Wednesday, July 13, 2016

උතුම් ශ්‍රී මහා භාද්‍රකලි දේවමෑණියන් වහන්සේ

උතුම් ශ්‍රී භද්‍රකාලි දේවමෑණියන් වහන්සේ ඉන්දියාවේ කේරලයේදී වඩාත් වන්දමනයට පාත්‍ර වන අතර “කාරීආම් කාලි මුර්ටි දේවි” නමෙන්ද හැඳින්වෙයි. උතුම් ශ්‍රී භද්‍රකාලි දේවමෑණියන් වහන්සේ සෞභාග්‍ය සහ වාසනාවට අධිපති දෙවඟන ලෙසින් පිදුම් ලබති. ශ්‍රී භද්‍රකාලි දේවමෑණියන් වන්සේ ඇස් තුනක් සහ අත් හතරක්, දොළහක් හෝ දහසයක් පෙන්නුම් කරති.උතුම් ශ්‍රී භද්‍රකාලි මෑණියන් වහන්සේ අත් වල අයුධ කිහිපයක් ද දරයි. ශ්‍රී භද්‍රකාලි දේවමෑණියන්ගේ හිසෙන් රැස් විහිදෙති.  උතුම් ශ්‍රී භද්‍රකාලි දේවමෑණියන් වහන්සේ වන්දනා මානකරනු ලබන්නේ අතීතයේ සිට පැවත එන තාන්ත්‍රික ක්‍රමවේදයන්ට අනුව වෙයි.
උතුම් ශ්‍රී භද්‍රකාලි දේවමෑණියන් වහන්සේගේ මුලෝත්පත්තිය පිළිබඳව මුලික මත තුනක් පමණ ඇත. බොහෝ වඩාත් පිරිසක් පිළිගන්නා මතය වන්නේ දිව්‍ය උපතක් වූ උතුම් ශිව දෙවියන්ගේ දුහිතෘ වන අතර “දරුක” නම් යක්ෂයාගෙන් ලොව නිදහස් කරගෙන ඇති බවත්ය.

සංස්කෘතක භාෂාවට අනුව “භද්‍ර” යන්නෙන් හොඳ (good) වන අතර භද්‍ර නම සැදෙන්නේ “භ” සහ “ද්‍ර” යන අකුරු එක් වීමෙනි. “භ” අකුරෙන් “මායා” වන අතර “ද්‍ර” යනු අතිශය හෝ ශ්‍රේෂ්ඨ ආදී අර්ථයන් වෙයි.  එනම් භද්‍ර යනු මහමායා අර්ථය වන අතර සංස්කෘත භාෂාවේ “භද්‍රකාලි” යන නාමය හින්දියෙන් “මහමායා කාලි” ලෙසට පරිවර්තනය කල හැකිය.

