Friday, August 5, 2016

උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ

(මෙම ලිපිය විකිපීඩියා විශ්වකෝෂයේ සිංහල ලිපියකි. විකිපීඩියා හි තිබු එම ලිපියම අර්ථයට හානි නොවන සේ සුළු වෙනස්කම් කිහිපයක් සමග සම්පාදනය කර ඇත. මෙහි යම් වැරද්දක් හෝ අඩුපාඩුවක් වේ නම් එය පෙන්වා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.)
උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ (සංස්කෘත උච්චාරණය : [ vɪʂɳu ] ; සංස්කෘත : विष्णु , Viṣṇu ) හින්දු, වඩාත්ම සැලකිය යුතු දේවතාවන්ගෙන් කෙනෙකි. ඔව්න් වහන්සේ වෛශ්ණවවාදය අනුව ශ්රේෂ්ඨත්ම් දෙවියන් Svayam Bhagavan ( හින්දු ආගමේ ප්රධාන නිකායන් එක් ) වේ. උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ නාරායන හා හරි ලෙස ද හැඳින්වේ.මෙම ස්මාර්ත සම්ප්‍රදාය තුළ දෙවියන් වහන්සේගේ මූලික ආකාර පහ අතරින් එකක් ලෙස , ඔහු " ආරක්ෂකයාණන් හෝ ආරක්ෂකයා " ලෙස තේරුම් ඇත. හින්දු පූජනීය පෙළට, උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ  සාමාන්යයෙන් ජලය පිරවූ වලාකුළු අඳුරු ස්වරූපයක් සහිත හා අත් හතරක් සහිත ලෙස අයෙකු විස්තර කෙරේ. සුදුමැලි නිල් ද ලෙස විස්තර කර ඇත .
උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් (ශ්‍රී විෂ්ණු) හෙවත් නාරායන හින්දු දහමේ උතුම්ම දෙවියා වන අතර අදිවාත හෝ ස්මාර්ත සම්ප්‍රදායන්ට අනුව මහා බ්‍රහ්මයාගේ විද්‍යාමාන ස්වරූපයයි. මහා බ්‍රහ්ම දෙවියන් වහන්සේ මෙන්ම උතුම් ශිව දෙවියන් වහන්සේ ද එතුමාම බව ලොව සියලු දෙනාම එක් අයෙකු තුලින් විද්‍යාමානවන බව කියැවෙන 'පරමාත්ම'(පරම+ආත්ම=පරමාත්ම:-සියලුම ආත්මවල මූලය= Super soul) සංකල්පයෙන් දැක්වේ. ලොව සියලු දෙනාගේම ස්වරූපය එතුමා තුලින් දැකිය හැකිය. ආදීතම පුරුෂයාද වෙයි.සර්ව ව්‍යාපී බැවින් එතුමන් විශ්වය පුරාම ව්‍යාප්තව සිටියි. විෂ්ණු සහස්‍රනාම ග්‍රන්ථයේ උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් යනු සියළු සත්වයාගේ ජිවන සාරය වන අතීතය, වර්තමානය හා අනාගත කාලයන්හි පාලකයා, සියළුම පැවැත්මේ නිමැවුම්කරුවා හා විනාශකරු හා විශ්වය පාලනය කරන,සර්වබලධාරී එකම දෙවියන්,මෙන්ම එහි පවතින සියළු දේ නිර්මාණය හා වැඩීම පාලනය කරන්නා වේ. ස්වාභාව ධර්මයේ අඛණ්ඩ චක්‍රාකාර ක්‍රියාවලිය එතුමාගේ දබර ඇඟිල්ල මත භ්‍රමණය වන සුදර්ශන් චක්‍රය මගින් සංකේත්වත් කෙරේ.එම ක්‍රියාවලිය කිසිදා අවසන් නොවන බැවින් එය සිදුකරන එතුමාද කිසිදා නොනැසෙන නිසා 'අවිනාශ්' ලෙසින් එතුමා හැඳින්වේ. මෙම චක්‍රය ස්වාභාව ධර්මයේ චක්‍රය හෙවත් ධර්ම චක්‍රය වේ. එය ඉන්දීය ජාතික ධජයටද යොදා තිබේ. පුරාණ ග්‍රන්ථයට අනුව උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් තද නිල් පැහැති, අත් සතරක් සහිත, නෙළුම් මලක්, යගදාව හෙවත් ජයකොන්තය, හක්ගෙඩිය හා සුදර්ශන් චක්‍රය දරා සිටින්නෙකි. භගවත්ගීතාවට අනුව උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් යනු මුළු විශ්වයම වන අතර සාමාන්‍ය මනුෂ්‍ය ඇසට හා ඥාණයට හසුනොවන මානයේ පවතී. යුදෙව්,කතෝලික හා ඉස්ලාම් දහම්වල සඳහන් සර්වබලධාරී දෙවියන් වහන්සේ වෙන කිසිවෙකු නොව විවිධ නම් රාශියක් ඇති අති උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්මය. නමුත් ඔව්හූ එය නිවැරදිව නොදනිති. සාමන්‍යයෙන් එතුමාට එක් නිශ්චිත ස්වරූපයක් නොමැති බැවින්, මුලු විශ්වය තුලම පරමාත්මය ලෙස සිටින බැවින් එතුමාගේ ප්‍රතිමා නිර්මාණය කල නොහැකිය. නමුත් වන්දනයේ පහසුව උදෙසා හින්දූන් ප්‍රතිමා නිමවා ඇත. භගවත් ගීතාවට අනුව එතුමන් විශ්ව රූප දර්ශනය ලෙස කුරුක්ෂේත්‍රයේදී අර්ජුන්හට දර්ශනය වූහ. විශ්ව රූප දර්ශනය(Universal Form) යන්නෙන් අර්ථවත් වන්නේ සියලු මනුෂ්‍යයන් එතුමාම බවයි. සියලුදෙනා තුලම සියලුදෙනාගේම හදවත් තුළ එතුමන් වාසය කරන බවයි. මෙය විරාට් රූප් වශයෙන්ද හඳුන්වනු ලැබේ.
උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වාසය කරනුයේ මුලු විශ්වයේම ය. ප්‍රධාන වශයෙන් එතුමන්ගේ ස්වරූප 3ක් පවතී. ක්ෂීරෝදකක්ෂායී විෂ්ණු,කර්ණෝදකක්ෂායී මහා විෂ්ණු හා ගර්භෝදකක්ෂායී විෂ්ණු වශයෙනි. මින් ක්ෂීරෝදකක්ෂායී විෂ්ණු ස්වරූපයෙන් ක්ෂීර සාගරය හෙවත් ක්ෂීරපථය නැමැති අපගේ මන්දාකිණියේ වාසය කරයි. එතුමාගේ වෛකුණ්ඨ විමානය මුලු විශ්වය පුරාම පැතිර පවතී. විශ්වය තුල එතුමාගේ මුල්ම පහලවීම පිළිබඳව කතාවකට අනුව, මහා විශ්ව සාගරයේ ස්වයංභූව-තමාම බීජයක් මගින් පහලවී ක්‍රමයෙන් ප්‍රසාරණය වී දහසක් හිස් ඇති නාගරාජයා සෙවනේ නිද්‍රෝපගතව සිටින අතර, තම නාභියෙන් අංකුරයක් මැවූ අතර ඉන් හටගත් නෙලුම් මලෙහි මහා බ්‍රහ්ම තෙමේ පහල විය. ත්‍රිමුර්ති සංකල්පයෙන් උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ විශ්වයේ පැවැත්ම පිළිබඳ වගකීම දරන අතර අනෙක් කාර්යයන් වන මැවීම හා විනාශය බ්‍රහ්ම හා ශිව දෙවියන්ට අයත් වේ.
උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් හින්දු දෙවියෙකි. ධර්මයේ ආරක්‍ෂකයා ය​. නිල් පැහැති සමක් හා අත් සතරක් ඇත​. රථය ගරුඬා ය​. පංචජන්‍ය නම් ශංඛය, සුදර්ශන් චක්‍රායුධය, යගදාව හා නෙලුම් මල අත් සතරින් දරයි. මහානුභාව සම්පන්න මැණිකක් වන කෞස්තුභ මාණික්‍ය ගෙල පැලඳ සිටී.පපුවේ ශ්‍රී වත්ස නම් කෙස් රොදක් වෙයි. පතිනිය වන උතුම් ශ්‍රී ලක්ෂ්මී දේවිය උරයේ වාසය කරයි.
ශ්‍රී විෂ්ණු අවතාර(මනුලොව උපත ලැබීම්)
උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ අවතාර පිළිබඳ තොරතුරු අඩංගු වන්නේද, ‘පුරාණග්‍රන්ථයේය. උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ අවතාර (අවතාර ලෙසින් හැඳින්වූවද මනුලොව උපත ලැබීම්‍ ය. සාමාන්‍ය අර්ථයෙන් අවතාර නොවේ.) හෙවත් ඉපදීම් 10 ක් සඳහන් වන අතර එයින් 9 ක් අතීතයේ පහළ වු අතර කලි යුගය අවසානයේදී අනෙක් අවතාරය හෙවත් කල්කී පහළ වේ. ඇතැම්හූ කිල්කී යනු දුටුගැමුණු රජතුමා ලෙසද දක්වති. මෙම උපත ලැබීම්වල අරමුණ වන්නේ අධර්මය විනාශ කර ධර්මය නැවත පිහිටුවීමයි. ස්ථාපිත කිරීමයි. අයුක්ති සහගතව පාලනය කරන රාජ්‍ය පාලකයන් ඉවත් කිරීමත් එම ඉපදීම්වල අරමුණ වේ. සියළුම සන්තාන ධර්මයන්හි උත්ම් ශ්‍රී විෂ්ණු වන්දනාව සිදු කරන අතර එය සෘජුව හෝ ඔහුගේ අවතාර වන රාම, ක්‍රිෂ්ණා, වරාහ හා නරසිංහ ආකාර තුළින් විය හැක. නමුත් මීට අමතරව සෑම යුගයකම විවිධ ස්වරූප වලින් එතුමා අනන්ත අප්‍රමාණ වාරයක් මනුලොව උපත ලබා ඇති බව කියැවේ. අද යුගයේත් එතුමාගේ අංකුරයන් මනුලොව උපත ලබා සිටිය හැකිය. පුරාණිකයන්ට අනුව මේ මහා යුගයේ දී උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් ප්‍රධාන අවතාර දහයකින් පොළොව මත පහළ වෙයි. දැනට අවතාර නවයක් පහළ වී ඇති අතර තව එක් අවතාරයක් පහළ වීමට නියමිත ය​.
මත්ස්ය අවතාරය
මීට වර්ෂ ලක්ෂ ගණනකට පෙර මුලින්ම ලොව බිහිවූ ආර්‍ය පුරුෂයා ලෙස බයිබලයේ දැක්වෙන ආදම් (ආදම්=ආදීතම පුරුෂයා යනු මෙහි අරුතයි) බිහිවූයේ දෙවියන් වහන්සේ ගේ (උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ) අංකුරයක් ලෙසිනි. ඉන් අවුරුදු 1000කට පමණ පසු සත්වන මනුරජුගේ කාලයේදී ලෝකයෙහි අධර්මය රජවී පාපය, අයහපත බලපැවැත්වුණු බැවින් දින ගණනාවක්ම මහ වැසි ඇදහැලී මහා ජලගැල්මක් ඇතිවිය. මෙය උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් විසින් සිදු කරන ලද්දකි. ලෝකය ජලයෙන් යටවී ගොස් සියලු ජීවීන් විනාශ වන අතර ධාර්මික මනු රජු හා සප්ත ඍෂීවරුන් ආරක්ෂා කල යුතු යැයි උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් තීරණය කලේය. මනු රජු හා සප්ත ඍෂීවරුන්ට නැවකට නඟින ලෙස පැවසූ උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් දැවැන්ත මත්ස්‍යයෙකුගේ ස්වරූපයෙන් පැමිණ නැව ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන ගියේය. මෙය බයිබලයේ සඳහන් වන ලෝකය ආරම්භ වීමෙන් පසුව නෝවාගේ කාලයේ ඇතිවූ මහා ජලගැලීමේ කතාවට සමාන බව විද්වතුන්ගේ මතයයි. නම් වෙනස් වූවද එය එකම සිදුවීම බව ඔවුන්ගේ මතයයි.
(නොකඩවා වැසි ඇද හැලෙන්නට වුනු සමයක් , සත් සමුදුරුම කැලැඹිලා රළ වියරු වුනු සමයක්, වට වැසි , ජලය, කරදිය එක්වෙලා ගම් බිම් වසාගනිමින් සමස්ත පෘතුවියම ජලයෙන් යටපත් වන්නට ගිය සමයක්, සිදුවන අනතුර ගැන ලොව පහළ වූ පළමු මනුෂ්යයා වන මනු ට දැන්වූ උතුම් ශ්‍රී විෂ්ණු දෙවිදුන් මත්ස්ය වේශයකින් ලෝකයේ පහළ වෙනවා , ඉනික්බිති බල සම්පන්න නෞකාවක ස්වරූපයක් නිර්මාණය කරන එතුමන් මත්ස්ය වේශයෙන් ඒ නෞකාව හිසින් ඇදගෙන පැමිණ මනු සහ ඔහුගේ පවුලත් , සප්ත මහා සෘෂීහුනුත් නැවට නංවා ලෝකය වනසාලූ රුදුරු ජල ගැල්මෙන් බේරා ගනු ලබනවා.)
