Sunday, May 22, 2016

උත්තම කතරගම දෙවියන් (හැඳින්වීමකි)



කතරගම දෙවියන් ශ්‍රී ලාංකිකයන් විසින් වැඩිම කාලයක් තිස්සේ වන්දනා උපහාර දක්වන දෙවියන් වහන්සේ නමකි. ඈත අතීතයේ පටන් උන්වහන්සේගේ රාජධානිය සමග නොබිදෙන සබදතාවයක් පවත්වාගෙන ඇත. ඔව්න් වහන්සේ වැඩිහිටි කන්දේ සිට තම රාජ්‍ය පාලනය කල බවට අතීතයේ සඳහන් වේ. වසර දහස් ගණනක පටන් කතරගම දේවාලය ඉතාමත් ගෞරවනීය වන්දනීය පූජනීය ආගමික ස්ථානයක් වී ඇත.

අතීතයට අනුව කතරගම දෙවියන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩීමට පෙර තේවානි දේවිය හා විවාහ වී හිමාලයේ කෛලාශ් නම් කන්ද රාජධානිය ලෙස පවත්වාගෙන ඇත. ශ්‍රී ලංකාවට වැඩීමෙන් පසු ඉතා රූමත් වේද දේවතාවියක් වුණු වල්ලි දේවිය සමඟ ආදරයක් ඉපදී වල්ලි දෙවිය දෙවන භාර්යාව වූ අතර වල්ලි දේවිය ද දේවත්වයෙන් පුදනු ලබයි. අදටත් වේද ජනයා උතුම් කතරගම දෙවියන් වැඳ උපහාර දැක්වීමට කතරගම දේවාලයට පැමිණෙයි. උතුම් කතරගම දෙවියන් හා වල්ලි දේවියගේ සබඳතාවය ඇසල උත්සවයේදීද සමරයි.

තවත් ශ්‍රී ලාංකීය ශ්‍රේෂ්ඨ පාලකයෙකු වූ මහසෙන් රජු විසින් ක්‍රි.පූ.6 වන සියවසයේදී උතුම් කතරගම පුද බිමේ බෞද්ධ ස්ථුපයක් වන කිරි වෙහෙර ඉදි කර පුජා කරන ලදී. පසුව මහසෙන් රජු ද දේවත්වයෙන් සැලකිණි. සිංහල සංස්කෘතිය අනුව රටට ඉමහත් සේවයක් කල ධාර්මික පාලකයන් දෙවත්වයෙන් පුදනු ලබයි.

වර්තමානයේ උතුම් කතරගම දෙවියන් වහන්සේ ශ්‍රී ලංකාවේ ගිනිකොන දිග වනාන්තරයේ උතුම් අද්යාත්මික සුව ලබමින් භාවනා කරමින් කාලය ගත කරන බව බොහෝ බැතිමතුන්ගේ විශ්වාසයයි. යාල ජාතික වනෝද්‍යානයේ කබිලිත්ත ප්‍රදේශය බොහෝ දෙවි දේවතාවුන් වඩිනා කලාපයකි. බොහෝ ජනයා නිර්මාංශ වීම වැනි ආගමික වතාවත් වලින් පේවී පැමිණ දේවාශිර්වාද ලබා ගනියි. උතුම් කතරගම දෙවියන් වහන්සේ පෝය දින හා ඇසල උත්සවය වැනි විශේෂ අවස්ථා වලදී කතරගම පුද බිමට වඩිනා බව බොහෝ බතිමතුගේ විශ්වාසයයි.


No comments:

Post a Comment