“දාරික” නම් යක්ෂයෙක් ඉතා උසස් තපස් රැකීමෙන් පසු උතුම් බ්‍රහ්ම දෙවියන්ගෙන් වරමක් ලැබිය. එනම්  කිසිම මනුෂ්‍යයෙකුට ඔහුව ඝාතනය කල නොහැකි වන අපරාජිත වූ වරයකි. ඔහු ලෝකය විනාශ කරමින් විශාල අපරාද කරන්නට පටන් ගත්තේය. උතුම් ශිව දෙවියන් මෙම අපරාද ක්‍රියාවන් පිළිබඳ දැනගැනීමෙන් පසු මහත් කෝපයට පත් වී දාරික නම් යක්ෂයා මැරීමට උතුම් ශ්‍රී භද්‍රකාලි දේව මාතාව මවන ලදී. ඉතා කෝපයට පත් ශිව දෙවියන් ඔව්න් වහන්සේගේ තෙවැනි ඇස අරිත්ම අතිශය දීප්තිමත්ව ශ්‍රී භද්‍රකාලි දේව මෑණියන් මැවෙන ලදී. උතුම් භද්‍රකාලි දේව මෑණියන් ඉතා දැවැන්ත වූ අතර හිස්‌ ගණන අත් ගණන හා පාද ගණන ගැනිය නොහැකි ප්‍රමාණයක් විය. ශිව දෙවියන් විසින් භද්‍රකාලි දේව මෑණියන්ගෙන් දාරික නම් යක්ෂයා විනාශ කිරීමට ඉල්ලා සිටි අවස්ථාවේ ශ්‍රී භද්‍රකාලි දේව මෑණියන් වනයට ගොස් එහි වෙසෙන ලේ පිපාසිත හොල්මන්  සහ අත්මයන්ගෙන් උදවු ඉල්ලන ලදී. උතුම් ශ්‍රී භද්‍රකාලි දේව මෑණියන් සහ අති විශාල වූ කාන්තා සේනාව දැක දාරික යක්ෂයා සිනා වීමටත් උපහාස කිරීමටත් ගත් අතර ඔහු උතුම් බ්‍රහ්ම දෙවියන්ගෙන් ලද වරය කාන්තාවක් විසින් පරාජය කල හැකි බවටත් ඔහුට අමතක විය. ඉතා දරුණු සටනකින් පසු ශ්‍රී භද්‍රකාලි දේව මෑණියන් සහ පිරිවර දාරික යක්ෂයා විනාශ කර සටන ජයගත්තේය. ඉන් පසු උතුම් භද්‍රකාලි දේව මෑණියන් අධික කෝපයෙන් දාරික නම් යක්ෂයාගේ හිස්‌ වම් අතින් ගෙන ආවේගයෙන් “කෛලෂ්” වෙත පැමිණෙමින් සිටියේය. ශ්‍රී මහා භද්‍රකාලි දේව මෑණියන් වහන්සේ පිදුමක් ඉල්ලීමට පෙර ශ්‍රී මහා භද්‍රකාලි දේව මෑණියන්ගේ ස්වාමියානන් වූ ශිව දෙවියන් ශ්‍රී භද්‍රකාලි දේව මෑණියන්ගේ කෝපය සංසිඳුවීමට අචේනිකව නර්තනයේ යෙදුනි. එයින් සංතෘප්ත වූ ශ්‍රී මහා භද්‍රකාලි දේව මෑණියන් වහන්සේ ශිව දෙවියන්ගේ භක්තිකයන්ගෙන් වැඳුම් පිදුම් ලැබීමට ශිව දෙවියන්ගෙන් වරයක් ලබා ගත්තේය.
කේරල සංස්කෘතියන්ට අනුව “මර්කන්දේය පුරාණ” නම් උත්සවය උතුම් ශ්‍රී මහා භද්‍රකාලි දේවමෑණියන් සිහි කරමින් කේරල සහ කන්නුර් දිස්ත්‍රික්කයේ "මදයි" නම් ප්‍රදේශ වල පැවැත්වෙයි. කේරලයේ පිහිටි ශ්‍රී මහා භද්‍රකාලි දෙවොලේ දී ශිව දෙවියන්ගේ තෙවැනි ඇසෙන් මැවුණු ඔව්න් වහ්සේගේ දියණිය ලෙස උතුම් ශ්‍රී මහා භද්‍රකාලි දේවමෑණියන් වන්දනාමාන කරති. මර්කදේය පුරාණ උත්සවයට අනුව උතුම් ශ්‍රී භද්‍රකාලි දේව මෑණියන්ට වන්දනා කර, භක්තිකයන් ඉපදීම හා මරණය යන චක්‍රයෙන් තමන්ව මුදවා දෙන ලෙස අදිටන් කරගනියි. උතුම් ශ්‍රී මහා භද්‍රකාලි දේව මෑණියන් කාන්තාවන්ගේ ගෞරවය රකිනා සහ ආද්‍යයාත්මික දැනුමට ද අධිපති වෙයි. විරභද්‍ර නම් ශ්‍රී මහා භද්‍රකාලි දෙවමෑණියන්ගේ සොහොයුරෙකු විසින්, වසූරිමාල නම් අයෙකුගේ ප්‍රහාරයෙන් මසුරිකා වලින් මුහුණේ කැළැල් මතුවූ අවස්ථවේ සුව කර ඇත. සමහර කේරල සඳහන් වීම් වල දැක්වෙන්නේ ඉතා මෘදු වශයෙන් ශ්‍රී මහා භද්‍රකාලි දේව මාතාවන්ගේ මුහුණේ දැකිය හැකි බවයි.
විශේෂයෙන් තමිල්නාඩු සහ ඒ අවට රාජ්‍යන්හි ජනතාව “මලයාල භගවතී” හෙවත් “මලයාල භද්‍රකාලි” ලෙසින් හඳුන්වන උතුම් ශ්‍රී භද්‍රකාලි දේවමෑණියන් වහන්සේ ඇයවහන්සේගේ භාක්තිකයන්ව කුල ගෝත්‍ර බේදයකින් තොරව නිරතුරුව ආරක්ෂා කරන බව එම භක්තිකයන් දැන සිටියි.
තමිල්නාඩු, කර්ණාටක, අන්ද්‍රා ප්‍රදේශ සහ දකුණු ට්‍රවන්කොර් ප්‍රදේශත් විශේෂයෙන් තිරුවනන්තපුරම් නගරයේ දමිල, කන්නද සහ තෙළුගු භාෂා කතා කරන ජන සමුහයා “මහකාලි” ලෙසින් උතුම් මහා භද්‍රකාලි දේව මාතාව වන්දනාමාන කරන්නේ ඔව්න්ගේ ප්‍රථම අද්යාත්මික සංස්කෘතියක් හඳුන්වා දුන් අධිරාජ වික්‍රමාදිත්‍ය අනුගමනය කරමිනි.
ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශ වල දී තාන්ත්‍රික නම් ලෙස “කාලි” හෝ “මහකාලි” නම් වලින් උතුම් ශ්‍රී මහා භද්‍රකාලි දේව මෑණියන්ව වන්දනා මාන කරනු ලබයි. උතුම් භද්‍රකාලි දේව මෑණියන් උතුම් ශිව දෙවියන් ඔව්න් වහන්සේගේ  “රෞද්‍ර” හෝ “මහාකාල” වේශයන්ගෙන් සිටිනා අවස්ථාවල උතුම් ශ්‍රී භද්‍රකාලි දෙවමෑණියන් “රක්තබිජ” සමග සටන් කර ජයගත් බවත්, උතුම් ශ්‍රී භද්‍රකාලි දේවමෑණියන් දුර්ගා දෙවියන්ගේ දුව බවත් විශ්වාස කෙරේ. වෙනත් ප්‍රභවයන්ගේ දැක්වෙන්නේ “විරභද්‍ර” දෙවියන්ගේ සහෝදරිය සහ උතුම් ශිව දෙවියන් වහන්සේ රෞද්‍ර ලෙසින් සිටීමේදී උත්පත්තිය ලැබූ බවත්ය. ගැඹුරු තාන්ත්‍රික-අභාෂය සහිත සංස්කෘතීන් බොහෝ විට උතුම් ශ්‍රී මහා භාද්‍රකාලි දේව මෑණියන් උතුම් ශිව දෙවියන්ගේ අග බිසව බවද විශ්වාස කෙරේ.

උතුම් ශ්‍රී මහා භද්‍රකාලි දේව මෑණියන් වහන්සේ “කලරිප්පත්තු” නම් යුද සංස්කෘතිය ආරක්ෂා කරන බව විශ්වාස කරයි. “ලෝකනර්කවූ දේවාලයේ” (මලයාලයේ ශඔලින් දේවාලය) උතුම් ශ්‍රී මහා භද්‍රකාලි දේව මෑණියන්ගේ ආශීර්වාදයෙන් “තචෝලි ඔතෙනන්” සහ ඔහුගේ අනෙකුත් රණකාමීන් “මලබාර්” හි පැවතී සටනෙන් ජය ලබන ලදී. කේරලයේ බොහෝ සංස්කෘතික ගම්මාන වල “කලාරි” නම් කලා පාසල් සහ ප්‍රාදේශීය දේවාල උතුම් ශ්‍රී භද්‍රකාලි දේව මෑණියන් උදෙසා වෙන්කර තිබුණි. උතුම් ශ්‍රී භද්‍රකාලි දේව මෑණියන්, දෙමල වැසියන්ට සංස්කෘතික කලා වලටත් නීති ගරුක පුද්ගලයන්ගේ ආරක්ෂාවටත් එක ලෙස වැදගත් වේ.

“කොදාවාස්” සහ “නෛර්ස්” වැනි ජන සමුහයා උතුම් ශ්‍රී භද්‍රකාලි දේව මෑණියන් වන්දනා කරන්නේ තම පවුලේ අයඅරක්ෂ කර දෙන දෙවතාවක් ලෙසටය. ඔව්න් සමහර අවි අයුධ වලට වන්දනා මාන කරන අතර දේවස්ථාන වල ඇති අවි ආයුධ දෙවියන් වන්සේ විසින් පරිහරණය කලබවට බොහෝ ජනයාගේ විශ්වාසයයි. කුඩුම්බි නම් ජන සමුහයා “කොදුන්ගල්ලුරම්මා” දේව මෑණියන් දෙව් දූවරුන්ගේ අම්මා ලෙස සැලකෙයි. කේරලයේ පිහිටි “කොදුනගල්ලුර් භගවති” නම් දේවාලය ඉතා ප්‍රසිද්ධ දේවාලයක් වන අතර එය උතුම් ශ්‍රී මහා භද්‍රකාලි දේව මෑණියන් හට කැප කර ඇත. “තලප්පොලි” නම් උත්සවය ප්‍රධාන වශයෙන් සමරන්නේ “මකර් සංක්‍රාන්ති” සඳහා වන අතර මෙයට රට පුරා සිටින කුඩුම්බි වැසියන් (විශේෂයෙන් දකුණු කේරල) දේවාලයට පැමිණෙති. උතුම් ශ්‍රී භද්‍රකාලි දේව මෑණියන් “නඩර්” නම් ජන සමුහයාටද අදිගෘහිත වන අතර තමිල් නාඩු වැසියන්ගේ උතුම් වන්දනාමානයට ලක් වේ. ඉතා ඈත අතීතයේ සිට පැවත ආ උතුම් භද්‍රකාලි දේව මෑණියන්ගේ  දේවාලයක් කන්පුර් වැසියන් විසින් “භාද්‍රාස්” නමින් වන්දනාමාන කර ඇත.

ඉන්දියාවේ ඉතා ජනප්‍රිය දක්ෂ සංස්කෘත කවියෙකු වන “කාලිදාස” උතුම් ශ්‍රී භද්‍රකාලි දේව මෑණියන්ගේ භක්තිකයෙකි. තවත් දක්ෂ අධිරාජ්‍යයකු වන වික්‍රමාදිත්‍ය  සහ ඔහුගේ සහෝදරයෙකු වූ භාට්ටි ද උතුම් ශ්‍රී මහා භද්‍රකාලි දේව මෑණියන්ගේ හට ඉතා ලැදි භක්තිවතයෝය. ඔව්න්ගේ නොමද දියුණුවේ ආශීර්වාදය උතුම් ශ්‍රී භාද්‍රකාලි දේව මෑණියන් යැයි තදින්ම විශ්වාස කලේය. වික්‍රමාදිත්‍ය උතුම් ශ්‍රී මහා භද්‍රකාලි දේව මෑණියන් වහන්සේ උදෙසා දේවස්ථාන සැදීමට දායක වී ඇත. විශේෂයෙන් තමිල්නාඩු සහ දකුණු ඉන්දීය ප්‍රදේශ වල දේවස්ථාන, යාච්ඤා කිරීමේ මධ්‍යස්ථාන සැදීමට දායක විය. මාර්ග දෙපස කුඩා දේවාල ද උතුම් ශ්‍රී මහා භද්‍රකාලි දේව මෑණියන් උදෙසා සාදා ඇත. අදටත් මෙම කුඩා දේවාල වල ඉතා භක්තිමත් ලෙසින් උතුම් ශ්‍රී මහා භද්‍රකාලි දේවමෑණියන් උදෙසා පුද පූජා පැවැත්වේ.



  

No comments:

Post a Comment