කුර්ම අවතාරය
එක් කාලයක දුර්වාශස් නම් ඍෂීවරයා ශක්‍රයාට (ඉන්ද්‍ර දෙවියන්) ත්‍යාගයක් ලෙස දුන් මල්මාලයක් ඔහු ක්‍රීඩා කිරීම පිණිස ඓරාවණ නම් දිව්‍යමය හස්තියාට දුන්නේය. මේ ගැන කිපුණු ඍෂීවරයා සියලුම දෙවිවරුන්ගේ බලය පිරිහෙත්වායි ශාප කළේය. එය එසේම සිදුවූ අතර අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් මහා බලි නැමැති අසුරයා සේනාව රැගෙන ඉන්ද්‍ර දෙවියන්ගේ තලය (Plane) වන ස්වර්ග ලෝකයේ අමරාවතී පුරය අල්ලා ගැනීමට පැමිණියේ ය. තමන් පරාජයට පත්වන බව දත් සුරයෝ (දෙවියන්) උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් හමුවට ගොස් පිහිට පැතූහ. දිවැස් ලා බැලූ උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ට ක්ෂීරසාගරය කලඹා අමෘතය ලැබ පානය කිරීමෙන් මිස දෙවියන්හට බලවත් විය නොහැකි බව පෙණුනි. ක්ෂීරසාගරය කැලඹීම සුරයන්ට පමණක් කල නොහැකි නිසා අසුරයන් සමඟ සමගියෙන් ක්ෂීරසාගරය කලඹවා ලබා ගන්නා අමෘතය හරියට දෙකට බෙදා ගන්නා ගිවිසුම පිට අසුරයන්ද කැමති කරවා ගත්හ. සුරයන් (දෙවියන්) හා අසුරයන් (දෙවියන්ට විරුද්ධ අර්ධ දේව ගණයක්) යන දෙපක්ෂය එක්ව මහාමේරු පර්වතය දණ්ඩක් ලෙස රැගෙන අනන්ත නම් නාග රාජයාගේ සහෝදර වාසුකී නාග රාජිණිය රැහැනක් ලෙස අගට යොදා ක්ෂීරසාගරය කලඹන්නට තීරණය කලහ. නාගයාගේ හිස පෙදෙස අසුරයන්ද වලිග පෙදෙස සුරයන්ද ගෙන මහත් වේගයෙන් වර්ෂ 1000ක්ම කැලඹූහ. දණ්ඩෙහි භ්‍රමණ වේගය නිසා සක්වල රත්වූ අතර සත්වයෝ මරුමුවට පත්වූහ. ඉන්ද්‍ර දෙවියන් නිතරම වැසි වැස්වූ බැවින් දෙරණ ගිණි ගැනීම වැලකිණි. වාසුකීය ද මහත් පීඩාවට පත්වූවාය. හේ සිය මුවින් විෂ දහරක් එවීය. ඉන් ලෝකය නැසෙනු දුටූ උතුම් ශ්‍රී ශිව දෙවිඳුන් වහා එය ගිල ගත්තේය. විෂ නිසා ඔහුගේ ගෙල නිල් පැහැ විය.
ඉන්පසු මහාමේරු පර්වතය ක්ෂීරසාගරයේ එරෙන්නට වූයෙන් ඇල්ලීමට අපහසු විය. උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් කුර්ම හෙවත් ඉබ්බෙකුගේ ස්වරූපයෙන් පැමිණ ක්ෂීරසාගර පතුලට බැස මහාමේරු පර්වතය ඔසවා ගත්තේය. මෙවිට සියල්ල සාර්ථකවී පලමුව හලාහල විෂ මතු විය. එය උතුම් ශිව දෙවිඳුන් පානය කල බැවින් ඔව්න්වහසේගේ ගෙල නිල් පැහැ වූ බව එක් මතයකි. ඉන්පසු කල්ප වෘක්ෂයද,කෞස්තුභ මාණික්‍යයද, ඉන්පසු සුරභිධේනුවද, ඓරාවණ හස්තියාද, උතුම් ශ්‍රී  ලක්ෂ්මී දේවියද පහල වූවාය. අනතුරුව අමෘතය රැගත් ධන්වන්තරී නම් දේවතාවාද පහල විය. ඔහු අමෘතය රැගත් බඳුන රැගෙන වේගයෙන් යන්නට වූ අතර සුරයින් හා අසුරයින් අමෘතය ලබා ගන්නා අටියෙන් ඔහු පසුපස ලුහුබැඳ යන්නට වූහ. ඔහුගෙන් අමෘත බඳුන උදුරාගත් අසුරයෝ වේගයෙන් පලාගියහ. දෙවිවරු සිදුවූ දේ විෂ්ණු දෙවිඳුන් හමුවට ගොස් දැන්වූහ. ඔවුන් අස්වසාලූ උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් සුන්දර ස්ත්‍රී රුවක් මවා (මෝහිණී ස්වරූපය) අසුරයන් වෙත යැවූහ. අමෘතය බෙදා ගැනීමට අසුරයන් අතරද කලහ ඇතිවිය. සුන්දර රූමත් තරුණිය ලෙස පැමිණි උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් ඔවුන් මුලා කොට අමෘතය ඔවුන්ගෙන් ලබාගත්හ. මෙම කතාවෙන් සංකේතවත් වන්නේ අතීතයේ ක්ෂීරපථය වේගයෙන් භ්‍රමණය වීමෙන් සිදුවූ කිසියම් විපර්යාසයක් විය හැකි යැයි නූතන විද්වතුන්ගේ මතයයි.
2 වන මතය - ලොව වනසාලපු ඒ රුදුරු ජල ගැල්මෙන් ලොව පැවති සියලු මහානුභාව වස්තූන් සයුරට ඇදී යනවා , දෙවියන්ට හිමිව තිබූ මහානර්ඝ වස්තුව වුනු අමුරුත පවා මේ වස්තූන් එක්ක මේ වස්තූන් සමග සයුර තුල සැගවී යනවා. දිගු කලක පටන් සුරයන් සමග යුද්ධ කරමින් හුන් අසුරයින්ට දෙවියන් සතුව තිබූ මේ මහානර්ඝ වස්තුව නැතිව යාමෙන් අති මහත් සතුටට පත් වෙනවා , ඔවුන් සුරයන්ගේ බලය අඩු වන බව දැන සුරයන්ට නොබියව තාඩන පීඩන කරන්නට වෙනවා , මෙම ගැහැට ඉවසාගත නොහී සුරයෝ තමන්ව ගලවාගන්නා මෙන් උතුම් ශ්‍රී විශ්ණු දෙවිදුන්ගෙන් ඉල්ලීම් කරනවා . ඉනික්බිති උතුම් ශ්‍රී විශ්ණු දෙවිදුන් උතුම් ශිව දෙවිදුන් සමග එක්ව මන්දිර පව්ව ගලවා වාසුකී නම් නා රජු ඒ වටා ඔතා තෙමේ කුර්මාවතාරයෙන් පහලව කිරි සයුරේ ගිලී මන්දිර පව්ව පිට මත තබාගෙන වාසුකීගේ වල්ගයෙන් හා හිසින් අදිමින් ඉදිබු වේශයෙන් මන්දිර පව්ව සොලවමින් සුරයෝ කලඹන්නට වූහ , ඒ හේතුවෙන් රළ පෙළ සගවා තබා ගත් ඒ මහානර්ඝ වස්තූන් මතුවන්නට වූවා , කල්ප වෘක්ෂය , සුරබිදෙන , උතුම් ශ්‍රී ලක්ශ්මිය , හලාහල විෂ වැනි ඒ වස්තූන් සමග අමුරුතයත් මතු වෙනවා , ඒ ලැබීමෙන් සුරයන්ට අසුරයන් පරදා ජය ගන්නට හැකි වෙනවා
වරාහ අවතාරය
වරක් හිරණ්‍යාක්ෂ නම් අසුරයෙක් නැවත පෘථිවිය ක්ෂීරසාගරය තුලට හෙලුවේය. විශාල සූකර වේශයක් මවා ගත් උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් අසුරයා මරා සිය දළ දෙක මත තබා පෘථිවිය නැවතත් මතු කළේය. මෙයින් අදහස් වන්නේද අතීතයේ සිදුවූ ජලගැලීමක් විය හැකිය. හිරණ්යාක්ෂ නමින් බලවත් අසුරයෙක් මහ පොලොව සමුදුර පතුලට හෙලූ අතර එයින් සමුදුරෙහි රළ පෙල නැගී අවුත් මුලු ලොවම බිලිගන්නට සැරසුණි,උතුම් ශ්‍රී විෂ්ණු දෙවිදුන් වරාහ අවතාරයෙන් ( සූකර වේශයෙන් ) ලොව පහල වී එම රුදුරු අසුරයා සමග සටන් කොට දළින් ඇන ඔහු මරා ඉනික්බිති සිය දළ මතුපිට තබා පොළොව මතුකොට මහත්වූ ජලස්කන්ධයෙන් ලොව ගලවා ගති, මුඛ්‍ය අර්ථය කොහොම වුනත් මේ කතා පෙළ සංකේතාර්ථයෙන් ගොඩක් ගැඹුරු අරුත් පවතිනවා.
නරසිංහ (නෘසිංහ) අවතාරය
කාෂ්‍යප ඍෂීවරයාට අදිති ගෙන් උපන් හිරණ්‍ය කාෂ්‍යප නම් බලවත් අසුර රජෙකු වූ අතර ඔහු උග්‍ර තපසක් රැක, දෙවියන්, මිනිසුන් තිරිසනුන්ට හෝ රෑ,දවල් හෝ ගෙදරදී පිටතදී හෝ අවියකින් හෝ විෂකින් හෝ තමාව නැසිය නොහැකි ලෙසට උතුම් මහා බ්‍රහ්මයාගෙන් වරයක් ලබාගත්තේය. ඔහුගෙන් ගැලවීමක් ලබා දෙන ලෙස සියලු දේවතාවෝ උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් හමුවට ගොස් ඉල්ලූහ. උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් සිය චක්‍රායුධය හිරණ්‍යගේ පුතු ලෙස ඉපදවීය. හෙතෙම ප්‍රහ්ලාද නම් විය. ඔහු නිතර උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් නමදින්නට වූ අතර පුතුගේ විෂ්ණු වන්දනාව වළක්වන්නට නොහැකිව හිරණ්‍යට ඉවසුම් නැති විය. හේ දිනක් මෙහි තා ගේ දෙවියා සිටීදැයි පවසා මාලිගයේ වූ විශාල කුලුණක් අසිපතක් ගෙන දෙකඩ කළේය. කණුව තුල සිංහ හිසක් සහිත අර්ධ මිනිසෙකු ලෙස නරසිංහ වේශයෙන් උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් සිටියේය. උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් පැමිණ ඇති බව දැනගත් හෙතෙම මඳක් තැති ගෙන පසුබැස එළිපත උඩට පලාගියේය. එය හිරු බැස යන වේලාව විය. ඔහුගේ ඇඟට කඩා පැන්න නරසිංහ සිය තියුණු නියපොතු වලින් හිරණ්‍යගේ ශරීරය ඉරා ඔහු මරා දැමීය. නරසිංහ යනු මනුෂ්‍යයෙකු හෝ දෙවියෙකු නොවූ බැවින්ද එතැන මාලිගය තුළ හෝ පිටත නොවූ බැවින්ද වේලාව රැය හෝ දහවල නොවූ බැවින්ද හිරණ්‍ය කාෂ්‍යප මැරීමට හැකිවිය.
වාමන් අවතාරය
බලි නම් අසුරයා ලෝකය තමා වෙත නතුකොට ගෙන උග්‍ර තපස් රැකීමෙන් හා ඍද්ධි බලයෙන් කෙතරම් බලසම්පන්න වූයේද යත් දෙවියන්ට පවා ඔහු ඉමහත් තර්ජනයක් විය. වාමනයෙක් හෙවත් මිටි පුද්ගලයකු ලෙස බමුණු පවුලක උපත ලැබූ උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් ඔහු වෙත ගොස් තමාගේ තුන් අඩියක් වැසෙන තරම් භූමි ප්‍රමාණයක් දෙන ලෙස ඉල්ලීය. ඔහුගේ උපදේශක ශුක්‍රාචාර්ය එය නොදෙන ලෙස කියා සිටියත් බලි එය ලබා දුනි. මෙතෙක් කලක් තම දෙමාපියන්ට පවා විහිලුකාරයෙකු ලෙස පෙනුණු මිටි තරුණයා එක්වරම යෝධ ආරෝහ පරිණාහ දේහධාරී පුරුෂයෙකු ලෙස විශාල රූපයක් මවා ගත්තේය. එවිට පොළොව හා ඒ අතර වාතස්කන්ධය ද තුන් අඩියෙන් වැසී ගියේ ය. දැන් මා මීළඟ පියවර තබන්නේ කොහිදැයි යෝධ තරුණයා බලිගෙන් ඇසීය. වෙනත් තැනක් නැත්නම් මාගේ හිස මත තබන්නැයි මේ අරුම දර්ශනය දැක සිහි විකල්ව ගොස් සිටී බලි පැවසීය. උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් සිය යෝධ දෙපා වලින් ඔහුගේ හිසත් සමගම පාතාල ලෝකයට තල්ලු කර දැමීය.
බලි නම් රජු මහා තපසකින් අති සුවිශේශී සෘධි බලයක් උපදවා ගන්නට සමත් වෙනවා , මේ අසමසම බලය නිසා මහත්සේ උදම් වන බලි සිතූ මනාපයට අධර්මවාදී වන්නට වනවා, දෙවියන්ට පවා බලි මේ ලබලා තිබුණු අසීමිත බලය මහත් ගැහැටක් වෙනවා නමුත් බලි ලබලා තිබුණු අසීමිත බලය හේතුවෙන් ඔහුට එරෙහිව සටන් වදින්න දෙවියන් පවා බිය වනවා , කොහොම වුනත් මීට කදිම උපායක් භාවිතා කරන උතුම් ශ්‍රී විෂ්ණු දෙවිදුන් ඉතාමත්ම මිටි පුද්ගලයෙකුගේ නොහොත් වාමනයෙක් වන් ස්වරූපයකින් ලෝකයේ පහල වෙනවා , ඉන් පසු ඔහු බලි රජුව හමුවීමට යනවා , බලි රජු ඒ කාලයේ එක්තරා යාගයක් පුරමින් හුන්නේ, ඔහු ලගට පැමිණ යමෙක් යමක් ඉල්ලයිද , බලි රජු නිසැකයෙන්ම එය ඔහුට ලබා දෙනවා... මේ කියන වාමනාවතාරයෙන් පහල වුණු උතුම් ශ්‍රී විශ්ණු දෙවිදුනුත් බලි හමුවට යනවා, ඔහු ඉල්ලනවා තමන්ගේ අඩි තුනක් වැසෙන පරිදි බිම් කඩක් ඔහුට ලබලා දෙන්න කියලා, ඒ අහලා සිනහවෙන බලි රජු ඔහුට ඕනෑම තමන් කැමති තැනකින් අඩි තුනක් වැසෙන බිම් ඉඩක් ලබා දෙන්න පොරොන්දු වෙනවා... එසැනින් මේ කුරු වාමනයා මහා යෝධයෙක් වන්න ගන්නවා , අහසත් පොලොවත් වාතස්කන්ධයත් තම තුන් පියවරින් වසාලන වාමන අවසානයේ බලි රජුට පාතාලය හැරුණු කොට යන්නට වෙන තැනක් නොමැති කරනවා
පර්ශුරාම අවතාරය
පර්ශුරාම යනු පර්ශු නැමැති පොරොව අතින් ගත් තැනැත්තා යන අරුතයි. දමදග්නි බ්‍රාහ්මණයාට පුත්ව උතුම් ශ්‍රී විෂ්ණු දෙවිදුන් පරශුරාම නමින් ලොව පහළ වෙනවා , අධාර්මිකයෙකු වූ කාර්තකවීර්ය රජු දමදග්නි බ්‍රාහ්මණයා සතු සියලු වස්තුව පැහැරගත් බැවින් පරශුරාමාවතාරයෙන් පහලව අධාර්මික කාර්තකවීර්ය රජු මරා දමනවා , ඉනික්බිති කාර්තකවීර්ය රජුගේ දුෂ්ඨ කුමරුන් දමදග්නි බ්රාහ්මණයා මරා දමනවා , කෝපාවිෂ්ඨ පරශුරාමයන් ක්ෂ්ත්‍රීය කුළයේ පුරුෂයන් පිට පිට විසි එක් වතාවක් මරුමුවට පත් කරනවා, හින්දු දේව ඇදහීම් අනුව පරශුරාම අති ප්‍රබල චරිතයක්. පර්ශුරාම් අදටත් ශ්‍රී විෂ්ණු ව්‍යාප්තියක් ලෙස ඍෂිවරයෙකු, මුණිවරයෙකු වශයෙන් හිමාලය අඩවියෙහි වාසය කරන බවට මතයක් ඇත. මොහු රාම කුමරුගේ යුගයේදී රාම-සීතාගේ ස්වයංවර මංගල්‍යය අවස්ථාවේදී හදිසියේ පැමිණියේ රාම කුමරුන් විසින් ශිවගේ දුන්න බිඳ දැමීම නිසාය.
රාමාවතාරය
පුලස්ති නම් ඍෂිවරයාගේ විශ්‍රවස් නම් බමුණාහට කෛසී නම් රාක්ෂස ගෝත්‍රයට අයත් බිසවගෙන් රාවණ, විභීෂණ, කුම්භකර්ණ නම් පුතුන් තිදෙනෙක් හා සුපර්ණකා නම් දියණියක්ද එකවර උපත ලැබූහ. විශ්‍රවස් බමුණාගේ දේවමර්ණි නම් බිසවට ලැබුණු වෛශ්‍රවණ නම් පුත්‍රයාට හිමිව තිබූ ලංකාවේ රාජ්‍යත්වය බලහත්කාරයෙන් පැහැරගත් රාවණ, උග්‍ර තපස් රැක කිසිදා නොමැරෙන අමරණීයවන වරයක් මහා බ්‍රහ්මයා වෙතින් ලැබීය. අනතුරුව ඔහුගෙන් දෙවියන්ට පවා හිංසා පීඩා තර්ජන එල්ල විය. දෙවිවරු උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් වෙත ගොස් පැමිණිලි කළහ. හෙතෙම රාම කුමරු ලෙස අයෝධ්‍යාවේ දශරථ නම් රජුට පුත්ව ඉපිද වැඩිවිය පැමිණ සීතා දේවිය සමඟ අවාහ විය. එක් කලක රාවණා රාම කුමරුගේ භාර්යාව වන සීතා දේවියව පැහැරගෙන ගොස් කාමයෙන් මත්ව ඇයව තමන් වෙත පොළොඹවා ගැනීමට උත්සාහ කළේය. රාම යුදසේනා රැගෙන ලක්දිවට පැමිණ තුදුස් වසරක් යුද්ධ කොට රාවණා මරා රාජ්‍යත්වය ඔහුගේ යහපත් මලණ්ඩිය වූ විභීෂණ කුමරුට පවරා සීතා සමඟ ආපසු භාරතයට පැමිණ අයෝධ්‍යාවෙහි සිංහාසනාරූඪ විය. ඉන්පසු දෙවියෝ රාක්ෂස බියෙන් දුරු වූහ.
ක්‍රිෂ්ණාවතාරය
මේ කතා සාරය ඉතා දීර්ඝ වූවක් , ඒ වගේම ඉතාමත්ම ශ්‍රේෂ්ඨ වූවක් ,මීට වර්ෂ 5000කට පමණ පෙර මථුරා පුරයේ යාදව් වංශයේ උපත ලැබූ ක්‍රිෂ්ණාගේ පියා වාසුදේව් වූ අතර මව එකල රජ කල කංස් රජුගේ නැගණිය දේවකී ය. ඇගේ 8 වන පුත්‍රයා අතින් කංස් රජු ඝාතනය වෙතැයි රජු ඇසූ දෛවඥ අනාවැකියක් නිසා ඇගේ කුසෙන් බිහිවූ දරුවන් 7 දෙනෙකුම ඔහු කෲරතර ලෙස මරා දැමූ අතර 8 වැනි දරුවා වූ ක්‍රිෂ්ණාව එතුමාගේ පියා විසින් එක් රාත්‍රියක රැගෙන ගොස් තම ඥාතියෙකු වූ නන්ද නම් ගොපල්ලාගේ දරුවාට මාරු කලේය. ගොපල්ලාට උපන් දියණිය රැගෙන ආ අතර එබැවින් කංස්ට ක්‍රිෂ්ණා මැරීමට නොහැකි විය. ගොපල්ලා සහ ඔහුගේ බිරිඳ යශෝධා විසින් තම දරුවන් මෙන් ක්‍රිෂ්ණා සහ බල්රාම්ව හදා ගත්හ. ඇත්තෙන්ම කීවොත් ශ්‍රී ක්‍රිෂ්ණයන්ගේ කුඩා කල වෘන්දාවනයේ සිදු කලාවූ විවිධ වික්‍රමයන් හා ආශ්චර්යයමත් ක්‍රියාවන් විස්තර කල නොහැකි තරම් කතා මාලාවක් උන්වහන්සේගේ චරිතය වටා ඇත. කුඩා කල කුරිරු රාක්ෂසයන් මැරීම, ගෝවර්ධන් පර්වතය තනි ඇඟිල්ලෙන් එසවීම මින් සමහර ආශ්චර්යයමත් ක්‍රියාවන්ය. කුඩා කල දඟකාරකම් රැසක්ද සිදු කල හෙතෙම නිතර බට ලී නලාවක් වාදනය කලේය. තරුණ වයසට පැමිණි පසු මථුරාවට පැමිණ සිය දුශ්ඨ,කුරිරු මාමා වූ කංස් රජුව නසා දමා මථුරා රාජධානිය අත්පත් කරගත්තේය. නමුත් කංස් ගේ මාමණ්ඩිය වූ ජරාසන්ධ් නැමැති මගධ රජු එතුමන්ට එරෙහිව පැමිණි නමුත් එම සටන් සියල්ල ජයගත්තේය. ද්වාර්කා නමින් නව අගනුවරක් සහිත රාජ්‍යයක් පිහිටුවා ගත් එතුමා විදර්භයේ රජුගේ දියණිය රුක්මණී ඇගේ කැමැත්තෙන්ම පැහැරගෙන පැමිණ සිය අගබිසව බවට පත් කර ගත්තේය. පසුකාලීනව බිසවුන් 16100කට අධික පිරිසක් විවාහ කර ගත්තේය. මෙකල කුරිරු රාක්ෂසයන් ඝාතනය කිරීම ආදී වීර ක්‍රියාවන් සිදුකලේ ය. මහාභාරත කතාව පුරාම එතුමා පාණ්ඩව සොයුරන් පස් දෙනාගේ හොඳම මිතුරා ලෙසත් උපදේශකයා ලෙසත් එතුමා ක්‍රියා කලේය. පාණ්ඩවයින් කුරුක්ෂේත්‍ර යුද්ධය ජයගෙන කුරු රටේ බලය පිහිටුවා ගත් පසු ක්‍රිෂ්ණා ද්වාරකාවට ආපසු පැමිණියේය. යාබද අධිපතියන් අතර වූ ගැටුම් නිසා ඇතිවූ ප්‍රශ්නයක් මත හේ වනයට පිටත් විය. ගසක් යට විවේක ගනිමින් සිටියදී වනයේ දඩයක්කරුවෙක් පඳුරු අස්සෙන් එතුමාව දැක සතෙකු යැයි සිතා හීයක් විද්ද අතර අවුරුදු 120ක් ආයු සම්පූර්ණව සිටී එතුමාගේ පාදයට එය වැදිනු බව සඳහන්වේ. එතුමාණෝ ඉන්පසු තමන්ගේ වෛකුණ්ඨ භවනය වෙත ආපසු සැපත් වූහ. අවසන් මොහොතේදී තමන් නොදැන කල වරදට සමාව දෙන ලෙස දඩයක්කරු ඔහුගේ දෑත් මතදී එතුමාගෙන් ආයාචනා කල අතර එතුමා ඔහුට කමා කල සේක. ඇත්තෙන්ම කීවොත් ශ්‍රී ක්‍රිෂ්නයන් තමන්ගේ ජීවිත කාලයම අන්යන්ට මහගු උපදෙස් ලබා දුන් ආදර්ශමත් පුද්ගලයෙකු ලෙසයි හැදින්වෙන්නේ, විශේෂයෙන්ම අවසාන වශයෙන් කුරු පාණ්ඩව මහාභාරත මහා යුද්ධයේ පාණ්ඩවයන්ගේ බලය වූයේ මෙතුමන් වහන්සේයි. එතුමන් උපත ලැබූ මථුරාව අදත් පූජනීය ශුද්ධ භූමියක් ලෙස හින්දුන් වන්දනා කරනු ලබති. ශ්‍රී ක්‍රිෂ්ණා ලෙස උපත ලැබූ උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් භගවත් ගීතාව මඟින් අර්ජුන්ට නිර්වාණය හෙවත් අත්හැරීම පිළිබඳව දේශනා කර තිබේ.( භගවත් ගීතාව කියවන්න.) ශ්‍රී ක්‍රිශ්නයන්ගේ භගවත් ගීතාව ඇත්තෙන්ම කියෙව්වොත් ඕනෑම අයෙකුට හැකියි එය තුලින්ම මේ ලෝකය සහ ධර්මයත් අවබෝධ කරගන්න. එමෙන්ම මහා ධාර්මිකයෙකු වන්නත්.. ක්‍රිශ්ණාවතාර කතාව මුලුල්ලේම මහා ධර්ම පණිවිඩ ආකරයක් ගැබ්ව ඇත්තක් කීවොත් නිවැරදියි.
බුද්ධ අවතාරය
(කලියුගය අවසානයේ පහළ වු බුදුරජාණන්වහන්සේදවිෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස හින්දු සලකති)
උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් උත්තම බුදුන් වහන්සේ නැමති දාර්ශනිකයා ලෙස උපත ලැබ සර්වඥ පදවිය ලැබූ ආකාරය හින්දු දර්ශනයේ දැක්වේ. ගීත ගෝවින්දයේ දැක්වෙන්නේ සත්වයින් වෙත පතළ මහා කරුණාව නිසාත් සත්ව බිලි පූජාවන් නවත්වනු සඳහාත්, විශ්වය මහා බ්‍රහ්මයාගේ නිර්මාණයක් බව පැවසෙන මතය දුරු කිරීම සඳහාත්, කාන්තාවන්ට එරෙහිව හා කුල වශයෙන් එකල සමාජයේ පැවති පීඩනය තුරන් කිරීම සඳහාත් උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් උතුම් ගෞතම බුදුන් වහන්සේ ලෙස උපත ලැබූ බවය. යමෙකු කුලීනයෙකු හෝ කුලහීනයෙකු වන්නේ උපතින් නොව ඔහුගේ ක්‍රියාවන් තුලින් බව බුද්ධ දේශනාව ය. රාම කුමරුද අතීතයේදී මෙය පවසා ඇත. පරමේශ්වරයන්ගේ දරුවන් වන මනුෂ්‍යයන් සියලු දෙනාම උපතින් සමාන බවයි ඒ. මනුෂ්‍යයා දුෂ්ටයෙකු හෝ ධර්මිෂ්ඨ වන්නේ ඔහුගේ ක්‍රියාවන් තුලිනි. උතුම් ශ්‍රී උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ වෛෂ්ණව දර්ශනයේ මූලික හරය වන අහිංසාව, යුක්තිය,ධර්මය, නීතිය,සාධාරණත්වය හා සමානාත්මතාවය පිළිබඳ පණිවිඩය බෞද්ධ දර්ශනයේද හරය වේ. එමෙන්ම මීට වසර 5000 කට පෙර ශ්‍රී ක්‍රිෂ්ණා ලෙස උපත ලැබූ උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් භගවත් ගීතාව මඟින් අර්ජුන්ට නිර්වාණය හෙවත් අත්හැරීම පිළිබඳව දේශනා කර තිබේ.(භගවත් ගීතාව කියවන්න.)
ක්‍රිශ්නාවතාරයෙන් පසුව උන්වහන්සේ බුද්ධ සහ කල්කී යන අවතාර ද්විත්වයයි යනුවෙන්.. ඉතින් ක්‍රිෂ්ණයන්ගේ යුගයෙන් පසු ගෞතම බුදුරජාණන් වහන්සේ පහල වනවා , මා හිතන්නේ මේ සිද්ධි දාමයත් එක්ක හින්දු සාහිත්ය පෙළඹෙන්නට ඇතැයි කියායි , උතුම් ශ්‍රී විෂ්ණු දෙවිදුන්ගේ බුද්ධ අවතාරය එය ලෙසින් සලකන්නට , නමුත් බෞද්ධ සාහිත්යයේ දැක්වෙනවා මෙතේ බුදුන් වහන්සේගේ සමයෙන් මතු මේ කල්පාවසානයෙනුත් පසු උදාවන නව කල්පය ( වාසනාවට එයත් නැවතත් බද්‍ර කල්පයක්මයි ) තුල පළමුවෙන්ම උතුම් බුද්ධත්වයට පත්වන රාම බුදුරජාණන් වහන්සේ ලෙසින් පහලවීමට වරම් ලැබ ඇත්තේ උතුම් ශ්‍රී විශ්ණු දෙවිදුන් වගට.

