Sunday, October 15, 2017

උතුම් ශ්‍රී විද්‍යා ලක්ෂ්මි වන්දනාව

මෙම ලිපිය 2016 නොවැම්බර් මස 20 වන ඉරිදා තරුපති සඟරාවේ පල වූ ලිපියක් ඇසුරින් සකසන ලද්දකි.
සම්පුර්ණ ගෞරවය මුල් රචකයට හිමි විය යුතුය.

"තරුපති වෙතින් ