුණු රජතුමා ලෙසද දක්වති. මෙම උපත ලැබීම්වල අරමුණ වන්නේ අධර්මය විනාශ කර ධර්මය නැවත පිහිටුවීමයි. ස්ථාපිත කිරීමයි. අයුක්ති සහගතව පාලනය කරන රාජ්‍ය පාලකයන් ඉවත් කිරීමත් එම ඉපදීම්වල අරමුණ වේ. සියළුම සන්තාන ධර්මයන්හි උත්ම් ශ්‍රී විෂ්ණු වන්දනාව සිදු කරන අතර එය සෘජුව හෝ ඔහුගේ අවතාර වන රාම, ක්‍රිෂ්ණා, වරාහ හා නරසිංහ ආකාර තුළින් විය හැක. නමුත් මීට අමතරව සෑම යුගයකම විවිධ ස්වරූප වලින් එතුමා අනන්ත අප්‍රමාණ වාරයක් මනුලොව උපත ලබා ඇති බව කියැවේ. අද යුගයේත් එතුමාගේ අංකුරයන් මනුලොව උපත ලබා සිටිය හැකිය. පුරාණිකයන්ට අනුව මේ මහා යුගයේ දී උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් ප්‍රධාන අවතාර දහයකින් පොළොව මත පහළ වෙයි. දැනට අවතාර නවයක් පහළ වී ඇති අතර තව එක් අවතාරයක් පහළ වීමට නියමිත ය​.
මත්ස්ය අවතාරය
මීට වර්ෂ ලක්ෂ ගණනකට පෙර මුලින්ම ලොව බිහිවූ ආර්‍ය පුරුෂයා ලෙස බයිබලයේ දැක්වෙන ආදම් (ආදම්=ආදීතම පුරුෂයා යනු මෙහි අරුතයි) බිහිවූයේ දෙවියන් වහන්සේ ගේ (උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ) අංකුරයක් ලෙසිනි. ඉන් අවුරුදු 1000කට පමණ පසු සත්වන මනුරජුගේ කාලයේදී ලෝකයෙහි අධර්මය රජවී පාපය, අයහපත බලපැවැත්වුණු බැවින් දින ගණනාවක්ම මහ වැසි ඇදහැලී මහා ජලගැල්මක් ඇතිවිය. මෙය උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් විසින් සිදු කරන ලද්දකි. ලෝකය ජලයෙන් යටවී ගොස් සියලු ජීවීන් විනාශ වන අතර ධාර්මික මනු රජු හා සප්ත ඍෂීවරුන් ආරක්ෂා කල යුතු යැයි උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් තීරණය කලේය. මනු රජු හා සප්ත ඍෂීවරුන්ට නැවකට නඟින ලෙස පැවසූ උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් දැවැන්ත මත්ස්‍යයෙකුගේ ස්වරූපයෙන් පැමිණ නැව ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන ගියේය. මෙය බයිබලයේ සඳහන් වන ලෝකය ආරම්භ වීමෙන් පසුව නෝවාගේ කාලයේ ඇතිවූ මහා ජලගැලීමේ කතාවට සමාන බව විද්වතුන්ගේ මතයයි. නම් වෙනස් වූවද එය එකම සිදුවීම බව ඔවුන්ගේ මතයයි.
(නොකඩවා වැසි ඇද හැලෙන්නට වුනු සමයක් , සත් සමුදුරුම කැලැඹිලා රළ වියරු වුනු සමයක්, වට වැසි , ජලය, කරදිය එක්වෙලා ගම් බිම් වසාගනිමින් සමස්ත පෘතුවියම ජලයෙන් යටපත් වන්නට ගිය සමයක්, සිදුවන අනතුර ගැන ලොව පහළ වූ පළමු මනුෂ්යයා වන මනු ට දැන්වූ උතුම් ශ්‍රී විෂ්ණු දෙවිදුන් මත්ස්ය වේශයකින් ලෝකයේ පහළ වෙනවා , ඉනික්බිති බල සම්පන්න නෞකාවක ස්වරූපයක් නිර්මාණය කරන එතුමන් මත්ස්ය වේශයෙන් ඒ නෞකාව හිසින් ඇදගෙන පැමිණ මනු සහ ඔහුගේ පවුලත් , සප්ත මහා සෘෂීහුනුත් නැවට නංවා ලෝකය වනසාලූ රුදුරු ජල ගැල්මෙන් බේරා ගනු ලබනවා.)
කුර්ම අවතාරය
එක් කාලයක දුර්වාශස් නම් ඍෂීවරයා ශක්‍රයාට (ඉන්ද්‍ර දෙවියන්) ත්‍යාගයක් ලෙස දුන් මල්මාලයක් ඔහු ක්‍රීඩා කිරීම පිණිස ඓරාවණ නම් දිව්‍යමය හස්තියාට දුන්නේය. මේ ගැන කිපුණු ඍෂීවරයා සියලුම දෙවිවරුන්ගේ බලය පිරිහෙත්වායි ශාප කළේය. එය එසේම සිදුවූ අතර අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් මහා බලි නැමැති අසුරයා සේනාව රැගෙන ඉන්ද්‍ර දෙවියන්ගේ තලය (Plane) වන ස්වර්ග ලෝකයේ අමරාවතී පුරය අල්ලා ගැනීමට පැමිණියේ ය. තමන් පරාජයට පත්වන බව දත් සුරයෝ (දෙවියන්) උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් හමුවට ගොස් පිහිට පැතූහ. දිවැස් ලා බැලූ උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ට ක්ෂීරසාගරය කලඹා අමෘතය ලැබ පානය කිරීමෙන් මිස දෙවියන්හට බලවත් විය නොහැකි බව පෙණුනි. ක්ෂීරසාගරය කැලඹීම සුරයන්ට පමණක් කල නොහැකි නිසා අසුරයන් සමඟ සමගියෙන් ක්ෂීරසාගරය කලඹවා ලබා ගන්නා අමෘතය හරියට දෙකට බෙදා ගන්නා ගිවිසුම පිට අසුරයන්ද කැමති කරවා ගත්හ. සුරයන් (දෙවියන්) හා අසුරයන් (දෙවියන්ට විරුද්ධ අර්ධ දේව ගණයක්) යන දෙපක්ෂය එක්ව මහාමේරු පර්වතය දණ්ඩක් ලෙස රැගෙන අනන්ත නම් නාග රාජයාගේ සහෝදර වාසුකී නාග රාජිණිය රැහැනක් ලෙස අගට යොදා ක්ෂීරසාගරය කලඹන්නට තීරණය කලහ. නාගයාගේ හිස පෙදෙස අසුරයන්ද වලිග පෙදෙස සුරයන්ද ගෙන මහත් වේගයෙන් වර්ෂ 1000ක්ම කැලඹූහ. දණ්ඩෙහි භ්‍රමණ වේගය නිසා සක්වල රත්වූ අතර සත්වයෝ මරුමුවට පත්වූහ. ඉන්ද්‍ර දෙවියන් නිතරම වැසි වැස්වූ බැවින් දෙරණ ගිණි ගැනීම වැලකිණි. වාසුකීය ද මහත් පීඩාවට පත්වූවාය. හේ සිය මුවින් විෂ දහරක් එවීය. ඉන් ලෝකය නැසෙනු දුටූ උතුම් ශ්‍රී ශිව දෙවිඳුන් වහා එය ගිල ගත්තේය. විෂ නිසා ඔහුගේ ගෙල නිල් පැහැ විය.
ඉන්පසු මහාමේරු පර්වතය ක්ෂීරසාගරයේ එරෙන්නට වූයෙන් ඇල්ලීමට අපහසු විය. උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් කුර්ම හෙවත් ඉබ්බෙකුගේ ස්වරූපයෙන් පැමිණ ක්ෂීරසාගර පතුලට බැස මහාමේරු පර්වතය ඔසවා ගත්තේය. මෙවිට සියල්ල සාර්ථකවී පලමුව හලාහල විෂ මතු විය. එය උතුම් ශිව දෙවිඳුන් පානය කල බැවින් ඔව්න්වහසේගේ ගෙල නිල් පැහැ වූ බව එක් මතයකි. ඉන්පසු කල්ප වෘක්ෂයද,කෞස්තුභ මාණික්‍යයද, ඉන්පසු සුරභිධේනුවද, ඓරාවණ හස්තියාද, උතුම් ශ්‍රී  ලක්ෂ්මී දේවියද පහල වූවාය. අනතුරුව අමෘතය රැගත් ධන්වන්තරී නම් දේවතාවාද පහල විය. ඔහු අමෘතය රැගත් බඳුන රැගෙන වේගයෙන් යන්නට වූ අතර සුරයින් හා අසුරයින් අමෘතය ලබා ගන්නා අටියෙන් ඔහු පසුපස ලුහුබැඳ යන්නට වූහ. ඔහුගෙන් අමෘත බඳුන උදුරාගත් අසුරයෝ වේගයෙන් පලාගියහ. දෙවිවරු සිදුවූ දේ විෂ්ණු දෙවිඳුන් හමුවට ගොස් දැන්වූහ. ඔවුන් අස්වසාලූ උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් සුන්දර ස්ත්‍රී රුවක් මවා (මෝහිණී ස්වරූපය) අසුරයන් වෙත යැවූහ. අමෘතය බෙදා ගැනීමට අසුරයන් අතරද කලහ ඇතිවිය. සුන්දර රූමත් තරුණිය ලෙස පැමිණි උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් ඔවුන් මුලා කොට අමෘතය ඔවුන්ගෙන් ලබාගත්හ. මෙම කතාවෙන් සංකේතවත් වන්නේ අතීතයේ ක්ෂීරපථය වේගයෙන් භ්‍රමණය වීමෙන් සිදුවූ කිසියම් විපර්යාසයක් විය හැකි යැයි නූතන විද්වතුන්ගේ මතයයි.
2 වන මතය - ලොව වනසාලපු ඒ රුදුරු ජල ගැල්මෙන් ලොව පැවති සියලු මහානුභාව වස්තූන් සයුරට ඇදී යනවා , දෙවියන්ට හිමිව තිබූ මහානර්ඝ වස්තුව වුනු අමුරුත පවා මේ වස්තූන් එක්ක මේ වස්තූන් සමග සයුර තුල සැගවී යනවා. දිගු කලක පටන් සුරයන් සමග යුද්ධ කරමින් හුන් අසුරයින්ට දෙවියන් සතුව තිබූ මේ මහානර්ඝ වස්තුව නැතිව යාමෙන් අති මහත් සතුටට පත් වෙනවා , ඔවුන් සුරයන්ගේ බලය අඩු වන බව දැන සුරයන්ට නොබියව තාඩන පීඩන කරන්නට වෙනවා , මෙම ගැහැට ඉවසාගත නොහී සුරයෝ තමන්ව ගලවාගන්නා මෙන් උතුම් ශ්‍රී විශ්ණු දෙවිදුන්ගෙන් ඉල්ලීම් කරනවා . ඉනික්බිති උතුම් ශ්‍රී විශ්ණු දෙවිදුන් උතුම් ශිව දෙවිදුන් සමග එක්ව මන්දිර පව්ව ගලවා වාසුකී නම් නා රජු ඒ වටා ඔතා තෙමේ කුර්මාවතාරයෙන් පහලව කිරි සයුරේ ගිලී මන්දිර පව්ව පිට මත තබාගෙන වාසුකීගේ වල්ගයෙන් හා හිසින් අදිමින් ඉදිබු වේශයෙන් මන්දිර පව්ව සොලවමින් සුරයෝ කලඹන්නට වූහ , ඒ හේතුවෙන් රළ පෙළ සගවා තබා ගත් ඒ මහානර්ඝ වස්තූන් මතුවන්නට වූවා , කල්ප වෘක්ෂය , සුරබිදෙන , උතුම් ශ්‍රී ලක්ශ්මිය , හලාහල විෂ වැනි ඒ වස්තූන් සමග අමුරුතයත් මතු වෙනවා , ඒ ලැබීමෙන් සුරයන්ට අසුරයන් පරදා ජය ගන්නට හැකි වෙනවා
වරාහ අවතාරය
වරක් හිරණ්‍යාක්ෂ නම් අසුරයෙක් නැවත පෘථිවිය ක්ෂීරසාගරය තුලට හෙලුවේය. විශාල සූකර වේශයක් මවා ගත් උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් අසුරයා මරා සිය දළ දෙක මත තබා පෘථිවිය නැවතත් මතු කළේය. මෙයින් අදහස් වන්නේද අතීතයේ සිදුවූ ජලගැලීමක් විය හැකිය. හිරණ්යාක්ෂ නමින් බලවත් අසුරයෙක් මහ පොලොව සමුදුර පතුලට හෙලූ අතර එයින් සමුදුරෙහි රළ පෙල නැගී අවුත් මුලු ලොවම බිලිගන්නට සැරසුණි,උතුම් ශ්‍රී විෂ්ණු දෙවිදුන් වරාහ අවතාරයෙන් ( සූකර වේශයෙන් ) ලොව පහල වී එම රුදුරු අසුරයා සමග සටන් කොට දළින් ඇන ඔහු මරා ඉනික්බිති සිය දළ මතුපිට තබා පොළොව මතුකොට මහත්වූ ජලස්කන්ධයෙන් ලොව ගලවා ගති, මුඛ්‍ය අර්ථය කොහොම වුනත් මේ කතා පෙළ සංකේතාර්ථයෙන් ගොඩක් ගැඹුරු අරුත් පවතිනවා.
නරසිංහ (නෘසිංහ) අවතාරය
කාෂ්‍යප ඍෂීවරයාට අදිති ගෙන් උපන් හිරණ්‍ය කාෂ්‍යප නම් බලවත් අසුර රජෙකු වූ අතර ඔහු උග්‍ර තපසක් රැක, දෙවියන්, මිනිසුන් තිරිසනුන්ට හෝ රෑ,දවල් හෝ ගෙදරදී පිටතදී හෝ අවියකින් හෝ විෂකින් හෝ තමාව නැසිය නොහැකි ලෙසට උතුම් මහා බ්‍රහ්මයාගෙන් වරයක් ලබාගත්තේය. ඔහුගෙන් ගැලවීමක් ලබා දෙන ලෙස සියලු දේවතාවෝ උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් හමුවට ගොස් ඉල්ලූහ. උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් සිය චක්‍රායුධය හිරණ්‍යගේ පුතු ලෙස ඉපදවීය. හෙතෙම ප්‍රහ්ලාද නම් විය. ඔහු නිතර උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් නමදින්නට වූ අතර පුතුගේ විෂ්ණු වන්දනාව වළක්වන්නට නොහැකිව හිරණ්‍යට ඉවසුම් නැති විය. හේ දිනක් මෙහි තා ගේ දෙවියා සිටීදැයි පවසා මාලිගයේ වූ විශාල කුලුණක් අසිපතක් ගෙන දෙකඩ කළේය. කණුව තුල සිංහ හිසක් සහිත අර්ධ මිනිසෙකු ලෙස නරසිංහ වේශයෙන් උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් සිටියේය. උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් පැමිණ ඇති බව දැනගත් හෙතෙම මඳක් තැති ගෙන පසුබැස එළිපත උඩට පලාගියේය. එය හිරු බැස යන වේලාව විය. ඔහුගේ ඇඟට කඩා පැන්න නරසිංහ සිය තියුණු නියපොතු වලින් හිරණ්‍යගේ ශරීරය ඉරා ඔහු මරා දැමීය. නරසිංහ යනු මනුෂ්‍යයෙකු හෝ දෙවියෙකු නොවූ බැවින්ද එතැන මාලිගය තුළ හෝ පිටත නොවූ බැවින්ද වේලාව රැය හෝ දහවල නොවූ බැවින්ද හිරණ්‍ය කාෂ්‍යප මැරීමට හැකිවිය.
වාමන් අවතාරය
බලි නම් අසුරයා ලෝකය තමා වෙත නතුකොට ගෙන උග්‍ර තපස් රැකීමෙන් හා ඍද්ධි බලයෙන් කෙතරම් බලසම්පන්න වූයේද යත් දෙවියන්ට පවා ඔහු ඉමහත් තර්ජනයක් විය. වාමනයෙක් හෙවත් මිටි පුද්ගලයකු ලෙස බමුණු පවුලක උපත ලැබූ උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් ඔහු වෙත ගොස් තමාගේ තුන් අඩියක් වැසෙන තරම් භූමි ප්‍රමාණයක් දෙන ලෙස ඉල්ලීය. ඔහුගේ උපදේශක ශුක්‍රාචාර්ය එය නොදෙන ලෙස කියා සිටියත් බලි එය ලබා දුනි. මෙතෙක් කලක් තම දෙමාපියන්ට පවා විහිලුකාරයෙකු ලෙස පෙනුණු මිටි තරුණයා එක්වරම යෝධ ආරෝහ පරිණාහ දේහධාරී පුරුෂයෙකු ලෙස විශාල රූපයක් මවා ගත්තේය. එවිට පොළොව හා ඒ අතර වාතස්කන්ධය ද තුන් අඩියෙන් වැසී ගියේ ය. දැන් මා මීළඟ පියවර තබන්නේ කොහිදැයි යෝධ තරුණයා බලිගෙන් ඇසීය. වෙනත් තැනක් නැත්නම් මාගේ හිස මත තබන්නැයි මේ අරුම දර්ශනය දැක සිහි විකල්ව ගොස් සිටී බලි පැවසීය. උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් සිය යෝධ දෙපා වලින් ඔහුගේ හිසත් සමගම පාතාල ලෝකයට තල්ලු කර දැමීය.
බලි නම් රජු මහා තපසකින් අති සුවිශේශී සෘධි බලයක් උපදවා ගන්නට සමත් වෙනවා , මේ අසමසම බලය නිසා මහත්සේ උදම් වන බලි සිතූ මනාපයට අධර්මවාදී වන්නට වනවා, දෙවියන්ට පවා බලි මේ ලබලා තිබුණු අසීමිත බලය මහත් ගැහැටක් වෙනවා නමුත් බලි ලබලා තිබුණු අසීමිත බලය හේතුවෙන් ඔහුට එරෙහිව සටන් වදින්න දෙවියන් පවා බිය වනවා , කොහොම වුනත් මීට කදිම උපායක් භාවිතා කරන උතුම් ශ්‍රී විෂ්ණු දෙවිදුන් ඉතාමත්ම මිටි පුද්ගලයෙකුගේ නොහොත් වාමනයෙක් වන් ස්වරූපයකින් ලෝකයේ පහල වෙනවා , ඉන් පසු ඔහු බලි රජුව හමුවීමට යනවා , බලි රජු ඒ කාලයේ එක්තරා යාගයක් පුරමින් හුන්නේ, ඔහු ලගට පැමිණ යමෙක් යමක් ඉල්ලයිද , බලි රජු නිසැකයෙන්ම එය ඔහුට ලබා දෙනවා... මේ කියන වාමනාවතාරයෙන් පහල වුණු උතුම් ශ්‍රී විශ්ණු දෙවිදුනුත් බලි හමුවට යනවා, ඔහු ඉල්ලනවා තමන්ගේ අඩි තුනක් වැසෙන පරිදි බිම් කඩක් ඔහුට ලබලා දෙන්න කියලා, ඒ අහලා සිනහවෙන බලි රජු ඔහුට ඕනෑම තමන් කැමති තැනකින් අඩි තුනක් වැසෙන බිම් ඉඩක් ලබා දෙන්න පොරොන්දු වෙනවා... එසැනින් මේ කුරු වාමනයා මහා යෝධයෙක් වන්න ගන්නවා , අහසත් පොලොවත් වාතස්කන්ධයත් තම තුන් පියවරින් වසාලන වාමන අවසානයේ බලි රජුට පාතාලය හැරුණු කොට යන්නට වෙන තැනක් නොමැති කරනවා
පර්ශුරාම අවතාරය
පර්ශුරාම යනු පර්ශු නැමැති පොරොව අතින් ගත් තැනැත්තා යන අරුතයි. දමදග්නි බ්‍රාහ්මණයාට පුත්ව උතුම් ශ්‍රී විෂ්ණු දෙවිදුන් පරශුරාම නමින් ලොව පහළ වෙනවා , අධාර්මිකයෙකු වූ කාර්තකවීර්ය රජු දමදග්නි බ්‍රාහ්මණයා සතු සියලු වස්තුව පැහැරගත් බැවින් පරශුරාමාවතාරයෙන් පහලව අධාර්මික කාර්තකවීර්ය රජු මරා දමනවා , ඉනික්බිති කාර්තකවීර්ය රජුගේ දුෂ්ඨ කුමරුන් දමදග්නි බ්රාහ්මණයා මරා දමනවා , කෝපාවිෂ්ඨ පරශුරාමයන් ක්ෂ්ත්‍රීය කුළයේ පුරුෂයන් පිට පිට විසි එක් වතාවක් මරුමුවට පත් කරනවා, හින්දු දේව ඇදහීම් අනුව පරශුරාම අති ප්‍රබල චරිතයක්. පර්ශුරාම් අදටත් ශ්‍රී විෂ්ණු ව්‍යාප්තියක් ලෙස ඍෂිවරයෙකු, මුණිවරයෙකු වශයෙන් හිමාලය අඩවියෙහි වාසය කරන බවට මතයක් ඇත. මොහු රාම කුමරුගේ යුගයේදී රාම-සීතාගේ ස්වයංවර මංගල්‍යය අවස්ථාවේදී හදිසියේ පැමිණියේ රාම කුමරුන් විසින් ශිවගේ දුන්න බිඳ දැමීම නිසාය.
රාමාවතාරය
පුලස්ති නම් ඍෂිවරයාගේ විශ්‍රවස් නම් බමුණාහට කෛසී නම් රාක්ෂස ගෝත්‍රයට අයත් බිසවගෙන් රාවණ, විභීෂණ, කුම්භකර්ණ නම් පුතුන් තිදෙනෙක් හා සුපර්ණකා නම් දියණියක්ද එකවර උපත ලැබූහ. විශ්‍රවස් බමුණාගේ දේවමර්ණි නම් බිසවට ලැබුණු වෛශ්‍රවණ නම් පුත්‍රයාට හිමිව තිබූ ලංකාවේ රාජ්‍යත්වය බලහත්කාරයෙන් පැහැරගත් රාවණ, උග්‍ර තපස් රැක කිසිදා නොමැරෙන අමරණීයවන වරයක් මහා බ්‍රහ්මයා වෙතින් ලැබීය. අනතුරුව ඔහුගෙන් දෙවියන්ට පවා හිංසා පීඩා තර්ජන එල්ල විය. දෙවිවරු උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් වෙත ගොස් පැමිණිලි කළහ. හෙතෙම රාම කුමරු ලෙස අයෝධ්‍යාවේ දශරථ නම් රජුට පුත්ව ඉපිද වැඩිවිය පැමිණ සීතා දේවිය සමඟ අවාහ විය. එක් කලක රාවණා රාම කුමරුගේ භාර්යාව වන සීතා දේවියව පැහැරගෙන ගොස් කාමයෙන් මත්ව ඇයව තමන් වෙත පොළොඹවා ගැනීමට උත්සාහ කළේය. රාම යුදසේනා රැගෙන ලක්දිවට පැමිණ තුදුස් වසරක් යුද්ධ කොට රාවණා මරා රාජ්‍යත්වය ඔහුගේ යහපත් මලණ්ඩිය වූ විභීෂණ කුමරුට පවරා සීතා සමඟ ආපසු භාරතයට පැමිණ අයෝධ්‍යාවෙහි සිංහාසනාරූඪ විය. ඉන්පසු දෙවියෝ රාක්ෂස බියෙන් දුරු වූහ.
ක්‍රිෂ්ණාවතාරය
මේ කතා සාරය ඉතා දීර්ඝ වූවක් , ඒ වගේම ඉතාමත්ම ශ්‍රේෂ්ඨ වූවක් ,මීට වර්ෂ 5000කට පමණ පෙර මථුරා පුරයේ යාදව් වංශයේ උපත ලැබූ ක්‍රිෂ්ණාගේ පියා වාසුදේව් වූ අතර මව එකල රජ කල කංස් රජුගේ නැගණිය දේවකී ය. ඇගේ 8 වන පුත්‍රයා අතින් කංස් රජු ඝාතනය වෙතැයි රජු ඇසූ දෛවඥ අනාවැකියක් නිසා ඇගේ කුසෙන් බිහිවූ දරුවන් 7 දෙනෙකුම ඔහු කෲරතර ලෙස මරා දැමූ අතර 8 වැනි දරුවා වූ ක්‍රිෂ්ණාව එතුමාගේ පියා විසින් එක් රාත්‍රියක රැගෙන ගොස් තම ඥාතියෙකු වූ නන්ද නම් ගොපල්ලාගේ දරුවාට මාරු කලේය. ගොපල්ලාට උපන් දියණිය රැගෙන ආ අතර එබැවින් කංස්ට ක්‍රිෂ්ණා මැරීමට නොහැකි විය. ගොපල්ලා සහ ඔහුගේ බිරිඳ යශෝධා විසින් තම දරුවන් මෙන් ක්‍රිෂ්ණා සහ බල්රාම්ව හදා ගත්හ. ඇත්තෙන්ම කීවොත් ශ්‍රී ක්‍රිෂ්ණයන්ගේ කුඩා කල වෘන්දාවනයේ සිදු කලාවූ විවිධ වික්‍රමයන් හා ආශ්චර්යයමත් ක්‍රියාවන් විස්තර කල නොහැකි තරම් කතා මාලාවක් උන්වහන්සේගේ චරිතය වටා ඇත. කුඩා කල කුරිරු රාක්ෂසයන් මැරීම, ගෝවර්ධන් පර්වතය තනි ඇඟිල්ලෙන් එසවීම මින් සමහර ආශ්චර්යයමත් ක්‍රියාවන්ය. කුඩා කල දඟකාරකම් රැසක්ද සිදු කල හෙතෙම නිතර බට ලී නලාවක් වාදනය කලේය. තරුණ වයසට පැමිණි පසු මථුරාවට පැමිණ සිය දුශ්ඨ,කුරිරු මාමා වූ කංස් රජුව නසා දමා මථුරා රාජධානිය අත්පත් කරගත්තේය. නමුත් කංස් ගේ මාමණ්ඩිය වූ ජරාසන්ධ් නැමැති මගධ රජු එතුමන්ට එරෙහිව පැමිණි නමුත් එම සටන් සියල්ල ජයගත්තේය. ද්වාර්කා නමින් නව අගනුවරක් සහිත රාජ්‍යයක් පිහිටුවා ගත් එතුමා විදර්භයේ රජුගේ දියණිය රුක්මණී ඇගේ කැමැත්තෙන්ම පැහැරගෙන පැමිණ සිය අගබිසව බවට පත් කර ගත්තේය. පසුකාලීනව බිසවුන් 16100කට අධික පිරිසක් විවාහ කර ගත්තේය. මෙකල කුරිරු රාක්ෂසයන් ඝාතනය කිරීම ආදී වීර ක්‍රියාවන් සිදුකලේ ය. මහාභාරත කතාව පුරාම එතුමා පාණ්ඩව සොයුරන් පස් දෙනාගේ හොඳම මිතුරා ලෙසත් උපදේශකයා ලෙසත් එතුමා ක්‍රියා කලේය. පාණ්ඩවයින් කුරුක්ෂේත්‍ර යුද්ධය ජයගෙන කුරු රටේ බලය පිහිටුවා ගත් පසු ක්‍රිෂ්ණා ද්වාරකාවට ආපසු පැමිණියේය. යාබද අධිපතියන් අතර වූ ගැටුම් නිසා ඇතිවූ ප්‍රශ්නයක් මත හේ වනයට පිටත් විය. ගසක් යට විවේක ගනිමින් සිටියදී වනයේ දඩයක්කරුවෙක් පඳුරු අස්සෙන් එතුමාව දැක සතෙකු යැයි සිතා හීයක් විද්ද අතර අවුරුදු 120ක් ආයු සම්පූර්ණව සිටී එතුමාගේ පාදයට එය වැදිනු බව සඳහන්වේ. එතුමාණෝ ඉන්පසු තමන්ගේ වෛකුණ්ඨ භවනය වෙත ආපසු සැපත් වූහ. අවසන් මොහොතේදී තමන් නොදැන කල වරදට සමාව දෙන ලෙස දඩයක්කරු ඔහුගේ දෑත් මතදී එතුමාගෙන් ආයාචනා කල අතර එතුමා ඔහුට කමා කල සේක. ඇත්තෙන්ම කීවොත් ශ්‍රී ක්‍රිෂ්නයන් තමන්ගේ ජීවිත කාලයම අන්යන්ට මහගු උපදෙස් ලබා දුන් ආදර්ශමත් පුද්ගලයෙකු ලෙසයි හැදින්වෙන්නේ, විශේෂයෙන්ම අවසාන වශයෙන් කුරු පාණ්ඩව මහාභාරත මහා යුද්ධයේ පාණ්ඩවයන්ගේ බලය වූයේ මෙතුමන් වහන්සේයි. එතුමන් උපත ලැබූ මථුරාව අදත් පූජනීය ශුද්ධ භූමියක් ලෙස හින්දුන් වන්දනා කරනු ලබති. ශ්‍රී ක්‍රිෂ්ණා ලෙස උපත ලැබූ උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් භගවත් ගීතාව මඟින් අර්ජුන්ට නිර්වාණය හෙවත් අත්හැරීම පිළිබඳව දේශනා කර තිබේ.( භගවත් ගීතාව කියවන්න.) ශ්‍රී ක්‍රිශ්නයන්ගේ භගවත් ගීතාව ඇත්තෙන්ම කියෙව්වොත් ඕනෑම අයෙකුට හැකියි එය තුලින්ම මේ ලෝකය සහ ධර්මයත් අවබෝධ කරගන්න. එමෙන්ම මහා ධාර්මිකයෙකු වන්නත්.. ක්‍රිශ්ණාවතාර කතාව මුලුල්ලේම මහා ධර්ම පණිවිඩ ආකරයක් ගැබ්ව ඇත්තක් කීවොත් නිවැරදියි.
බුද්ධ අවතාරය
(කලියුගය අවසානයේ පහළ වු බුදුරජාණන්වහන්සේදවිෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස හින්දු සලකති)
උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් උත්තම බුදුන් වහන්සේ නැමති දාර්ශනිකයා ලෙස උපත ලැබ සර්වඥ පදවිය ලැබූ ආකාරය හින්දු දර්ශනයේ දැක්වේ. ගීත ගෝවින්දයේ දැක්වෙන්නේ සත්වයින් වෙත පතළ මහා කරුණාව නිසාත් සත්ව බිලි පූජාවන් නවත්වනු සඳහාත්, විශ්වය මහා බ්‍රහ්මයාගේ නිර්මාණයක් බව පැවසෙන මතය දුරු කිරීම සඳහාත්, කාන්තාවන්ට එරෙහිව හා කුල වශයෙන් එකල සමාජයේ පැවති පීඩනය තුරන් කිරීම සඳහාත් උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් උතුම් ගෞතම බුදුන් වහන්සේ ලෙස උපත ලැබූ බවය. යමෙකු කුලීනයෙකු හෝ කුලහීනයෙකු වන්නේ උපතින් නොව ඔහුගේ ක්‍රියාවන් තුලින් බව බුද්ධ දේශනාව ය. රාම කුමරුද අතීතයේදී මෙය පවසා ඇත. පරමේශ්වරයන්ගේ දරුවන් වන මනුෂ්‍යයන් සියලු දෙනාම උපතින් සමාන බවයි ඒ. මනුෂ්‍යයා දුෂ්ටයෙකු හෝ ධර්මිෂ්ඨ වන්නේ ඔහුගේ ක්‍රියාවන් තුලිනි. උතුම් ශ්‍රී උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ වෛෂ්ණව දර්ශනයේ මූලික හරය වන අහිංසාව, යුක්තිය,ධර්මය, නීතිය,සාධාරණත්වය හා සමානාත්මතාවය පිළිබඳ පණිවිඩය බෞද්ධ දර්ශනයේද හරය වේ. එමෙන්ම මීට වසර 5000 කට පෙර ශ්‍රී ක්‍රිෂ්ණා ලෙස උපත ලැබූ උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් භගවත් ගීතාව මඟින් අර්ජුන්ට නිර්වාණය හෙවත් අත්හැරීම පිළිබඳව දේශනා කර තිබේ.(භගවත් ගීතාව කියවන්න.)
ක්‍රිශ්නාවතාරයෙන් පසුව උන්වහන්සේ බුද්ධ සහ කල්කී යන අවතාර ද්විත්වයයි යනුවෙන්.. ඉතින් ක්‍රිෂ්ණයන්ගේ යුගයෙන් පසු ගෞතම බුදුරජාණන් වහන්සේ පහල වනවා , මා හිතන්නේ මේ සිද්ධි දාමයත් එක්ක හින්දු සාහිත්ය පෙළඹෙන්නට ඇතැයි කියායි , උතුම් ශ්‍රී විෂ්ණු දෙවිදුන්ගේ බුද්ධ අවතාරය එය ලෙසින් සලකන්නට , නමුත් බෞද්ධ සාහිත්යයේ දැක්වෙනවා මෙතේ බුදුන් වහන්සේගේ සමයෙන් මතු මේ කල්පාවසානයෙනුත් පසු උදාවන නව කල්පය ( වාසනාවට එයත් නැවතත් බද්‍ර කල්පයක්මයි ) තුල පළමුවෙන්ම උතුම් බුද්ධත්වයට පත්වන රාම බුදුරජාණන් වහන්සේ ලෙසින් පහලවීමට වරම් ලැබ ඇත්තේ උතුම් ශ්‍රී විශ්ණු දෙවිදුන් වගට.

කල්කී අවතාරය
'ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ කල්කී අවතාරය යනු දුටුගැමුණු රජතුමා ද....?' අදින් වසර 3000කට පමණ පමණ පෙර භාරතීය ඍෂිවරුන් උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ 10 වන මනු ලොව පහල වීම පිළිබඳව ප්‍රකාශ කර තිබේ. එතුමා කල්කී ලෙස අනාගතයේ අඳුරු යුගය අවසානයේ දී සුදු අශ්වයෙකු පිට නැඟී,ගිනිදලු සමඟ අසිපතක් අතින්ගත් පුරුෂයෙකු ලෙසින් මනුලොව උපත ලබා අධර්මිෂ්ඨයන්ට දඬුවම් කොට යහපත් අයට ආශිර්වාද කොට යලි ධාර්මික ස්වර්ණමය යුගයක් ස්ථාපිත කරන බව දක්වා තිබේ. උතුම් බුදුන් වහන්සේ පර්නිර්වාණ මංචකයේදී ලක්දිව ධර්ම ශාසනය ආරක්ෂා කරන ලෙස උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන්හට පැවසූ බව මහාවංශයේ සඳහන්වේ. මේ අනුව ලක්දිව ශාසනයට හා රාජ්‍යයට බරපතළ තර්ජනයක් උදාවූයේ අසේල රජු මරා අනුරාධපුර රාජධානිය යටත් කරගත් ආක්‍රමණික සොලී රජ එලාර ගෙනි. විහාරමහා දේවිය වැනි ශ්‍රේෂ්ඨ කාන්තාවකගේ දරුවෙකුව උපත ලබා කවදත් තමන්ගේ සොහොයුරු ලෙස මනුලොව උපත ලබන එතුමන්ට සෙවණ දෙන සංකර්ශණ දෙවිඳුන් ශ්‍රද්ධාතිස්ස ලෙස උපත ලබා දසමහා යෝධයින් සමගින් ගිනිදලු සහිත අසිපත රැගෙන සුදු අශ්වයෙකු පිට නැඟී අනුරාධපුරයට පැමිණ සටන්කොට එලාර රජු නසා ලංකා රාජ්‍යයත් ,ධර්ම ශාසනයත් ආරක්ෂා කර ධාර්මික ස්වර්ණමය යුගයක් ස්ථාපිත කිරීමට ක්‍රියාකරන බව අතීත භාරතීය නාඩි වාක්‍ය ග්‍රන්ථවල සඳහන්ව තිබේ. මාගේ මේ “ව්‍යායාමය හුදෙක් රජ සැප විඳීම පිණිස නොවේ. රටත්, සම්බුද්ධ ශාසනයේත් චිරස්ථිතිය පිණිසය..” යනුවෙන් එතුමා එහිදී ප්‍රකාශ කරන බවත් ධර්මය යලි ස්ථාපිත කරන බවත් එම භාරතීය නාඩි වාක්‍ය ග්‍රන්ථවල සඳහන්ව තිබේ.
වෙනත් අයෙකුගේ අදහසක්- කල්කී අවතාරය ගැන , මෙම කලියුගයේ අවසාන ධර්ම ප්‍රතිෂ්ටාපනය උදෙසා සුදු අසෙකු අරා ගිණිදැල් පිටවන අසිපතක් ගත් පුරුෂයෙකු ලෙසින් උතුම් ශ්‍රී විශ්ණු දෙවිදුන් පහලවන වගටත් අධාර්මිෂ්ටයින් නසා , සාධු ජනයා සුරක්ශිත කරමින් , යලිත් ධර්මය ලොව තුල රැක දෙනා වගටත් කල්කී අවතාරය පිලිබදව විශ්ණු පුරාණයේ දැක්වෙනවා.
සුදර්ශන් චක්‍රය හා ධර්ම චක්‍රය
බොහෝ දෙනා සුදර්ශන් චක්‍රය හා ධර්ම චක්‍රය පටලවා ගන්නා බවක් පෙනේ. සුදර්ශන් චක්‍රය ධර්මයේ ආරක්ෂක වන උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ ආයුධය බව සැබෑවකි. නමුත් එය ආයුධයක් පමණක්ම නොවේ. අප බොහෝ දෙනා දැක තිබෙන්නේ එය උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් ආයුධයක් ලෙස භාවිතා කරන නිසා එය ආයුධයක් පමණක් කියායි. නමුත් එහි ව්‍යංගාර්ථයෙන් අදහස්වන්නේ නැතිනම් සුදර්ශන් චක්‍රයෙන් නිරූපණය වන්නේ චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වන ස්වභාව ධර්මය යි. ස්වභාව ධර්මයේ සිදුවන සෑම සංසිද්ධියක්ම සුදර්ශන් චක්‍රයෙන් නිරූපණය වේ. යමෙක් මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ සොරකම් ආදී පාපකර්ම සිදුකරන විට ඔහුට නීතියෙන් දඬුවම් හිමි වේ. නමුත් ඇතැම් බලවත් පුද්ගලයින් නීතියෙන් බේරී සිටිනු අප සමාජයේ දැක තිබේ. එවැනි පුද්ගලයින් නීතියෙන් ගැලවුනද ඔවුන්ට කවදා හෝ ස්වභාව ධර්මයන් දඬුවම් ලැබුන අයුරු අප පුවත්පත් ආදියෙන් දැක තිබේ. පාප කර්මයන්ට දඬුවම් හිමිවන්නේ ස්වභාව ධර්මය තුළිනි. එනම් සුදර්ශන් චක්‍රයෙනි. උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් සුදර්ශන් චක්‍රයෙන් දඬුවම් ලබා දෙනවා යනු හුදෙක් බෙලි කැපීමක් නොවේ. එයින් නිරූපණය කරන්නේ ස්වාභාව ධර්මයෙන් අපරාධකරුවෙකුට දඬුවම් ලැබෙන ආකාරයයි. ධර්ම චක්‍රයෙන් අදහස් කරන්නේ ද ස්වභාව ධර්මයම බව ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පවසති. උත්තම බුදුන් වහන්සේ දේශනා කලේ ද ලෝකයෙහි යටපත්ව තිබූ ධර්මය හෙවත් ස්වාභාවයෙන්ම පවතින ධර්මයයි. එනම් ස්වභාව ධර්මයයි. පංච ශීලයෙන් අදහස් කරන්නේ ස්වභාවයෙන්ම ලෝකයහි පවතින ධර්මතාවයයි. යමෙක් පංච ශීලය බිඳ දැමූ විට සිදුවන අයහපත ධර්මපාල ජාතකයේදී පෙන්වා ඇත. අප පංචායුධ කුමාරයාගේ කතාව අසා ඇත. කුඩා ළමුන්හට පංචායුධයක් පලඳවන්නේ ඇයි? ධර්මය විසින් යමෙකු ආරක්ෂා කරන ආකාරය පංචායුධ කුමාරයාගේ කතාව තුලින් පෙන්වා දී ඇත. හොඳින් බැලුවහොත් පංචායුධය තුල සුදර්ශන් චක්‍රය ඇත. " ධර්මය රකින්නා ධර්මය විසින් රකිනු ලැබේ.." යන බුදු වදනම හින්දු දර්ශනය තුල " ධර්මෝ රක්ෂති රක්ෂිතහඃ.." යනුවෙන් ධර්මරාජ ශ්ලෝකයෙන් දක්වා තිබේ. සුදර්ශන් චක්‍රයෙන් අධර්මිෂ්ඨයන් හට දඬුවම් ලැබෙනවා මෙන්ම එය ධර්මය රකින පුද්ගලයා ආරක්ෂා කරයි. රාම කුමරු විසින් කාමයෙහි ගැලී,පාපයට වැටී සිටී ඍෂිවරයෙකු ඉන් මුදා ගෙන නිවැරැදි මාර්ගයේ පිහිටෙව්වේ ද සුදර්ශන් චක්‍රය ඔහුට දැක්වීමෙනි. එයින් පෙනෙන්නේ ද එය හුදෙක් ආයුධයක් පමණක්ම නොවන බව නොවේද? එය ධර්ම චක්‍රය බව නොවේද? ඉන්දියාවේ ජාතික ධජය දෙස බලන්න. එහි මැද ධර්ම චක්‍රය ඇත. සුදර්ශන් චක්‍රයත් එයමයි. උතුම් ශිව දෙවියන් විසින් උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන්හට සුදර්ශන් චක්‍රය ලබා දුන් බවට කතාවක් ඇත. එහි අර්ථය ස්වභාව ධර්මය නිරූපණය කරන උතුම් ශිව දෙවිඳුන් ස්වභාව ධර්මයේ පාලනය උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් වෙත පවරන ලද බවයි. සම්බුද්ධ පරිනිර්වාණ අවස්ථාවේදී අති උතුම් බුදුන් වහන්සේ ලක්දිව ධර්ම ශාසනය ආරක්ෂා කිරීමේ වගකීම උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් වෙත පැවරූ බව මහාවංශයේ දැක්වේ. අනාගත මෛත්‍රී බුදු හිමියන් බුද්ධත්වයට පත්වන්නේ ගිහිගෙයිදීම බව පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් මෑතකදී පැවසූහ. එසේනම් ගිහිගෙයි සිටියදීත් නිර්වාණය අවබෝධ කල හැකි බව පැහැදිලි වේ.
සුදර්ශන් චක්‍රය සිදු කරන්නේ කුමන කාර්යයන්ද....? චක්‍ර සිද්ධාන්තය -Circle Theory.
සුදර්ශන් චක්‍රය යනු ස්වභාව ධර්මයේ චක්‍රය යි. කාලය පවා මේ චක්‍රයට අයත්. මේ විශ්වය තුල සිදුවන සෑම සංසිද්ධියක්ම පාහේ ධර්මයේ චක්‍රය වන සුදර්ශන් චක්‍රය අනුව සිදුවේ. එය නිතරම නොනැවතී භ්‍රමණය වෙමින් පවතී. කාලය යන්න ගතහොත් සෑම දිනකම උදෑසන 8.00, මධ්‍යහ්න 12.00, හවස 6.00,රාත්‍රි 12.00 වශයෙන් කාලය එකම ස්ථානයට දිනපතාම පැමිණෙන බව අප දනිමු. මෙසේ සිදුවන්නේ මේ විශ්ව ධර්ම චක්‍රය නොකඩවා භ්‍රමණය වන නිසාය. ආදි හින්දු වේද ග්‍රන්ථවල පෘථිවිය තමා වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා පරිභ්‍රමණය වන බව සඳහන්ව තිබිණි.ඒ නූතන විද්‍යාඥයින් සොයා ගැනීමට වසර 5000කට පමණ පෙර ය. මීට වසර 1500 කට පෙර ඉන්දියාවට පැමිණි ග්‍රීකයන් තම රටට ගෙන ගිය අතිවිශාල ඥාණ සම්භාරය අතර මෙම සිද්ධාන්තයද එකකි. මෙම සංසිද්ධියද චක්‍රාකාරීව සිදු වේ. මෙසේ සිදුවන්නේ ද මේ විශ්ව ධර්ම චක්‍රය නොකඩවා භ්‍රමණය වන නිසාය. අප ජීවත්වන සෞරග්‍රහ මණ්ඩලය අයත්වන්නේ ක්ෂීරපථය නැමති චක්‍රාවාටයට ය.(Galaxy)සෞරග්‍රහ මණ්ඩලය ගතහොත් එය ඇතුළු සියලුම සෞරග්‍රහ මණ්ඩල මේ ක්ෂීරපථය තුල නොනැවතී චක්‍රාකාරීව භ්‍රමණය වේ. පුදුමය නම් ක්ෂීරපථය ඇතුළු සෑම චක්‍රාවාටයනුත් චක්‍රාකාරීව භ්‍රමණය වීමය.සෛලවල පවා ඉලෙක්ට්‍රොන, ප්‍රෝටෝන හා නියුට්‍රෝන චක්‍රයක් ලෙස භ්‍රමණය වේ.
චක්‍රාවාටය(Galaxy) යන වදන තුලම එය එය චක්‍රයක් බව කියැවේ. මෙයයි ස්වාභාව ධර්මයේ චක්‍රය. නැතිනම් සුදර්ශන් චක්‍රය කියා පවසනුයේ.. ක්ෂීරෝදකෂායී උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් වාසය කරන ස්ථානය නම් ක්ෂීරසාගරය(Milky Ocean) හෙවත් කිරි සයුරයි. මනුෂ්‍ය ජීවිතය ගතහොත් එයද ගමන් කරනුයේ චක්‍රාකාරීවය. "දුක සැප දෙක රියසක මෙන් නිති පෙරලේ..." යන කියමනට අනුව රියසක යනු කුමක්ද? රෝදය හෙවත් චක්‍රය යි . ලොව මුලින්ම සොයා ගනු ලැබුයේ ද කරත්ත රෝදය හෙවත් චක්‍රය යි. මනුෂ්‍ය ජීවිතයේදී දුක සැප දෙකම කරත්ත රෝදය මෙන් භ්‍රමණය වන බව එම කියමනේ අරුත ය. රෝදයේ හෙවත් චක්‍රයේ අගක් මුලක් සෙවිය නොහැක. නමුත් එහි එක තැනක් පැන්සලකින් සලකුණු කර එය නොකඩවා භ්‍රමණය කළහොත් එය නැවත කිහිප වතාවක්ම සලකුණු කල ස්ථානය වෙත පැමිණෙනු දැකිය හැක. කාලය ද භ්‍රමණය වන බව පෙනේ.
දුක සැප දෙකත් විටින් විට මනුෂ්‍ය ජීවිතයට පැමිණෙන බව පෙනේ. එමෙන්ම මිනිසාට තම ජීවිතයේදී සාර්ථකත්වය උදෙසා පැමිණෙන අවස්ථාවන් ගණන එකක් නොවන බව මෙයින් පැහැදිලි වේ. ජීවන චක්‍රය, සංසාර චක්‍රය, විශ්වයේ,පෘථිවියේ ආරම්භය පැවැත්ම සහ අවසානයත් යන මේ සෑම කාර්යයක්ම චක්‍රාකාරීව භ්‍රමණය වෙමින් සැමදාම සිදුවේ. එහෙත් කිසිවක් සදාකාලික නැතැයි පැවසුවත් මේ ධර්ම චක්‍රයේ භ්‍රමණය වීම සදාකාලිකවම නොනවත්වා සිදුවේ. මේ නිසා එය විනාශ නොවන 'අවිනාශී' තත්ත්වයක් බව හින්දු විශ්වාසය යි. සෑම දෙයම විනාශ වුනත් එම භ්‍රමණය වීමේ ක්‍රියාවලිය කිසිදා විනාශ නොවේ. අවසන් නොවේ. එම භ්‍රමණය වීම කරනු ලබන්නේ තමන්ගේ ස්වරූප මනුෂ්‍ය ලෝකයට එවනු ලබන උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් බැවින් එතුමා සදහටම ජීවමානව සිටින, කිසිදා විනාශ නොවන සර්වබලධාරී, සර්වව්‍යාපී 'අවිනාශ් ' වේ. සාමාන්‍ය දෙවිකෙනෙකු නොව සියලුම දෙවිවරුන්ට වඩා උසස්ම,උතුම්ම ප්‍රධානතම දෙවිඳුන් වශයෙන් හින්දුන් විශ්වාසය කරති. පරිගණකයක්,ප්‍රින්ටරයක් වුවත් ඉබේම ක්‍රියාත්මක නොවේ. උපදෙස් දෙන්නෙකු, ක්‍රියාත්මක කරන්නෙකු සිටිය යුතුය. සෑම දෙයක්ම එසේමය. හේතු ඵල දහම අනුවත් කුමක්ද හේතුව? කුමක්ද ඵලය? කියා විමසා බලයි. එසේනම් කිසිවකු විසින් ප්‍රින්ටරය ක්‍රියාත්මක කිරීම හේතුව වේ. එහි ඵලය ලෙස අපට මුද්‍රිත කඩදාසියක් ලැබේ.
'සුදර්ශනයන වදනෙහි අරුත 'යහපත් දැක්ම' යන්නයි. මෙය යහපත,අයහපත යන සියල්ලම දකින කැඩපතකි. එබැවින් සුදර්ශන් චක්‍රය යනු ආයුධයක් පමණක්ම නොවේ.එය එක්තරා දිවැසක් ද වේ. ඒ තුල අශ්ඨ ලෝක ධර්මය පවතී. මෙය ආයුධයක් ලෙස භාවිතා වන්නේ අධර්මයට එරෙහිවය. අයහපත් ක්‍රියාවන් සිදුකරන අපරාධකරුවන්, ජනතාව පීඩනයට පත්කරමින් පංච දුශ්චරිතයෙහි නියැලෙමින් දීර්ඝකාලීනව බලයේ සිටින පාලකයින් නසා ඉවත්කර දැමීමට ය. කිසිම පාලකයෙකුට සදාකාලිකවම බලයක් නොලැබෙන්නේ මෙම ස්වභාව ධර්මයේ චක්‍රය වන සුදර්ශන් චක්‍රය නිසාය.උතුම්  ශ්‍රී විෂ්ණු දෙවිඳුන් විසින් තමන්ගේ ස්වරූප මනුෂ්‍ය ලෝකයට එවනු ලබන්නේ මෙම සුදර්ශන් චක්‍රයේ ධර්මය ලෝකයාට මතුකර පෙන්වාදීමටය.
වෛෂ්ණව දර්ශනය සංක්ෂිප්තව
වෛෂ්ණව දර්ශනයේ මූලික හරය වන්නේ හිංසාව, අයුක්තිය,අධර්මය, අවනීතිය,අසාධාරණය,ආත්මාර්ථකාමීත්වය හා අසමානාත්මතාවය යන අධර්මයන් පරාජය කොට, අහිංසාව, යුක්තිය,ධර්මය,නීතිය,සාධාරණත්වය,පරාර්ථකාමීත්වය හා සමානාත්මතාවය යන ධර්මයන් ලොව ස්ථාපිත කළ යුතු බවයි. ඒ සඳහා අවස්ථානුකූලව ධර්ම යුද්ධයක් පවා සිදු කිරීමේ වරදක් නොමැති බව කුරුක්ෂේත්‍ර යුද්ධයේදී වාසුදේව් ශ්‍රී ක්‍රිෂ්ණා අවධාරණය කර ඇත. අපරාධකරුවන්හට, අපරාධවලට නිසි දඬුවම් විවාදයකින් තොරවම ලබා දිය යුතුය. එසේ නොමැති වූ විට චක්‍රයක් මෙන් අපරාධකරුවන් දිගින් දිගටම අපරාධ සිදුකරති. එය නැවැත්වීම සඳහා අනිවාර්යයෙන්ම දඬුවම් ලබා දිය යුතුය." උතුම් ශ්‍රී විෂ්ණු ධර්මය අනුව අපරාධවලට දඬුවම් දීමෙන් අපරාධකරුට සිදුවන්නේ අයහපතක් නොවේ. යහපතකි. මක්නිසාද, ශ්‍රී ක්‍රිෂ්ණා පවසා ඇති පරිදි අපරාධකරුට දඬුවම් දීමෙන් ඔහුට අපාගතවී දුක් විඳීමට සිදු නොවේ. මක්නිසාද ඔහුගේ පාපයේ වන්දිය එවිට ගෙවී අවසාන වන බැවිනි. අනාගතයේ බරපතල දුක් විඳිනවාට වඩා දැන් දඬුවමක් විඳීම හොඳය.." අයුක්තිය,අධර්මය,අවනීතිය,අසාධාරණත්වය ලොව සැමදා නොපවතී. කවදා හෝ එහි අවසානය උදාවන දිනයක් පැමිණෙනු ඇත. උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් මනුෂ්‍ය ලෝකයට පැමිණිනෙනුයේ මෙම අධර්මයන් පරාජය කොට ධර්මය ස්ථාපිත කිරීමටය. අයුක්තිය,අධර්මය,අවනීතිය,අසාධාරණය අවසාන වන දිනය එම දිනයයි. මිනිසා ස්වභාවධර්මය ඉක්මවා ක්‍රියා කරන විට විනාශය ලඟා කරගන්නා බව මෙහි දැක්වේ. මෙනයින් බලන විට මෙම ලෝකයේ කිසිදිනක ධර්මය සම්පූර්ණයෙන්ම නැතිව යාමට උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් ඉඩ නොතබන බව පැහැදිලිවේ.
තවද ස්වභාවධර්මය පාලනය කරන්නා වශයෙන් උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ දූත මෙහෙවර කුමක්ද යන්න එතුමා ශ්‍රී ක්‍රිෂ්ණා වශයෙන් උපත ලබා ප්‍රකාශ කර ඇත. උන්වහන්සේගේ දූත මෙහෙවර වනුයේ ලොවට බරක් වී ඇති අධික ජන සංඛ්‍යාව පාලනය කිරීමය. ක්ෂය කිරීමය. එය සිදුකරන්නේ කෲරතර අධර්මිෂ්ඨයින් නසා දැමීමෙනි. එබැවින් පොළොවට බරක් නොවී ජීවත්වීමට මිනිසුන් ක්‍රියා කල යුතුවේ.
අයුක්තියෙන් අධර්මයෙන් පාලනය කරන කුරිරු පාලකයින් ස්වකීය පාලනයෙන් ඉවත්කිරීම එතුමාගෙ එකම පරමාර්ථය බව දක්වා ඇත.එමෙන්ම කිසිවකුට විශේෂයක් හෝ වෙනස්කමක් නොකල යුතුය. සැමටම සමානව අපක්ෂපාතීව සැලකිය යුතුය. උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් අපක්ෂපාතීව ක්‍රියා කළ යුතු බව දේශනා කර ඇත. "මම කිසිවෙකුට ද්වේශ නොකරමි. කිසිවෙකුට පක්ෂපාතී ද නොවෙමි. මම සැමට සමානව සලකමි. නමුත් භක්තියෙන් මට සේවය කරන කවරෙකු වුවද ඔහු මාගේ මිත්‍රයෙකි. ඔහු මා තුළ පිහිටයි. මමද ඔහුට මිත්‍රයෙකි." - ශ්‍රී ක්‍රිෂ්ණා (භගවත් ගීතාව.9;29)
තවද වෛෂ්ණව දර්ශනය මිනිසාගේ ලෞකික දියුණුව උදෙසා අවශ්‍ය දැනුමද ලබා දී ඇත.'ධර්මේ ච කාමේච මෝක්ෂේච භර්තර්ශභා. යන ශ්ලෝකයට අනුව මිනිසා මුලින්ම ධර්මය උගත යුතුය.අනතුරුව ලෞකික දියුණුව සලසා ගත යුතුය. සැඳෑ සමයේදී මෝක්ෂය උදෙසා කාලය කැප කළ යුතුය.මෝක්ෂය යනු නිර්වාණයමය.
භගවත් ගීතාව 5;7/8 ශ්‍රී ක්‍රිෂ්ණා මෙසේ පවසයි. "යදා යදා හි ධර්මස්‍ය -ග්ලානිර් භවති භාරත.. අභ්යුත්ථානම'ධර්මස්‍ය -තදා'තමානම් ඍජාමයහම්. පරිත්‍රාණාය සාධූනාම් -විනාශාය ච දුශ්කෘතාම්.. ධර්ම සංස්ථාපනාර්ථාය - සම්භවාමි යුගේ යුගේ...." අර්ජුන, යම් කාලයකදී ධර්මයේ පිරිහීයාමත්, අධර්මයේ නැගිටීමත් සිදුවේද, එකල්හී මම ආත්ම ස්වරූපයෙන් නැඟී සිටිමි.(මාගේ ස්වරූපය දක්වමි.) යහපත් මිනිසුන් ආරක්ෂා කිරීමටත්, අධර්මිෂ්ඨයන් හා එම ක්‍රියාවන් නැසීමටත්, ධර්මය ස්ථාපිත කිරීම සඳහාත්, මම යුගයක් යුගයක් පාසා මනුලොවට පැමිණෙන්නෙමි..
උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ට භාවිතා වන දහසක් නම්
උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ට විශාල නම් සංඛ්‍යාවක් භාවිතා වන අතර එම නම් විෂ්ණු සහස්‍රනාම (උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ දහසක් නම්) යන මහාභාර‍තයේ කොටසක් වන පරිච්ඡේදයක සඳහන් වේ. කුරුක්ෂේත්‍ර සටන් භූමියේදී භීම විසින් ක්‍රිෂ්ණා ඉදිරියේ උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ බල මහිමය වර්ණනා කිරීම සඳහා මෙම නම් පවසනු ලැබේ. වෛශ්නව වාදය අනුගමනය කරන්නන් මෙම සහස්‍රනාම සියළුම වේද ග්‍රන්ථවල වටිනාම කොටස ලෙස සලකනු ලබන අතර භක්තිමත්ව මෙම නාම ගායන කරන්නෙකුට අධ්‍යාත්මික යහපත් භාවය හා දෙවියන් පිළිබඳ ඉහල හැඟීමක් ඇතිවේ.

මෙම නාම අනත්ත කල්‍යාණ ගුණ (අනන්ත වු පුජනීය ගුණ) කොටසින් උපුටාගෙන ඇත.
·         අක්සුඨ
·         උපේන්ද්‍ර ( තාරකාමය යුද්ධයේදී ඉන්ද්‍ර දෙවිදුන් හා හුන් ප්‍රබලයා නිසා )
·         අනන්ත (සදාතනික)
·         දාමෝධර (උදරය වටා ලණුවක් (දම) සහිත තැනැත්තා - ක්‍රිෂ්ණ)
·         ගෝවින්ද (ගවයන්, බ්‍රහ්මයන්ගේ ආරක්ෂක, ක්‍රිෂ්ණාට ‍යෙදෙන නමකි)
·         හරි
·         හයග්‍රීව (ඥානය ලබාදෙන්නා)
·         ජගන්නාථ (විශ්වය/ ලෝකයේ පාලකයා/ අයිතිකරු)
·         ජනාර්ධන (ධනවත් පුද්ගලයන්ගේ වැඳුම් පිඳුම් ලබන්නා)
·         කේශව (කේශී ඝාතකයා, අලංකාර කෙස්වැටියක් සහිත තැනැත්තා අථර්වන්වේදය VII, 6, 23)
·         ක්‍රිෂ්ණ (තුන්වන යුගයේ උපත ලැබු අතර එතුමන්ගේ කාර්යයන් ගවයන් ආරක්ෂාවේ සිට පෘථිවිය පාපයෙන් මුදා ගැනීම තෙක් විහිදේ)
·         මාධව (වසන්තප සමයට සම්බන්ධ)
·         මධුසූධන(මධු නම් රාක්ෂයා විනාශ කල තැනැත්තා)
·         නාරායන (සියළු මනුෂ්‍යයන්ගේ පදනම වන උත්තමයා / ජලයේ වැතිර සිටින්නා ලෝකයේ සෙවණ)
·         පද්මනාභ (එතුමන්ගේ නාභියෙන් ඇති වු නෙළුම් මලකින් විශ්වය මැවු බ්‍රහ්මයා ඇති වු බව කියවේ)
·         පෙරුමාල් - (දමිළ භාෂාවේ ව්‍යවහාර වන නම)
·         පුරුෂෝත්තම - අති උතුම් ‍සදාතනික ජීවය
·         රාම - (දෙවන යුගයේ උපත ලැබු එතුමා මනුෂ්‍යයාගේ ආචාර ධර්ම නැවත ඇති කරන ලදී)
·         ඍෂිකේෂ් - (හදවතේ දෙවියන්)
·         සත්‍යනාරායන - (සත්‍යය හා නාරායන වචන දෙකේ සංයුතියෙන් තැනි ඇති මෙහි අර්ථ සත්‍යයේ ආරක්ෂකයා යන්නයි)
·         ශ්‍රීධර- (ශ්‍රී ලක්ෂ්මි දේවිය (ධනයට අධිපති) ගේ ස්වාමියා )
·         සිද්ධාර්ථ - (කලියුගය අවසානයේ පහළ වු බුදුරජාණන්වහන්සේද, විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස හින්දු සලකති)
·         ශ්‍රීමාන් (ලක්ෂ්මි දේවියගේ අභිමානය) - ශ්‍රීමාන් හා නාරයන නම නාම දෙක සංයුක්ත වීමෙන් ශ්‍රීමාන් නාරයන නාමය භාවිතා වේ.
·         ශ්‍රීනිවාස (තිරුපති දේවාලයේ පවතින ස්වරූපය සඳහා මෙම නාමය විශේෂයෙන් භාවිතා වේ. තිරුපති දේවාලයේ ස්වරූපය වෙන්කටේශ්වර නමිද හැඳින්වේ.)
·         ත්‍රිවික්‍රම - තුන්ලෝකයම අත්කරගත් තැනැත්තා (වාමන අවතාරය ලෙස)
·         විශාල් - (අති උතුම්, නැවැත්විය නොහැකි )
·         වාමන - ඉතා කුඩා හෝ මිටි ස්වරූපය
·         වාසුදේව - සියල්ලටම අධිපති දෙවි
ශ්‍රී විෂ්ණු මන්ත්‍ර
උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් උදෙසා පුදපූජා කිරීම මෙන්ම එතුමන්ගේ ආශිර්වාදය තම ජීවිතයට උදා කර ගැනීම සඳහා යොදාගනු ලබන විෂ්ණු මන්ත්‍ර රාශියක් ඇත. ඉන් ප්‍රධානතම මන්ත්‍රය " ශුක්ලාම් භරදරම් විෂ්ණුම් ශෂිවර්ණම් චතුර්භුජම්...."යන මන්ත්‍රයයි. මෙය Youtube වෙබ් අඩවියෙන් සම්පූර්ණයෙන්ම බාගත හැක. මීළඟට "ශ්‍රී ක්‍රිෂ්ණ ගෝවින්ද හරේ මුරාරී හේනාථ නාරයණ් වාසුදේවා..." යන මන්ත්‍රයයි. මෙය අයහපත දුරුකරන අති ප්‍රබලතම මන්ත්‍රයකි. අමනුෂ්‍ය දෝෂ නිවාරණයට උචිතය. වෙනත් උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් නමදින මන්ත්‍ර කිහිපයක් පහත දැක්වේ.
01. හරේ ක්‍රිෂ්ණා හරේ ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා හරේ හරේ.. හරේ රාමා හරේ රාමා රාමා රාමා හරේ හරේ..-මෙයද අයහපත දුරුකරන අති ප්‍රබලතම මන්ත්‍රයකි.
 02. නාරයණං නමස්කෘත්‍ය නරං චෛව නරෝත්තමම්. දේවිං සරස්වතිං ව්‍යාසම් තථෝ ජායම් උදීරයේත් ඕම්. මන්ත්‍රය ද
03. ඕම් නමෝ නාරායණාය.. මන්ත්‍රය ද
04. ඕම් නමෝ භගවතේ වාසුදේවාය නමඃ මන්ත්‍රය ද
05. ඕම් විෂ්ණවේ නමඃ මන්ත්‍රය ද මේවා Youtube වෙබ් අඩවියෙන් සම්පූර්ණයෙන්ම බාගත හැක.
උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ සියලූ ආකාරයේ දේවත්වයක් සාදනු ලබන අතර පුරුෂ පරමානවා (උත්තරිතර ආත්මය) අන්තරයාම් (අධයාත්මිකව නිවසනව) සහ සියලූ ආත්මයන් ඇතුලත් සිෂින් (සාකල්‍යය) ලෙස හදුන්වයි. ඔහු භගවත් හෝ භගවත් වන අතර එහි සංස්කෘතික තේරුම භාග්‍ය අයත් කර ගන්නා බවයි. (දිව්‍යමය තේජය) ශ්‍රී විෂ්ණු සතුට එවැනි දිව්‍යමය තේජස් හයක් ඇත. ඒවා නම්,
·         ජන සියල්ල දත් සියලූ දේ පිළිබදව සමගාමික දැනගැනිමේ බලය.
·         ඓශ්චර්ය ස්වාධිපත්‍ය සැමවිටම නොනැසි පවතින අභියෝගාත්මක නොවන පාලනය
·         ශක්ති ශක්තිය හෝ බලය කල නොහැකි දේවල් කල හැකි දේවල් බවට පත් කල කිරිමේ ඇති ශක්තිය
·         බල බලය ඔහුගේ නාවත්තට අනුව සහ තෙහෙට්ටුවකින් තොරව සැම දෙයක්ම කිරිමේ හැකියාව
·         විර්ය ශක්තිමත් බව හෝ නිර්භිත ක‍්‍රම මෙමගින් අතිමහත් අධ්‍යාත්මික ගුණයකින් අද්‍රව්‍ය දේ අල්ලා ගැනිමේ බලය
·         තේජස් ඉතා දිප්තිමත් හෝ ශෝබාව මගින් ඔහුගේ ස්වයං හැකියා සහ ඔහුගේ ආධ්‍යාත්මක උද්ධිපිත්ය මගින් සියලූ දේවල් මැඩ පැවැත්විමේ හැකියාව
උපුටා ගන්නා ලද්දේ ස්වාමි තපස්යාන්නදගේ වේදත්ත භක්ති පාසලේ උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ඉහත සදහන් කල ගති ලක්ෂණයන් හය ඉතා වැදගත් වන අතර කෙසේ නමුත් නියම මංගල ගති ලක්ෂණ ගණනය කල නොහැක. උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ට අනිකුත් වැදගත් වන ගති ගුණ නම් ගම්භාහරිය (තක්සේරු කල නොහැකි ඓශ්ච්‍යය) අයුචාරය (නිර්ලෝභි බව)(අනුකම්පාව) යන ගති ගුණයන්ය. රිග් වේදයට අනුව උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ට තුන් ආකාරයට ගමන් කිරිම කල හැක. පලමු ආකාරය පොලව මත වේ. දෙවැන්න දෘශ්‍ය ආශායයේ. තුන්වන ආකාරයට මිනිසුන්ට දැකිය නොහැකි අතර එය දෙව්ලොව වේ.
උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් හා ලංකාව
උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් ලංකාව සමඟ සම්බන්ධ වන්නේ ත්‍රෙතා යුගයේදී ශ්‍රී රාම කුමරු ලෙස පැමිණ අධර්මවාදී රාවණා නසා දැමීමෙනි. එකල රාම කුමරු ඇතුළු සේනාව ලංකාවට පැමිණීමට ගල් වැටි දමා සෑදූ පාලම ආදම්ගේ පාලමයි. සීතා සම්බන්ධ ප්‍රදේශ නාම රාශියක්ද ලංකාවේ ඇත. රාවණා විසින් සීතාව සිරකර තැබූයේ නුවරඑළියේ අශෝක වනයේය. හග්ගල උද්භිද උද්‍යානය වශයෙන් දැන් හැඳින්වෙන ස්ථානය එයයි. සීතාට රාවණාගේ සහචර ස්ත්‍රියක් විසින් දුන් අග්ගලා තැටිය ඇය විසිකර දැමූ බව සඳහන්ය. එම අග්ගලා වීසි කල ස්ථානය නිසා පසුකාලීනව අග්ගල- හග්ගල වූ බවට මතයකි. මීට අවුරුදු කිහිපයකට පෙර ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවූ ගවේෂණාත්මක ලිපියක එම පාෂාණිභූත වූ අග්ගලා එම ස්ථානයෙන් සොයාගෙන ඇති බවත් ඒවා කාබන් පරීක්ෂණයකට ලක්කළ විට අවුරුදු 5000කට වඩා පැරණි බවට තහවුරු වූ බවත් සඳහන් විය.
සම්බුද්ධ පරිනිර්වාණය අවස්ථාවේදී උතුම් බුදුන් වහන්සේ උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන්හට ලක්දිව ධර්ම ශාසනය ආරක්ෂා කරන ලෙසට පැවසූ බවත් ඒ අනුව වෙස්වලාගෙන පැමිණ විජය කුමරු ඇතුලු පිරිසට පිරිත් නූල් බැඳ ආශිර්වාද කළ බවත් මහාවංශයේ සඳහන් වේ. අති උතුම් විෂ්ණු දෙවිඳුන් වහන්සේ විසින් ලක්දිව බුදුසසුන ආරක්ෂා කරනු ලබන බවට බෞද්ධයන්ගේද පිළිගැනීමයි. දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය සිංහල බෞද්ධයන්ද උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන්හට පුද පූජා පවත්වන ස්ථානයකි. තමන්ගේ ගෘහ ජීවිතයට පැමිණ ඇති කරදර,බාධා දුරු කරගනු වස් බෞද්ධයන්ද උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන්හට පුද පූජා පවත්වති. උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් ජීවමාන දෙවියන් බැවින් උන්වහන්සේගේ පිහිට ලැබූ අය ඒ පිළිබඳව හොඳින් සාක්ෂි දරති. මේ ආකාරයට හින්දූන්ගේ පමණක් නොව සෑම දෙනෙකුගේම ගෞරව භක්ත්‍යාදරයට උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් ලක්ව ඇත.