කල්කී අවතාරය
'ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ කල්කී අවතාරය යනු දුටුගැමුණු රජතුමා ද....?' අදින් වසර 3000කට පමණ පමණ පෙර භාරතීය ඍෂිවරුන් උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ 10 වන මනු ලොව පහල වීම පිළිබඳව ප්‍රකාශ කර තිබේ. එතුමා කල්කී ලෙස අනාගතයේ අඳුරු යුගය අවසානයේ දී සුදු අශ්වයෙකු පිට නැඟී,ගිනිදලු සමඟ අසිපතක් අතින්ගත් පුරුෂයෙකු ලෙසින් මනුලොව උපත ලබා අධර්මිෂ්ඨයන්ට දඬුවම් කොට යහපත් අයට ආශිර්වාද කොට යලි ධාර්මික ස්වර්ණමය යුගයක් ස්ථාපිත කරන බව දක්වා තිබේ. උතුම් බුදුන් වහන්සේ පර්නිර්වාණ මංචකයේදී ලක්දිව ධර්ම ශාසනය ආරක්ෂා කරන ලෙස උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන්හට පැවසූ බව මහාවංශයේ සඳහන්වේ. මේ අනුව ලක්දිව ශාසනයට හා රාජ්‍යයට බරපතළ තර්ජනයක් උදාවූයේ අසේල රජු මරා අනුරාධපුර රාජධානිය යටත් කරගත් ආක්‍රමණික සොලී රජ එලාර ගෙනි. විහාරමහා දේවිය වැනි ශ්‍රේෂ්ඨ කාන්තාවකගේ දරුවෙකුව උපත ලබා කවදත් තමන්ගේ සොහොයුරු ලෙස මනුලොව උපත ලබන එතුමන්ට සෙවණ දෙන සංකර්ශණ දෙවිඳුන් ශ්‍රද්ධාතිස්ස ලෙස උපත ලබා දසමහා යෝධයින් සමගින් ගිනිදලු සහිත අසිපත රැගෙන සුදු අශ්වයෙකු පිට නැඟී අනුරාධපුරයට පැමිණ සටන්කොට එලාර රජු නසා ලංකා රාජ්‍යයත් ,ධර්ම ශාසනයත් ආරක්ෂා කර ධාර්මික ස්වර්ණමය යුගයක් ස්ථාපිත කිරීමට ක්‍රියාකරන බව අතීත භාරතීය නාඩි වාක්‍ය ග්‍රන්ථවල සඳහන්ව තිබේ. මාගේ මේ “ව්‍යායාමය හුදෙක් රජ සැප විඳීම පිණිස නොවේ. රටත්, සම්බුද්ධ ශාසනයේත් චිරස්ථිතිය පිණිසය..” යනුවෙන් එතුමා එහිදී ප්‍රකාශ කරන බවත් ධර්මය යලි ස්ථාපිත කරන බවත් එම භාරතීය නාඩි වාක්‍ය ග්‍රන්ථවල සඳහන්ව තිබේ.
වෙනත් අයෙකුගේ අදහසක්- කල්කී අවතාරය ගැන , මෙම කලියුගයේ අවසාන ධර්ම ප්‍රතිෂ්ටාපනය උදෙසා සුදු අසෙකු අරා ගිණිදැල් පිටවන අසිපතක් ගත් පුරුෂයෙකු ලෙසින් උතුම් ශ්‍රී විශ්ණු දෙවිදුන් පහලවන වගටත් අධාර්මිෂ්ටයින් නසා , සාධු ජනයා සුරක්ශිත කරමින් , යලිත් ධර්මය ලොව තුල රැක දෙනා වගටත් කල්කී අවතාරය පිලිබදව විශ්ණු පුරාණයේ දැක්වෙනවා.
සුදර්ශන් චක්‍රය හා ධර්ම චක්‍රය
බොහෝ දෙනා සුදර්ශන් චක්‍රය හා ධර්ම චක්‍රය පටලවා ගන්නා බවක් පෙනේ. සුදර්ශන් චක්‍රය ධර්මයේ ආරක්ෂක වන උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ ආයුධය බව සැබෑවකි. නමුත් එය ආයුධයක් පමණක්ම නොවේ. අප බොහෝ දෙනා දැක තිබෙන්නේ එය උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් ආයුධයක් ලෙස භාවිතා කරන නිසා එය ආයුධයක් පමණක් කියායි. නමුත් එහි ව්‍යංගාර්ථයෙන් අදහස්වන්නේ නැතිනම් සුදර්ශන් චක්‍රයෙන් නිරූපණය වන්නේ චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වන ස්වභාව ධර්මය යි. ස්වභාව ධර්මයේ සිදුවන සෑම සංසිද්ධියක්ම සුදර්ශන් චක්‍රයෙන් නිරූපණය වේ. යමෙක් මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ සොරකම් ආදී පාපකර්ම සිදුකරන විට ඔහුට නීතියෙන් දඬුවම් හිමි වේ. නමුත් ඇතැම් බලවත් පුද්ගලයින් නීතියෙන් බේරී සිටිනු අප සමාජයේ දැක තිබේ. එවැනි පුද්ගලයින් නීතියෙන් ගැලවුනද ඔවුන්ට කවදා හෝ ස්වභාව ධර්මයන් දඬුවම් ලැබුන අයුරු අප පුවත්පත් ආදියෙන් දැක තිබේ. පාප කර්මයන්ට දඬුවම් හිමිවන්නේ ස්වභාව ධර්මය තුළිනි. එනම් සුදර්ශන් චක්‍රයෙනි. උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් සුදර්ශන් චක්‍රයෙන් දඬුවම් ලබා දෙනවා යනු හුදෙක් බෙලි කැපීමක් නොවේ. එයින් නිරූපණය කරන්නේ ස්වාභාව ධර්මයෙන් අපරාධකරුවෙකුට දඬුවම් ලැබෙන ආකාරයයි. ධර්ම චක්‍රයෙන් අදහස් කරන්නේ ද ස්වභාව ධර්මයම බව ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පවසති. උත්තම බුදුන් වහන්සේ දේශනා කලේ ද ලෝකයෙහි යටපත්ව තිබූ ධර්මය හෙවත් ස්වාභාවයෙන්ම පවතින ධර්මයයි. එනම් ස්වභාව ධර්මයයි. පංච ශීලයෙන් අදහස් කරන්නේ ස්වභාවයෙන්ම ලෝකයහි පවතින ධර්මතාවයයි. යමෙක් පංච ශීලය බිඳ දැමූ විට සිදුවන අයහපත ධර්මපාල ජාතකයේදී පෙන්වා ඇත. අප පංචායුධ කුමාරයාගේ කතාව අසා ඇත. කුඩා ළමුන්හට පංචායුධයක් පලඳවන්නේ ඇයි? ධර්මය විසින් යමෙකු ආරක්ෂා කරන ආකාරය පංචායුධ කුමාරයාගේ කතාව තුලින් පෙන්වා දී ඇත. හොඳින් බැලුවහොත් පංචායුධය තුල සුදර්ශන් චක්‍රය ඇත. " ධර්මය රකින්නා ධර්මය විසින් රකිනු ලැබේ.." යන බුදු වදනම හින්දු දර්ශනය තුල " ධර්මෝ රක්ෂති රක්ෂිතහඃ.." යනුවෙන් ධර්මරාජ ශ්ලෝකයෙන් දක්වා තිබේ. සුදර්ශන් චක්‍රයෙන් අධර්මිෂ්ඨයන් හට දඬුවම් ලැබෙනවා මෙන්ම එය ධර්මය රකින පුද්ගලයා ආරක්ෂා කරයි. රාම කුමරු විසින් කාමයෙහි ගැලී,පාපයට වැටී සිටී ඍෂිවරයෙකු ඉන් මුදා ගෙන නිවැරැදි මාර්ගයේ පිහිටෙව්වේ ද සුදර්ශන් චක්‍රය ඔහුට දැක්වීමෙනි. එයින් පෙනෙන්නේ ද එය හුදෙක් ආයුධයක් පමණක්ම නොවන බව නොවේද? එය ධර්ම චක්‍රය බව නොවේද? ඉන්දියාවේ ජාතික ධජය දෙස බලන්න. එහි මැද ධර්ම චක්‍රය ඇත. සුදර්ශන් චක්‍රයත් එයමයි. උතුම් ශිව දෙවියන් විසින් උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන්හට සුදර්ශන් චක්‍රය ලබා දුන් බවට කතාවක් ඇත. එහි අර්ථය ස්වභාව ධර්මය නිරූපණය කරන උතුම් ශිව දෙවිඳුන් ස්වභාව ධර්මයේ පාලනය උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් වෙත පවරන ලද බවයි. සම්බුද්ධ පරිනිර්වාණ අවස්ථාවේදී අති උතුම් බුදුන් වහන්සේ ලක්දිව ධර්ම ශාසනය ආරක්ෂා කිරීමේ වගකීම උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් වෙත පැවරූ බව මහාවංශයේ දැක්වේ. අනාගත මෛත්‍රී බුදු හිමියන් බුද්ධත්වයට පත්වන්නේ ගිහිගෙයිදීම බව පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් මෑතකදී පැවසූහ. එසේනම් ගිහිගෙයි සිටියදීත් නිර්වාණය අවබෝධ කල හැකි බව පැහැදිලි වේ.
සුදර්ශන් චක්‍රය සිදු කරන්නේ කුමන කාර්යයන්ද....? චක්‍ර සිද්ධාන්තය -Circle Theory.
සුදර්ශන් චක්‍රය යනු ස්වභාව ධර්මයේ චක්‍රය යි. කාලය පවා මේ චක්‍රයට අයත්. මේ විශ්වය තුල සිදුවන සෑම සංසිද්ධියක්ම පාහේ ධර්මයේ චක්‍රය වන සුදර්ශන් චක්‍රය අනුව සිදුවේ. එය නිතරම නොනැවතී භ්‍රමණය වෙමින් පවතී. කාලය යන්න ගතහොත් සෑම දිනකම උදෑසන 8.00, මධ්‍යහ්න 12.00, හවස 6.00,රාත්‍රි 12.00 වශයෙන් කාලය එකම ස්ථානයට දිනපතාම පැමිණෙන බව අප දනිමු. මෙසේ සිදුවන්නේ මේ විශ්ව ධර්ම චක්‍රය නොකඩවා භ්‍රමණය වන නිසාය. ආදි හින්දු වේද ග්‍රන්ථවල පෘථිවිය තමා වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා පරිභ්‍රමණය වන බව සඳහන්ව තිබිණි.ඒ නූතන විද්‍යාඥයින් සොයා ගැනීමට වසර 5000කට පමණ පෙර ය. මීට වසර 1500 කට පෙර ඉන්දියාවට පැමිණි ග්‍රීකයන් තම රටට ගෙන ගිය අතිවිශාල ඥාණ සම්භාරය අතර මෙම සිද්ධාන්තයද එකකි. මෙම සංසිද්ධියද චක්‍රාකාරීව සිදු වේ. මෙසේ සිදුවන්නේ ද මේ විශ්ව ධර්ම චක්‍රය නොකඩවා භ්‍රමණය වන නිසාය. අප ජීවත්වන සෞරග්‍රහ මණ්ඩලය අයත්වන්නේ ක්ෂීරපථය නැමති චක්‍රාවාටයට ය.(Galaxy)සෞරග්‍රහ මණ්ඩලය ගතහොත් එය ඇතුළු සියලුම සෞරග්‍රහ මණ්ඩල මේ ක්ෂීරපථය තුල නොනැවතී චක්‍රාකාරීව භ්‍රමණය වේ. පුදුමය නම් ක්ෂීරපථය ඇතුළු සෑම චක්‍රාවාටයනුත් චක්‍රාකාරීව භ්‍රමණය වීමය.සෛලවල පවා ඉලෙක්ට්‍රොන, ප්‍රෝටෝන හා නියුට්‍රෝන චක්‍රයක් ලෙස භ්‍රමණය වේ.
චක්‍රාවාටය(Galaxy) යන වදන තුලම එය එය චක්‍රයක් බව කියැවේ. මෙයයි ස්වාභාව ධර්මයේ චක්‍රය. නැතිනම් සුදර්ශන් චක්‍රය කියා පවසනුයේ.. ක්ෂීරෝදකෂායී උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් වාසය කරන ස්ථානය නම් ක්ෂීරසාගරය(Milky Ocean) හෙවත් කිරි සයුරයි. මනුෂ්‍ය ජීවිතය ගතහොත් එයද ගමන් කරනුයේ චක්‍රාකාරීවය. "දුක සැප දෙක රියසක මෙන් නිති පෙරලේ..." යන කියමනට අනුව රියසක යනු කුමක්ද? රෝදය හෙවත් චක්‍රය යි . ලොව මුලින්ම සොයා ගනු ලැබුයේ ද කරත්ත රෝදය හෙවත් චක්‍රය යි. මනුෂ්‍ය ජීවිතයේදී දුක සැප දෙකම කරත්ත රෝදය මෙන් භ්‍රමණය වන බව එම කියමනේ අරුත ය. රෝදයේ හෙවත් චක්‍රයේ අගක් මුලක් සෙවිය නොහැක. නමුත් එහි එක තැනක් පැන්සලකින් සලකුණු කර එය නොකඩවා භ්‍රමණය කළහොත් එය නැවත කිහිප වතාවක්ම සලකුණු කල ස්ථානය වෙත පැමිණෙනු දැකිය හැක. කාලය ද භ්‍රමණය වන බව පෙනේ.
දුක සැප දෙකත් විටින් විට මනුෂ්‍ය ජීවිතයට පැමිණෙන බව පෙනේ. එමෙන්ම මිනිසාට තම ජීවිතයේදී සාර්ථකත්වය උදෙසා පැමිණෙන අවස්ථාවන් ගණන එකක් නොවන බව මෙයින් පැහැදිලි වේ. ජීවන චක්‍රය, සංසාර චක්‍රය, විශ්වයේ,පෘථිවියේ ආරම්භය පැවැත්ම සහ අවසානයත් යන මේ සෑම කාර්යයක්ම චක්‍රාකාරීව භ්‍රමණය වෙමින් සැමදාම සිදුවේ. එහෙත් කිසිවක් සදාකාලික නැතැයි පැවසුවත් මේ ධර්ම චක්‍රයේ භ්‍රමණය වීම සදාකාලිකවම නොනවත්වා සිදුවේ. මේ නිසා එය විනාශ නොවන 'අවිනාශී' තත්ත්වයක් බව හින්දු විශ්වාසය යි. සෑම දෙයම විනාශ වුනත් එම භ්‍රමණය වීමේ ක්‍රියාවලිය කිසිදා විනාශ නොවේ. අවසන් නොවේ. එම භ්‍රමණය වීම කරනු ලබන්නේ තමන්ගේ ස්වරූප මනුෂ්‍ය ලෝකයට එවනු ලබන උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් බැවින් එතුමා සදහටම ජීවමානව සිටින, කිසිදා විනාශ නොවන සර්වබලධාරී, සර්වව්‍යාපී 'අවිනාශ් ' වේ. සාමාන්‍ය දෙවිකෙනෙකු නොව සියලුම දෙවිවරුන්ට වඩා උසස්ම,උතුම්ම ප්‍රධානතම දෙවිඳුන් වශයෙන් හින්දුන් විශ්වාසය කරති. පරිගණකයක්,ප්‍රින්ටරයක් වුවත් ඉබේම ක්‍රියාත්මක නොවේ. උපදෙස් දෙන්නෙකු, ක්‍රියාත්මක කරන්නෙකු සිටිය යුතුය. සෑම දෙයක්ම එසේමය. හේතු ඵල දහම අනුවත් කුමක්ද හේතුව? කුමක්ද ඵලය? කියා විමසා බලයි. එසේනම් කිසිවකු විසින් ප්‍රින්ටරය ක්‍රියාත්මක කිරීම හේතුව වේ. එහි ඵලය ලෙස අපට මුද්‍රිත කඩදාසියක් ලැබේ.
'සුදර්ශනයන වදනෙහි අරුත 'යහපත් දැක්ම' යන්නයි. මෙය යහපත,අයහපත යන සියල්ලම දකින කැඩපතකි. එබැවින් සුදර්ශන් චක්‍රය යනු ආයුධයක් පමණක්ම නොවේ.එය එක්තරා දිවැසක් ද වේ. ඒ තුල අශ්ඨ ලෝක ධර්මය පවතී. මෙය ආයුධයක් ලෙස භාවිතා වන්නේ අධර්මයට එරෙහිවය. අයහපත් ක්‍රියාවන් සිදුකරන අපරාධකරුවන්, ජනතාව පීඩනයට පත්කරමින් පංච දුශ්චරිතයෙහි නියැලෙමින් දීර්ඝකාලීනව බලයේ සිටින පාලකයින් නසා ඉවත්කර දැමීමට ය. කිසිම පාලකයෙකුට සදාකාලිකවම බලයක් නොලැබෙන්නේ මෙම ස්වභාව ධර්මයේ චක්‍රය වන සුදර්ශන් චක්‍රය නිසාය.උතුම්  ශ්‍රී විෂ්ණු දෙවිඳුන් විසින් තමන්ගේ ස්වරූප මනුෂ්‍ය ලෝකයට එවනු ලබන්නේ මෙම සුදර්ශන් චක්‍රයේ ධර්මය ලෝකයාට මතුකර පෙන්වාදීමටය.
වෛෂ්ණව දර්ශනය සංක්ෂිප්තව
වෛෂ්ණව දර්ශනයේ මූලික හරය වන්නේ හිංසාව, අයුක්තිය,අධර්මය, අවනීතිය,අසාධාරණය,ආත්මාර්ථකාමීත්වය හා අසමානාත්මතාවය යන අධර්මයන් පරාජය කොට, අහිංසාව, යුක්තිය,ධර්මය,නීතිය,සාධාරණත්වය,පරාර්ථකාමීත්වය හා සමානාත්මතාවය යන ධර්මයන් ලොව ස්ථාපිත කළ යුතු බවයි. ඒ සඳහා අවස්ථානුකූලව ධර්ම යුද්ධයක් පවා සිදු කිරීමේ වරදක් නොමැති බව කුරුක්ෂේත්‍ර යුද්ධයේදී වාසුදේව් ශ්‍රී ක්‍රිෂ්ණා අවධාරණය කර ඇත. අපරාධකරුවන්හට, අපරාධවලට නිසි දඬුවම් විවාදයකින් තොරවම ලබා දිය යුතුය. එසේ නොමැති වූ විට චක්‍රයක් මෙන් අපරාධකරුවන් දිගින් දිගටම අපරාධ සිදුකරති. එය නැවැත්වීම සඳහා අනිවාර්යයෙන්ම දඬුවම් ලබා දිය යුතුය." උතුම් ශ්‍රී විෂ්ණු ධර්මය අනුව අපරාධවලට දඬුවම් දීමෙන් අපරාධකරුට සිදුවන්නේ අයහපතක් නොවේ. යහපතකි. මක්නිසාද, ශ්‍රී ක්‍රිෂ්ණා පවසා ඇති පරිදි අපරාධකරුට දඬුවම් දීමෙන් ඔහුට අපාගතවී දුක් විඳීමට සිදු නොවේ. මක්නිසාද ඔහුගේ පාපයේ වන්දිය එවිට ගෙවී අවසාන වන බැවිනි. අනාගතයේ බරපතල දුක් විඳිනවාට වඩා දැන් දඬුවමක් විඳීම හොඳය.." අයුක්තිය,අධර්මය,අවනීතිය,අසාධාරණත්වය ලොව සැමදා නොපවතී. කවදා හෝ එහි අවසානය උදාවන දිනයක් පැමිණෙනු ඇත. උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් මනුෂ්‍ය ලෝකයට පැමිණිනෙනුයේ මෙම අධර්මයන් පරාජය කොට ධර්මය ස්ථාපිත කිරීමටය. අයුක්තිය,අධර්මය,අවනීතිය,අසාධාරණය අවසාන වන දිනය එම දිනයයි. මිනිසා ස්වභාවධර්මය ඉක්මවා ක්‍රියා කරන විට විනාශය ලඟා කරගන්නා බව මෙහි දැක්වේ. මෙනයින් බලන විට මෙම ලෝකයේ කිසිදිනක ධර්මය සම්පූර්ණයෙන්ම නැතිව යාමට උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් ඉඩ නොතබන බව පැහැදිලිවේ.
තවද ස්වභාවධර්මය පාලනය කරන්නා වශයෙන් උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ දූත මෙහෙවර කුමක්ද යන්න එතුමා ශ්‍රී ක්‍රිෂ්ණා වශයෙන් උපත ලබා ප්‍රකාශ කර ඇත. උන්වහන්සේගේ දූත මෙහෙවර වනුයේ ලොවට බරක් වී ඇති අධික ජන සංඛ්‍යාව පාලනය කිරීමය. ක්ෂය කිරීමය. එය සිදුකරන්නේ කෲරතර අධර්මිෂ්ඨයින් නසා දැමීමෙනි. එබැවින් පොළොවට බරක් නොවී ජීවත්වීමට මිනිසුන් ක්‍රියා කල යුතුවේ.
අයුක්තියෙන් අධර්මයෙන් පාලනය කරන කුරිරු පාලකයින් ස්වකීය පාලනයෙන් ඉවත්කිරීම එතුමාගෙ එකම පරමාර්ථය බව දක්වා ඇත.එමෙන්ම කිසිවකුට විශේෂයක් හෝ වෙනස්කමක් නොකල යුතුය. සැමටම සමානව අපක්ෂපාතීව සැලකිය යුතුය. උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් අපක්ෂපාතීව ක්‍රියා කළ යුතු බව දේශනා කර ඇත. "මම කිසිවෙකුට ද්වේශ නොකරමි. කිසිවෙකුට පක්ෂපාතී ද නොවෙමි. මම සැමට සමානව සලකමි. නමුත් භක්තියෙන් මට සේවය කරන කවරෙකු වුවද ඔහු මාගේ මිත්‍රයෙකි. ඔහු මා තුළ පිහිටයි. මමද ඔහුට මිත්‍රයෙකි." - ශ්‍රී ක්‍රිෂ්ණා (භගවත් ගීතාව.9;29)
තවද වෛෂ්ණව දර්ශනය මිනිසාගේ ලෞකික දියුණුව උදෙසා අවශ්‍ය දැනුමද ලබා දී ඇත.'ධර්මේ ච කාමේච මෝක්ෂේච භර්තර්ශභා. යන ශ්ලෝකයට අනුව මිනිසා මුලින්ම ධර්මය උගත යුතුය.අනතුරුව ලෞකික දියුණුව සලසා ගත යුතුය. සැඳෑ සමයේදී මෝක්ෂය උදෙසා කාලය කැප කළ යුතුය.මෝක්ෂය යනු නිර්වාණයමය.
භගවත් ගීතාව 5;7/8 ශ්‍රී ක්‍රිෂ්ණා මෙසේ පවසයි. "යදා යදා හි ධර්මස්‍ය -ග්ලානිර් භවති භාරත.. අභ්යුත්ථානම'ධර්මස්‍ය -තදා'තමානම් ඍජාමයහම්. පරිත්‍රාණාය සාධූනාම් -විනාශාය ච දුශ්කෘතාම්.. ධර්ම සංස්ථාපනාර්ථාය - සම්භවාමි යුගේ යුගේ...." අර්ජුන, යම් කාලයකදී ධර්මයේ පිරිහීයාමත්, අධර්මයේ නැගිටීමත් සිදුවේද, එකල්හී මම ආත්ම ස්වරූපයෙන් නැඟී සිටිමි.(මාගේ ස්වරූපය දක්වමි.) යහපත් මිනිසුන් ආරක්ෂා කිරීමටත්, අධර්මිෂ්ඨයන් හා එම ක්‍රියාවන් නැසීමටත්, ධර්මය ස්ථාපිත කිරීම සඳහාත්, මම යුගයක් යුගයක් පාසා මනුලොවට පැමිණෙන්නෙමි..
උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ට භාවිතා වන දහසක් නම්
උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ට විශාල නම් සංඛ්‍යාවක් භාවිතා වන අතර එම නම් විෂ්ණු සහස්‍රනාම (උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ දහසක් නම්) යන මහාභාර‍තයේ කොටසක් වන පරිච්ඡේදයක සඳහන් වේ. කුරුක්ෂේත්‍ර සටන් භූමියේදී භීම විසින් ක්‍රිෂ්ණා ඉදිරියේ උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ බල මහිමය වර්ණනා කිරීම සඳහා මෙම නම් පවසනු ලැබේ. වෛශ්නව වාදය අනුගමනය කරන්නන් මෙම සහස්‍රනාම සියළුම වේද ග්‍රන්ථවල වටිනාම කොටස ලෙස සලකනු ලබන අතර භක්තිමත්ව මෙම නාම ගායන කරන්නෙකුට අධ්‍යාත්මික යහපත් භාවය හා දෙවියන් පිළිබඳ ඉහල හැඟීමක් ඇතිවේ.

මෙම නාම අනත්ත කල්‍යාණ ගුණ (අනන්ත වු පුජනීය ගුණ) කොටසින් උපුටාගෙන ඇත.
·         අක්සුඨ
·         උපේන්ද්‍ර ( තාරකාමය යුද්ධයේදී ඉන්ද්‍ර දෙවිදුන් හා හුන් ප්‍රබලයා නිසා )
·         අනන්ත (සදාතනික)
·         දාමෝධර (උදරය වටා ලණුවක් (දම) සහිත තැනැත්තා - ක්‍රිෂ්ණ)
·         ගෝවින්ද (ගවයන්, බ්‍රහ්මයන්ගේ ආරක්ෂක, ක්‍රිෂ්ණාට ‍යෙදෙන නමකි)
·         හරි
·         හයග්‍රීව (ඥානය ලබාදෙන්නා)
·         ජගන්නාථ (විශ්වය/ ලෝකයේ පාලකයා/ අයිතිකරු)
·         ජනාර්ධන (ධනවත් පුද්ගලයන්ගේ වැඳුම් පිඳුම් ලබන්නා)
·         කේශව (කේශී ඝාතකයා, අලංකාර කෙස්වැටියක් සහිත තැනැත්තා අථර්වන්වේදය VII, 6, 23)
·         ක්‍රිෂ්ණ (තුන්වන යුගයේ උපත ලැබු අතර එතුමන්ගේ කාර්යයන් ගවයන් ආරක්ෂාවේ සිට පෘථිවිය පාපයෙන් මුදා ගැනීම තෙක් විහිදේ)
·         මාධව (වසන්තප සමයට සම්බන්ධ)
·         මධුසූධන(මධු නම් රාක්ෂයා විනාශ කල තැනැත්තා)
·         නාරායන (සියළු මනුෂ්‍යයන්ගේ පදනම වන උත්තමයා / ජලයේ වැතිර සිටින්නා ලෝකයේ සෙවණ)
·         පද්මනාභ (එතුමන්ගේ නාභියෙන් ඇති වු නෙළුම් මලකින් විශ්වය මැවු බ්‍රහ්මයා ඇති වු බව කියවේ)
·         පෙරුමාල් - (දමිළ භාෂාවේ ව්‍යවහාර වන නම)
·         පුරුෂෝත්තම - අති උතුම් ‍සදාතනික ජීවය
·         රාම - (දෙවන යුගයේ උපත ලැබු එතුමා මනුෂ්‍යයාගේ ආචාර ධර්ම නැවත ඇති කරන ලදී)
·         ඍෂිකේෂ් - (හදවතේ දෙවියන්)
·         සත්‍යනාරායන - (සත්‍යය හා නාරායන වචන දෙකේ සංයුතියෙන් තැනි ඇති මෙහි අර්ථ සත්‍යයේ ආරක්ෂකයා යන්නයි)
·         ශ්‍රීධර- (ශ්‍රී ලක්ෂ්මි දේවිය (ධනයට අධිපති) ගේ ස්වාමියා )
·         සිද්ධාර්ථ - (කලියුගය අවසානයේ පහළ වු බුදුරජාණන්වහන්සේද, විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස හින්දු සලකති)
·         ශ්‍රීමාන් (ලක්ෂ්මි දේවියගේ අභිමානය) - ශ්‍රීමාන් හා නාරයන නම නාම දෙක සංයුක්ත වීමෙන් ශ්‍රීමාන් නාරයන නාමය භාවිතා වේ.
·         ශ්‍රීනිවාස (තිරුපති දේවාලයේ පවතින ස්වරූපය සඳහා මෙම නාමය විශේෂයෙන් භාවිතා වේ. තිරුපති දේවාලයේ ස්වරූපය වෙන්කටේශ්වර නමිද හැඳින්වේ.)
·         ත්‍රිවික්‍රම - තුන්ලෝකයම අත්කරගත් තැනැත්තා (වාමන අවතාරය ලෙස)
·         විශාල් - (අති උතුම්, නැවැත්විය නොහැකි )
·         වාමන - ඉතා කුඩා හෝ මිටි ස්වරූපය
·         වාසුදේව - සියල්ලටම අධිපති දෙවි
ශ්‍රී විෂ්ණු මන්ත්‍ර
උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් උදෙසා පුදපූජා කිරීම මෙන්ම එතුමන්ගේ ආශිර්වාදය තම ජීවිතයට උදා කර ගැනීම සඳහා යොදාගනු ලබන විෂ්ණු මන්ත්‍ර රාශියක් ඇත. ඉන් ප්‍රධානතම මන්ත්‍රය " ශුක්ලාම් භරදරම් විෂ්ණුම් ශෂිවර්ණම් චතුර්භුජම්...."යන මන්ත්‍රයයි. මෙය Youtube වෙබ් අඩවියෙන් සම්පූර්ණයෙන්ම බාගත හැක. මීළඟට "ශ්‍රී ක්‍රිෂ්ණ ගෝවින්ද හරේ මුරාරී හේනාථ නාරයණ් වාසුදේවා..." යන මන්ත්‍රයයි. මෙය අයහපත දුරුකරන අති ප්‍රබලතම මන්ත්‍රයකි. අමනුෂ්‍ය දෝෂ නිවාරණයට උචිතය. වෙනත් උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් නමදින මන්ත්‍ර කිහිපයක් පහත දැක්වේ.
01. හරේ ක්‍රිෂ්ණා හරේ ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා හරේ හරේ.. හරේ රාමා හරේ රාමා රාමා රාමා හරේ හරේ..-මෙයද අයහපත දුරුකරන අති ප්‍රබලතම මන්ත්‍රයකි.
 02. නාරයණං නමස්කෘත්‍ය නරං චෛව නරෝත්තමම්. දේවිං සරස්වතිං ව්‍යාසම් තථෝ ජායම් උදීරයේත් ඕම්. මන්ත්‍රය ද
03. ඕම් නමෝ නාරායණාය.. මන්ත්‍රය ද
04. ඕම් නමෝ භගවතේ වාසුදේවාය නමඃ මන්ත්‍රය ද
05. ඕම් විෂ්ණවේ නමඃ මන්ත්‍රය ද මේවා Youtube වෙබ් අඩවියෙන් සම්පූර්ණයෙන්ම බාගත හැක.
උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ සියලූ ආකාරයේ දේවත්වයක් සාදනු ලබන අතර පුරුෂ පරමානවා (උත්තරිතර ආත්මය) අන්තරයාම් (අධයාත්මිකව නිවසනව) සහ සියලූ ආත්මයන් ඇතුලත් සිෂින් (සාකල්‍යය) ලෙස හදුන්වයි. ඔහු භගවත් හෝ භගවත් වන අතර එහි සංස්කෘතික තේරුම භාග්‍ය අයත් කර ගන්නා බවයි. (දිව්‍යමය තේජය) ශ්‍රී විෂ්ණු සතුට එවැනි දිව්‍යමය තේජස් හයක් ඇත. ඒවා නම්,
·         ජන සියල්ල දත් සියලූ දේ පිළිබදව සමගාමික දැනගැනිමේ බලය.
·         ඓශ්චර්ය ස්වාධිපත්‍ය සැමවිටම නොනැසි පවතින අභියෝගාත්මක නොවන පාලනය
·         ශක්ති ශක්තිය හෝ බලය කල නොහැකි දේවල් කල හැකි දේවල් බවට පත් කල කිරිමේ ඇති ශක්තිය
·         බල බලය ඔහුගේ නාවත්තට අනුව සහ තෙහෙට්ටුවකින් තොරව සැම දෙයක්ම කිරිමේ හැකියාව
·         විර්ය ශක්තිමත් බව හෝ නිර්භිත ක‍්‍රම මෙමගින් අතිමහත් අධ්‍යාත්මික ගුණයකින් අද්‍රව්‍ය දේ අල්ලා ගැනිමේ බලය
·         තේජස් ඉතා දිප්තිමත් හෝ ශෝබාව මගින් ඔහුගේ ස්වයං හැකියා සහ ඔහුගේ ආධ්‍යාත්මක උද්ධිපිත්ය මගින් සියලූ දේවල් මැඩ පැවැත්විමේ හැකියාව
උපුටා ගන්නා ලද්දේ ස්වාමි තපස්යාන්නදගේ වේදත්ත භක්ති පාසලේ උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ඉහත සදහන් කල ගති ලක්ෂණයන් හය ඉතා වැදගත් වන අතර කෙසේ නමුත් නියම මංගල ගති ලක්ෂණ ගණනය කල නොහැක. උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ට අනිකුත් වැදගත් වන ගති ගුණ නම් ගම්භාහරිය (තක්සේරු කල නොහැකි ඓශ්ච්‍යය) අයුචාරය (නිර්ලෝභි බව)(අනුකම්පාව) යන ගති ගුණයන්ය. රිග් වේදයට අනුව උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ට තුන් ආකාරයට ගමන් කිරිම කල හැක. පලමු ආකාරය පොලව මත වේ. දෙවැන්න දෘශ්‍ය ආශායයේ. තුන්වන ආකාරයට මිනිසුන්ට දැකිය නොහැකි අතර එය දෙව්ලොව වේ.
උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් හා ලංකාව
උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් ලංකාව සමඟ සම්බන්ධ වන්නේ ත්‍රෙතා යුගයේදී ශ්‍රී රාම කුමරු ලෙස පැමිණ අධර්මවාදී රාවණා නසා දැමීමෙනි. එකල රාම කුමරු ඇතුළු සේනාව ලංකාවට පැමිණීමට ගල් වැටි දමා සෑදූ පාලම ආදම්ගේ පාලමයි. සීතා සම්බන්ධ ප්‍රදේශ නාම රාශියක්ද ලංකාවේ ඇත. රාවණා විසින් සීතාව සිරකර තැබූයේ නුවරඑළියේ අශෝක වනයේය. හග්ගල උද්භිද උද්‍යානය වශයෙන් දැන් හැඳින්වෙන ස්ථානය එයයි. සීතාට රාවණාගේ සහචර ස්ත්‍රියක් විසින් දුන් අග්ගලා තැටිය ඇය විසිකර දැමූ බව සඳහන්ය. එම අග්ගලා වීසි කල ස්ථානය නිසා පසුකාලීනව අග්ගල- හග්ගල වූ බවට මතයකි. මීට අවුරුදු කිහිපයකට පෙර ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවූ ගවේෂණාත්මක ලිපියක එම පාෂාණිභූත වූ අග්ගලා එම ස්ථානයෙන් සොයාගෙන ඇති බවත් ඒවා කාබන් පරීක්ෂණයකට ලක්කළ විට අවුරුදු 5000කට වඩා පැරණි බවට තහවුරු වූ බවත් සඳහන් විය.
සම්බුද්ධ පරිනිර්වාණය අවස්ථාවේදී උතුම් බුදුන් වහන්සේ උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන්හට ලක්දිව ධර්ම ශාසනය ආරක්ෂා කරන ලෙසට පැවසූ බවත් ඒ අනුව වෙස්වලාගෙන පැමිණ විජය කුමරු ඇතුලු පිරිසට පිරිත් නූල් බැඳ ආශිර්වාද කළ බවත් මහාවංශයේ සඳහන් වේ. අති උතුම් විෂ්ණු දෙවිඳුන් වහන්සේ විසින් ලක්දිව බුදුසසුන ආරක්ෂා කරනු ලබන බවට බෞද්ධයන්ගේද පිළිගැනීමයි. දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය සිංහල බෞද්ධයන්ද උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන්හට පුද පූජා පවත්වන ස්ථානයකි. තමන්ගේ ගෘහ ජීවිතයට පැමිණ ඇති කරදර,බාධා දුරු කරගනු වස් බෞද්ධයන්ද උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන්හට පුද පූජා පවත්වති. උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් ජීවමාන දෙවියන් බැවින් උන්වහන්සේගේ පිහිට ලැබූ අය ඒ පිළිබඳව හොඳින් සාක්ෂි දරති. මේ ආකාරයට හින්දූන්ගේ පමණක් නොව සෑම දෙනෙකුගේම ගෞරව භක්ත්‍යාදරයට උතුම් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් ලක්ව ඇත.


Tuesday, August 2, 2016

උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්

උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන් වහන්සේ ධනයට, වාසනාවට සහ සෞභාග්‍යයට අධිපති දේව මතාව ලෙස වැඳුම් පිදුම් ලබති (භෞතික සහ ලෞකික යන දෙකෙහිම). උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන් වහන්සේ ක්‍රියාකාරී ශක්තියට අධිපති උතුම් විෂ්ණු දෙවිනගේ භාර්යාවයි. උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන්ගේ අත් සතරෙන් මිනිස් ජිවිතයේ අරමුණු සතර නියෝජනය කරයි, හින්දු ජනයාගේ ජීවන රටාව අනුව ඒවා සතර නම් ධර්ම”, “කාම”, “අර්ථසහ මෝක්ෂවේ. ජෛන ස්මාරක වලද උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන්ව නිරුපනය කර ඇත. ටිබෙටයේ, නේපාලයේ සහ දකුණු ආසියානු බෞද්ධ සම්ප්‍රදායන් වල වන්දනා කරන වාසුධාරනම් දේවමෑණියන්, හින්දු දෙවඟනක් වන උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන් වහන්සේට සමාන අංග සහ උපලක්ෂණ ඉතා සුළු වෙනස්කම් සහිතව දක්නට ඇත.
උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන්ව ශ්‍රීසහ තීරුමංගල්යන නාමයෙන්ද හඳුන්වන්නේ උතුම් සුභ මංගල ලක්ෂණ හයකින් සමන්විත නිසා සහ උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ට සමාන දිව්‍ය බලයෙන්ද සමන්විත නිසාවෙනි. උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ පෘතුවියේ ගත කල ආත්මය රාමාසහ ක්‍රිෂ්ණාලෙසින් සලකන අතර උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන් වහන්සේ පෘතුවියේ ඔව්න් වහන්සේගේ භාර්යාව ලෙස ගත කල ආත්ම ලෙස පිලිවෙලින්: “සීතා” (රාමාගේ භාර්යාව) සහ රුක්මිණි” (ක්‍රිෂ්ණාගේ භාර්යාව) ලෙස සැලකෙයි. ඉන්දියාවේ පුරාතන ධර්ම ග්‍රන්ථ වල සඳහන්ව තිබුණේ සෑම කාන්තාවක්ම උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන් වහන්සේ ලෙසින් ජීවිතය හැඩගස්වා ගත යුතු බවයි. උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන් සහ උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් අතර වූ ස්වාමි සහ භාර්යා සම්බන්දතාවය පැට්‍රිෂියා මොනඝන් මෙලෙස දක්වා ඇත; “මෙම සුසමාදර්ශය හින්දු විවාහ මංගල්‍යයන්ගේ මනාලයා සහ මනාලිය චාරිත්‍ර සහ පූජා ඉටු කිරීමට සඳහා බවයි.”
පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් සහ පුරාණ කාසි අඟවන්නේ ක්‍රි.පූ. 1 වන සහශ්‍රවර්ෂයේ සිතෝ-පර්තිඅන්රාජධානියේ සහ ඉන්දියාව පුරා උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන්ට තිබු ගෞරවය සහ පිළිගැනීම පිළිබඳවයි. ගිනිකොණ දිග ආසියාවේ සෑම හින්දු දේවස්ථානයකින්ම පාහේ උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන්ගේ ප්‍රතිමාශිල්ප සහ පිළිම සොයාගෙන ඇති අතර ඒවා ක්‍රි.. 1 වන සහශ්‍රවර්ෂයේ මුල් භාගයේ කරවූ ඒවා බවට නිමානය කර ඇත.

වර්තමානයේ උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන් ධනයට අධිපති දෙවියන් ලෙසින් වන්දනාමාන කරති. උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේවමෑණියන්ව උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ භාර්යාව ලෙස බොහෝ දේවස්ථාන වලදී වන්දනාමාන කරති. “දීවාලිසහ ශරඩ් පුර්නිම” (කොජගිරි පුර්නිම) උත්සව අවස්ථා වලදී උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේවමෑණියන් ගෞරවයෙන් යුතුව සමරනු ලබනවා.
උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන් වහන්සේ පුරාණ සංස්කෘත ග්‍රන්ථ සහ පාඨ වල සඳහන් වන බොහෝ හින්දු දෙවි දේවතාවන්ගෙන් එක් උතුම් දේවමෑණියන් වහන්සේ නමකි. උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේවමෑණියන් පිළිබඳව වරෙක ඍග් වේදයේ සඳහන් වන අතර එම අන්තර්ගතයෙන් උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන් වාසනාවට සහ ධනයට අධිපතියැයි එම වචනයන්ගෙන් අදහස් නොවන නමුත් එයින් වාසනාව සහ සුභ මංගල්‍යයන්හි සංකේතයක් හෝ සමාන සංකේතයක් බව අදහස් වේ.
භද්‍රායිසාම් ලක්ෂ්මීර්නිහිතාධි වාසි”   
සෞභාග්‍යමත් වාසනාව ඔව්න්ගේ වචන සමඟ බැඳී පවතී
 - ඍග් වේදය x.71.2, ජෝන් මුඉර් විසින් පරිවර්තනය කර ඇත.

ක්‍රි.පූ. 1000 දී පමණ ලියවුණු අතර්ව වේදයට අනුව උතුම් ශ්‍රී ලක්ෂ්මී දේවමෑණියන් සංකීර්ණ සංකල්ප වලට දාායක වී ඇති බව බොහෝ ප්‍රකාශවීම් වල ඇත. අතර්ව වේදයහි 7 වන ග්‍රන්ථයෙහි 115 වන පර්ච්ජේදයේ බහුවිදතාවය විස්තර කරයි. උතුම් ශ්‍රී ලක්ෂ්මී දේවමෑණියන්ගේ ආත්මීය සංකල්පය සහ යහපත සහ වාසනාව සමග ඇති සබැඳියාව අතර්ව වේදයෙහි විවිධ පොත් වල සැලකිය යුතු අන්දමින් සඳහන්ව තිබේ: උදාහරණයක්‌ ලෙස, 12 වන ග්‍රන්ථයෙහි 5 වන වෙළුමෙහි පුණ්‍ය ලක්ෂ්මීලෙසින් සඳහන්ව ඇත. අතර්ව වේදයේ සමහර වෙළුම්හි උතුම් ශ්‍රී ලක්ෂ්මී දේවමෑණියන් අර්ථ දක්වා ඇති පරිදි යහපත, මංගල ලකුණක් ලෙස, වාසනාව, භාග්‍යය, සෞභාග්‍යය, සාර්ථකත්වය සහ සන්තුෂ්ටිය අඟවනු ලබයි.

පසුව, උතුම් ශ්‍රී ලක්ෂ්මී දේවමෑණියන් වහන්සේ වාසනාවට අධිපති දෙවියන් ලෙස සැලකු අතර උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්ව “ශ්‍රී” යන නාමය සමග හඳුනාගෙන සහ උතුම් ශ්‍රී විෂ්ණු(නාරායන) දෙවියන්ගේ භාර්යාව ලෙසින් වැඳුම් පිදුම් ලබන ලදී. ක්‍රි.පූ. 300 සහ ක්‍රි.පූ. 800 අතර කාලයේ ලියවුණා යැයි විශ්වාස කරන ශතපත බ්‍රාහ්මණ ග්‍රන්ථයෙහි දැක්වෙන පරිදි උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් පුරාතන ඉන්දියාවේ බොහෝ තැන් වල සිද්ධාන්තයක් වූ බවත් ලෝකය නිර්මාණය කිරීම පිළිබඳවත් දක්වා ඇත. ශතපත බ්‍රාහ්මණයේ 9 වන ග්‍රන්ථයෙහි සඳහන් වන පරිදි උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන්  උතුම් ප්‍රජාපතිගේ  (බ්‍රහ්ම දෙවියන්ට ප්‍රජාපති යන නාමයද භාවිත වේ, හින්දු ජනයාගේ විස්වාශයට අනුව බ්‍රහ්ම දෙවියන් ලෝකයේ මැවුම්කරුවන්ය) තීව්‍ර යෝග සහ භාවනා වලින් පසුව ලෝකයත්, ජීවයත්, සොබාදහමත් නිර්මාණය කිරීමෙන් පසු ඉපදුනු බවත්ය. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්ගේ උත්පත්තිය විශාල ශක්තීන් සහ බලයන් සමග ඇති වූ බවත් අලංකාර ඒකාලෝක ආලෝකයන් සහිතව සිදු වූ බවට විස්තර වේ. දෙවියන් ඕතොමෝ වෙත වශී වී මහත් තෘෂ්ණාවක් හටගත්තේය. දෙවියන් උතුම් ප්‍රජාපති වෙත් ගොස් ඉල්ලා සිටියේ ඕතොමෝ නසා ඕ සතු සියලු බලයන්, හැකියාවන් සහ කුසලතාවයන් ලබා ගැනීමට අවසර දෙන ලෙසයි. උතුම් ප්‍රජාපති එම ඉල්ලීම ඉවතලා පවසා සිටියේ, ඕතොමොගෙන් යම්කිසි කුසලතාවයක් ප්‍රචණ්ඩත්වයකින් තොරව බලාපොරොත්තු විය හැකි බවත්ය. ඉන්පසු දෙවියන් උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වෙත ගොස් ඔතොමොගෙන් අග්නි දෙවියන් ආහාරද, සෝම දෙවියන් රාජකීය අධිකාරියත්, වරුණ දෙවියන් මහේශාක්‍ය අධිකාරියත්, මිත්‍ර දෙවියන් රණකාමී ශක්තිය උකහාගත් අතර ඉන්ද්‍ර දෙවියන් ශක්තියත්, බ්‍රිහස්පති දෙවියන් පුජක අධිකාරියත්, සාවිත්‍රි දෙවියන් ප්‍රභූත්වය ද,පුෂාන් දෙවියන් ශ්‍රේෂ්ටත්වයත් සරස්වතී දෙවියන් පෝෂණයත් සහ ත්වෂ්ට්රි දෙවියන් ආකාර රේඛා ද පමුණුවා ගත්තෝය. ශතපත බ්‍රාහ්මණ හි සඳහන් දේවස්ත්‍රෝත පැහැදිලි කරන ආකාරයට උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් උපතින් ගෙන සහ මුර්තිමත් කර ගත විවිධ පරාසයන්ට අයත් දක්ෂතා සහ ශක්තීන් ඇති බවයි.
තවත් ජනප්‍රවාදයකට අනුව, උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් ලෝකය නිර්මාණය වන කාලයේ පහල වූ අතර ජලය මත පාවෙමින් නෙලුම් මල් පති මත වැඩසිටි සේක; මීට අමතරව උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්ව විවිධ ආකාරයෙන් ගෞරවයට පත් විය, එනම් රාමාගේ භාර්යාව වන සීතා ලෙසින්ද හඳුන්වනු ලබයි.

මහාභාරත වැනි හින්දු වීරකාව්‍යන්හි විස්තර කරන ආකාරයට උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් ධනයෙන්, පොහොසත් බවෙන්, අලංකාරයෙන්, සන්තෝෂයෙන්, ප්‍රසන්නභාවයෙන්, ලාලිත්‍ය හා ප්‍රසාදයෙන් සහ ශ්‍රේෂ්ඨතත්වයෙන් මුර්තිමත් වේ. තවත් පුරාවෘත්තයක්‌ වන “රාමායනය” හි විස්තර කර ඇති පරිදි දෙවියන් සහ යක්ෂයින් අතර ඇති වූ ගැටුමේදී කිරි සහිත මුහුද කැලඹි ඇත. එවිට එය යථා තත්ත්වයට පත් කිරීමට පෙන සහිත කිරි මුහුදේ වූ අනර්ඝ වස්තූන් සමග පැන නැගී ඇත. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් අතෙහි නෙලුම් මලක් දරා සිටීම නිසා “පද්මා” යන නාමයද භාවිතා වේ.

උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්ගේ නාමයෙහි අරුත සොයා බැලීමේදී, සංස්කෘත භාෂාවේ “ලක්ස්” (laks) යන මූලයෙහි අර්ථය “ ප්‍රත්‍යක්ෂ කරනවා, පිළිපදිනවා, දැනසිටිනවා සහ තේරුම් ගන්නවා” ලෙස වන අතර “ලක්ස” (laksa) යන මූලයෙහි අර්ථය “ අරමුණ, ඉලක්කය සහ අභිප්‍රාය” ලෙසින් වේ. මෙම මුලයන්ගේ අර්ථයන් උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන්ව මෙලෙස සංකේතවත් කරයි; තමන්ගේ අරමුණ තේරුම් ගැනීම සහ දැනගෙන සිටීමයි. මේ සමගම සම්බන්ධ පදයක් වන “ලක්සන” (laksana) යන්නෙහි අර්ථය “ සංකේතය, ඉලක්කය, පරමාර්ථය, සංඥාව, ලක්ෂණය, ගුණාත්මක බව, වාසනාවේ සංකේතය සහ මංගල (සුභ) වාරය” ලෙසින්ය.

උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේගේ රූප, ප්‍රතිමා සහ කැටයම් සංකේත නියෝජනය කරයි. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්ගේ ශ්‍රී නාමය ව්‍යුත්පන්න වී ඇත්තේ තම අරමුණ දැන සිටීම සහ අභිප්‍රායන් තේරුම් ගැනීම යන තේරුම ලබා දෙන නාම මූලයන්ගෙනි. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මාතාවගේ අත් සතරෙන් සංකේතවත් වන්නේ හින්දු දර්ශනයට අනුව මිනිස් ජීවිතයේ ඇති සතර අරමුණුයි: ධර්ම ( ශිල්වත් සහ සදාචාර සම්පන්න දියියක්‌ පවත්වාගෙන යාම), අර්ථ (ධනය සහ ව්‍යාපාර පවත්වාගෙන යාම), කාම (ආදරය සහ භාවාත්මක සම්පුර්ණතා පවත්වා්ගෙන යාම) සහ මෝක්ෂ (ආත්ම ඥානය සහ විමුක්තියයි.)

උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්ගේ ප්‍රතිමාශිල්ප වල ඕතොමෝ නෙලුම් මලක් මත සිටගෙන හෝ හිඳගෙන සිටීම දක්නට ඇති අතර එක් අතකින් හෝ අත් දෙකක නෙලුම් මලක් බැගින් දරා සිටීම දැකිය හැක. නෙලුම් මලක් දරා සිටීම හින්දු දර්ශනයේ සහ අනෙකුත් ඉන්දියානු සම්ප්‍රදායන්හි දැකිය හැකි සකේතාත්මක අර්ථයකි. එම සංකේතය සහශ්‍රා‌‍ර සන්දර්භයට අනුව නිරූපනය කරන්නේ යථාර්තය, විඥාණය සහ කර්මයයි (ක්‍රියාව,කර්මය) අනෙකුත් සන්දර්භයන්ට අනුව දැනුම සහ තම හැකියාවන් හඳුනා ගැනීම වේ. නෙලුම් මල පිපෙන්නේ පිරිසිදු හෝ අපිරිසිදු ජලය තුලිනි, එලෙසම එය අලංකාරය සහ පිරිසිදු බව සංකේතවත් කරයි: එය වටා ඇති හොඳ හෝ නරක නොසලකා ජලයෙන් මතුපිටට පැමිණෙන්නා සේ මෙම සංකේතය එය වටා ඇති බාධක නොතකමින් යහපතට සහ සෞභාග්‍යයට මතු විය හැකිබව මතක කර දෙයි. ඇතැම් විට උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේට පහතින්, පිටුපසින් හෝ දෙපසින් එක් ඇතෙකු හෝ ඇතුන් දෙදෙනෙකුත් කලාතුරකින් බකමූනෙකුත් දැකිය හැක. ඇතුන්ගෙන් සංකේතවත් කරන්නේ ක්‍රියා කිරීම, සක්‍රීයතාවය, සහ ශක්තියයි, එලෙසම ජලය, වැස්ස සහ සාරවත් බවෙහි සමෘද්ධිමත් සෞභාග්‍යයයි. බකමූණාගෙන් සංකේතවත් වන්නේ ඉවසිලිවන්තව උත්සහ දැරීමත්, ශීලයේ පිහිටා සිටීමත් සහ විශේෂයෙන්ම අඳුරු වටපිටාවක සිට දැනුම සොයා යාමත්ය. බකමූණා දිවා කාලයේ ඇස් පෙනීම දුර්වල පක්ෂියෙකු ලෙස සලකයි, ධනය සහ දැනුම ලබාගත් පසු තණ්හාව සහ ලෝභයට අන්ධ බව (එනම් තණ්හාව සහ ලෝභය අත්හරින බව) සංකේතාත්මකව මතක් කර දෙයි.

සමහර නිරූපනයන්ට අනුව උතුම් ශ්‍රී ලක්ෂ්මි දෙවමෑණියන්ගේ ශ්‍රී හස්තයෙන් පිටතට මුදල් ගලා එන අතර  උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ නිරායාසයෙන් මුදල් සහිත කලසක් දරා සිටියි. මෙම සංකේතයෙන් අර්ථයන් දෙකක් පැහැදිලි කරයි: එක් අර්ථයක් වන්නේ උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන්ගේ අනුහසින් භෞතික මෙන්ම ආධ්‍යාත්මික ධනය ද ප්‍රකාශ වන බවත්, අනෙක් අර්ථය වන්නේ උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්ගේ මුහුණ සහ විවෘත වූ දෑත් වලින් සංකේතවත් කරනුයේ  දයාව, කරුණාව, අනුකම්පාව, දීම සහ දානයයි.

උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේ රතු පැහැති වස්ත්‍රයකින් සැරසී සිටින අතර එය රන් වලින් අලංකාර කර තිබීම දර්ශීය වේ. මෙම සංකේත වලින් අලංකාරය සහ ධනය අර්ථවත් වේ. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් ධනයට සහ සෞභාග්‍යයට අධිපති දේව මාතාව ලෙස ද උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්ගේ උතුම් ස්වාමියා වන ශ්‍රී විෂ්ණු දෙවියන් මනුෂ්‍ය දිවිය යුක්තියෙන් සහ සාමයෙන් පරිපුර්ණ කරන බව ද මහජන විශ්වාසයයි. මෙම සංකේතයන් ගම්‍යමාන වන්නේ ධනය සහ සෞභාග්‍යය ජිවිතයේ යුක්තිය සහ සාමය පවත්වාගැනීම සමග බැඳී පවතින බවයි.

උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේව නාමයන් රාශියකින් හඳුන්වනු ලබති. එලෙසම පැරණි හින්දු ස්ත්‍රෝත සහ සුත්‍ර වල ඇති විවිධ නාමයන් ගායනා කරති. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේ සමඟ ඉතා ලඟින් නෙලුම් මල බැඳී පවතී. එබැවින් උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේගේ බොහෝ විරුදනාමයන් සමඟ නෙලුම් මල සම්බන්ධව පවතයි. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේ හඳුන්වන නාමයන් වන්නේ:
පද්මා :  නෙලුම් මලෙහි වැඩ සිටින බැවින්
කමලා : නෙලුම් මලෙහි වැඩ සිටින බැවින්
පද්මප්‍රියා :  නෙලුම් මල්වලට ඇලුම් කරන්නීය
පද්මමාලධර දේවි : නෙලුම් මල් වලින් වූ මල්දම් පළදින්නි
පද්මමුක්හි : මුහුණ නෙළුමක් ලෙසින් අලංකාර බැවින්
පද්මක්ශි : ඇස් නෙලුම් මල් ලෙසින් අලංකාර බැවින්
පද්මහස්ත : ශ්‍රී හස්තයන් (අත්)  නෙලුම් මල් හා සමාන බැවින්
පද්මසුන්දරී : නෙලුම් මලක් හා සමානව අලංකාර බැවින්
ශ්‍රී : උතුම් ලක්ෂ්මි දේවමෑණියන් වහ්සේගේ සමෘද්ධිය නිසා

මිට අමතර අන්තර්ගත නාමයන්:
ජගධීෂ්ව්රි : ලෝකය පාලනය කරන උත්තරීතර මාතාව බැවින්
විෂ්ණුප්‍රිය : උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් ස්වාමින් වන බැවින්
උල්කවාහිනී : බකමුණන්ගේ වාහනයක නැගී යන බැවින්

උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ හඳුන්වන අනෙකුත් නාමයන් වන්නේ, අම්බිකා, මනුෂ්රි, චක්‍රිකා, කමලිකා, අයිශ්වර්යා, ලලිමා, ඉන්දිරා, කල්යාණි, නන්දිකා, නන්දිනී, රාජුලා, වෛශ්නවී, සමෘද්ධි, නාරායනි, භාර්ගවී, ශ්‍රීදේවි, චංචලා, ජලාජා, මාධවී, සුජාතා, ශ්‍රේයා, මහේෂ්වරී, මධු, පරමා, ජනමොදිනි, ට්‍රිපුරා, තුලසි, කේතකි, මාලති, විධ්‍යා, ට්‍රිලෝචනා, තිලෝත්තම, සුභා, චන්දිකා, දේවි, ක්‍රියාලක්ෂ්මි, වනි, ගයත්‍රී, සාවිත්‍රි, අපාරා හෙවත් අපරාජිතා, අපර්ණා, අරුණ, අඛිලා, බාලා, තාරා, පූර්ණිමා, අදිති, අනුමති, අවශ්‍යා, සීතා, තරුණි, ජ්‍යෝත්ස්නා, ජ්‍යෝති, නිමේෂිකා, අතිභා, ඉෂානි සහ ස්ම්රිති යන නාමයන්ය.

“ශක්ත උපනිශාදස්” කෘතිය වෙන්ව ඇත්තේ “ත්‍රිදේවින්ට” ය. එනම්, උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන්, උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් සහ උතුම් ශ්‍රී පාර්වතී දේවමෑණියන් වහන්සේලා උදෙසාය. “සෞභාග්‍යලක්ෂ්මි උපනිශාද්” හි උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්ගේ ගුණාංග, ලක්ෂණ සහ බලයන් පිළිබඳව විස්තර වේ. උපනිශාද් හි දෙවන කොටසේ අවධාරණය කරන්නේ භෞතික තෘෂ්ණාවෙන් යමක් කිරීම පිණිස යෝග සහ උත්තරීතර ක්‍රියාවන්ගෙන් අධ්‍යාත්මික දැනුම සහ ආත්ම සාක්ෂාත්කරණය (self-realization) සිදු කර ගැනීම නිර්ව්‍යාජ ධනය ලෙස පෙන්වා දෙයි. සෞභාග්‍ය-ලක්ෂ්මි උපනිශාද්හි උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේව  “ශ්‍රී” යන නාමයෙන් හඳුන්වා ඇත.

හින්දු සම්ප්‍රදායේ විවිධ ස්ත්‍රෝත සහ සූත්‍ර උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් උදෙසා ගායනාවන් ඇත. “පුරාණ” සහ “ඉතිහාස”  ග්‍රන්ථවල උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ ප්‍රධාන දේව මාතාවක් ලෙසින් හඳුන්වා ඇත. ඉන්දියාවේ ඓතිහාසික ධර්ම ග්‍රන්ථ වල සඳහන් වුයේ එකල කාන්තාවන්ට නියම කර තිබුනේ  උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේගේ ප්‍රතිමුර්තිය උදාහරණයකට ගෙන ජීවිතය හැඩ ගස්වාගන්න ලෙසයි.

සියලු කාන්තාවන් ඔබ වහන්සේගේ ප්‍රතිමුර්තියයි
ඔබ වහන්සේ කුඩා ගැහැණු ළමුන්ගේ ළමා අවදිය තුල වැඩ සිටියි
තරුණ ගැහැණු ළමයෙකු මෙන් ඔව්න්ගේ තරුණ අවදියේද
වයස්ගත කාන්තාවක් ලෙස ඔව්න්ගේ මහලුවියේද වැඩ සිටියි.
- ශ්‍රී කමල ස්ත්‍රෝතම්

එකල භක්තිකයන් උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේට පුද පූජා පවත්වා ප්‍රර්ථනා කර සිටියේ භෞතික මෙන්ම අධ්‍යාත්මික සමෘද්ධියත ලබා දෙන ලෙසය.
හින්දු සම්ප්‍රදායේ එන “පුරාණ” ග්‍රන්ථයේ උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ විස්තර ඉතා විශේෂයෙන් සඳහා වේ. විෂ්ණු පුරාණයේ උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ සඳහා බොහෝ අංශයන් වෙන්ව ඇති අතර උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේව “ශ්‍රී” යන නාමයෙන් හඳුන්වා ඇත. J.A.B. van buitenen නම් පුද්ගලයා විසින් විෂ්ණු පුරාණයේ සඳහන් පාඨයක් මෙසේ පරිවර්තනය කර ඇත: “ශ්‍රී, විෂ්ණු හට ඉතා ලැදිය, උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේ මේ ලෝකයේ මාතාවයි. ශ්‍රී යනු කථාවයි, ශ්‍රී විෂ්ණු යනු එහි අර්ථයයි. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් හසුරුවයි, උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් එහි හැසිරීමයි. උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් දැනුමයි, උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් එහි ප්‍රඥාවයි. උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් ධර්මයයි, උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ ධර්මිෂ්ට ක්‍රියාවයි. උතුම් ශ්‍රී ලක්ෂ්මි  දේවමෑණියන් පෘථිවියයි, උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් පෘථිවිය දරා ගෙන සිටියි. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් සන්තුෂ්ටියයි, උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් තෘප්තියයි. උතුම් ශ්‍රී ලශ්මි දේවමෑණියන් පැතුමයි, උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් එහි අපේක්ෂාවයි. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් අහසයි, උතුම්ම් ශ්‍රී විෂ්ණු දෙවියන් ස්වකීය සෑම දේ වෙයි. උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් සඳයි, උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් එම සඳෙහි අලංකාරයයි. උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් සාගරයයි, උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වෙරළයි.”  “ශ්‍රී වෛකුන්ත” හි සදාකාලික නාරායන ලෙස උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ තම භාර්යාවන් දෙදෙනා වන උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් (ශ්‍රී) හා උතුම් ශ්‍රී සරස්වතී දේවමෑණියන් (වාණි) අනුබද්ධව ඇති බව පැවසේ. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේගේ ළය මත නේවාසික වන බැවින් උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ට “ශ්‍රිනිවාස” යන නාමයද භාවිත වේ.

උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන්, උතුම් ශ්‍රී පාර්වතී දේව මෑණියන් සහ උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් ඉන්දියානු සාහිත්‍යයේ විශාල සුභාෂිත, ස්මෘත පාඨ සහ උපදේශාත්මක සාහිත්‍යයට විෂය විය. ක්‍රි.පූ. 1 වන සහස්‍ර වර්ෂයේ සිට ක්‍රි.ව. 16 වන සියවස දක්වා කාලය දක්වාම නොකඩවාම කෙටි කාව්‍ය, ආප්තෝපදේශ, දෙපද කවි සහ සුත්‍රයන් සංස්කෘත භාෂාවෙන් නිවැරදි මාපකයකට අනුව ලියවී ඇත. ඔව්න් සමහර විට උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් සහ උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් අතර වූ යම් දෙබස් ගෙන වේදයන් සහ ආචාරධර්ම විධි ඉස්මතු කරන්නේ එහි අන්තර්ගත අධ්‍යාත්මික පණිවුඩයන් උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේ හින්දු වීර චරිතයක් ලෙස සලකමින්ය. උදාහරණයක්‌ ලෙස දකුණු ඉන්දියාවේ “වේකතාර්ය” සම්පාදනය කල සුභාෂිතයක් (ආදර්ශවත් උපදේශ ඇතුලත් ග්‍රන්ථ) වන “පුරාණර්ථසම්ග්‍රහ” කෘතියේ, උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් සහ උතුම් ශ්‍රී විෂ්ණු දෙවුයන් “නීති” (නිවැරදි දේ, සදාචාරය සහ චර්යාවන්)  සහ “රාජනිති” (විශාරද දේශපාලන ඥානය, නිවැරදි පාලනය) පිළබඳ සාකච්ඡා කිරීම් දක්වා ඇත. එය වෙළුම් 30 කින් සමන්විත අතර ආචාරධර්ම සහ සදාචාරය පිලිබඳ ප්‍රශ්න හා පෞද්ගලික, සමාජීය සහ දේශපාලන ජීවිතය පිළිබඳව ආවරණය කරයි.

නැගෙනහිර ඉන්දියාවේ උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේව උත්තරීතර බල සහිත දේව මාතාවක් ලෙස “දේවි” නාමයෙන් ද “දුර්ගා” සහ “ශක්ති” යන නම වලින්ද හඳුන්වන ලදී. ඉන්දියාවේ පැහැදිලි ලෙසම උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන්, උතුම් ශ්‍රී පාර්වතී දේවමෑණියන් සහ උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේලාට පුද පූජා පවත්වති. නමුත් බටහිර බෙංගාල සහ ඔඩිෂ වැනි ප්‍රදේශ වල දුර්ගා ආකාරයෙන් සලකා විශ්වාස කරති, වන්දනා මාන කරති.

උතුම් ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේ  “භූදේවි” හා “ශ්‍රීදේවි” ලෙසින් ආකාර දෙකකි. මෙම දෙආකාරයම වෙන්කතේශ්වර හෙවත් උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ පිල්හිදීය. භුදේවි සියලුම භෞතික ලෝකය සහ ශක්තිය නියෝජනය කරති, එය මිහිමව (Mother Earth) යන අර්ථය දෙන “අපරාම් ප්‍රක්රිති” ලෙසින් හඳුන්වයි. ශ්‍රීදේවි යනු අධ්‍යාත්මික ලෝකය සහ ශක්තියයි, එය “ප්‍රක්රිති” ලෙසින් හඳුන්වයි. උතුම් ලක්ෂ්මි දේව මෑණියන් උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ශක්තිය වේ.

බොහෝ විට දේවස්ථාන තුල උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් සහ උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් එකට දැකිය හැක. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වල ලෞකික බැතිමතුන්ගේ සහ උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේගේ ස්වාමියනන් වන උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් අතර මැදිහත්කරු ලෙස විශේෂ භූමිකාවක් ඉටු කරති. උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ගෙන් බැතිමතුන් සමාව හෝ කරුණාව අයදීමේදී අතරමැදි දේවතාවක් ලෙස උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් අභියසට පැමිණෙයි. උත්තම ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ ද අධ්‍යාත්මික පරිපුර්ණ මුර්තිමත් වූ අයෙකි. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ අධ්‍යාත්මික ලෝකයේ මුර්තිමත් අතර “වෛකුන්ට" ලෙසින්ද හැඳින්වේ. උතුම් ශ්‍රී ලක්ෂ්මි-නාරායන හෙවත් විෂ්ණු දෙවියන්ගේ විමානය දිව්‍යලෝකයේ ඇති “වෛශ්නාවිස්ම්” ලෙස හැඳින්වේ. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ උතුම් ශ්‍රී විෂ්ණු දෙවියනේ මැවුම් ශක්තියයි එලෙසම විශ්වය නිර්මාණය කල ප්‍රථමාරම්භ ප්‍රක්රිතියයි.

උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්ගේ ද්විතික ප්‍රකාශවීම්(විද්‍යමාන වීම්); අෂ්ට ලක්ෂ්මි නමින් හැඳින්වෙන්නේ උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්ගේ ද්විතික ප්‍රකාශ වීම් ඇතුලත් අටකින් යුතු  කණ්ඩායමකි. අෂ්ට ලක්ෂ්මි උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්ගේ ධනය සහ විවිධ බලයන් අටකට මුලසුන ගනිති. උතුම් ශ්‍රී අෂ්ට ලක්ෂ්මි වෙනුවෙන් වෙන වූ දේවස්ථානයන් තමිල්නාඩු වැනි ප්‍රදේශ වලින් හමු වී ඇත. එලෙසම චෙන්නායි වලට ආසන්නයේ ඇති “අශ්ටලක්ෂ්මි කෝවිල්”වැනි බොහොමයක් ඉන්දියාව පුරා විවිධ ප්‍රාන්ත වල දැකිය හැක.
අෂ්ට ලක්ෂ්මි පහත ආකාරයට වේ:
ආදී ලක්ෂ්මි
උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන්ගේ ප්‍රථම පහල වීම.
ධාන්‍ය ලක්ෂ්මි
ධාන්‍යාගාර සමෘද්ධිය
වීර ලක්ෂ්මි
නිර්භීත සමෘද්ධිය
ගජ ලක්ෂ්මි
හස්තීන් ජලය විසුරුවීම, සශ්‍රීකත්වය, වර්ෂාව සහ අහාර ලැබීම්.
සන්තාන
අඛණ්ඩතාවය ලැබීම, පරම්පරාවේ පැවැත්ම.
විජය ලක්ෂ්මි
ජයග්‍රහණයන් ලැබීම
ඓශ්වර්ය ලක්ෂ්මි
දැනුම සහ අධ්‍යාපනයේ සම්පත් ලැබීම
ධන ලක්ෂ්මි
ධන සම්පත් ලැබීම
   
නේපාලයේ උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමැණියන් වහන්සේ මහාලක්ෂ්මි නමින් හඳුන්වන අතර අත් 16 නිරුපනය වේ. සැම අතකින්ම සුපරිශුද්ධ ලාංජනයක් දරා සිටියි. ඒ සැම එකකින්ම සුපරිශුද්ධ අදහසක් හෝ මුද්‍රාවක් නිරුපනය වේ. (නෙලුම් මලක්, කලසක්, ආශීර්වාද කරන මුද්‍රාව, පොතක්, නවගුණවැලක්, සීනුවක්, පලිහක්, දුන්නක්, ඊතලයක්, කඩුවක්, ත්‍රිශුලයක්, අනුශාසනා කරන මුද්‍රාව, තොන්ඩුවක්, හිස් මුදුනට පළඳින තොප්පියක් සහ දවුලක්) මෙම නිරුපනයෙන් විද්‍යමාන වන්නේ ශ්‍රී මහාලක්ෂ්මි දේව මෑණියන් ශාන්තව දයාබරව නෙලුම් මලක් මත වැඩ සිටින ආකාරයේ දෙවඟනක් නොව සිංහයෙකු මත සිටින බවයි.
               
සමහර ජෛන දේවස්ථාන වල උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් අර්ථ (සමෘද්ධිය) සහ කාම (සොම්නස) ලෙස වහන්සේ චිත්‍රයෙන් නිරුපනය කර ඇත. උදාහරණයක්‌ ලෙස කිලිමන්ජාරෝ කඳු වැටියේ මධ්‍ය ප්‍රදේශයේ ඇති ජෛන දේවස්ථානයක උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් සමඟ “පර්ශවනාථ” හි වැඩ සිටිනු නිරූපනය කර ඇත. එහි උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ළයට තද වී සිටිනු දැකිය හැක. කිලිමන්ජාරෝ හි හින්දු දේවස්ථාන අසල සාදා ඇති ජෛන දේවස්ථාන අභියස විෂ්ණු-ලක්ෂ්මි මුර්තිශිප දැකිය හැක. මෙය ඉන්දියාව පුරා සිටින සියලු ජාතින් වල ජනයාට උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් පිළිගත හැකි බව යෝජනා කරයි. මෙම පොදු සිදුවීම උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහසේට ප්‍රශංසනීය ලෙස ජෛන පාඨයක් වන කල්ප සුත්‍රයෙහි මෙනෙහි කර තිබේ.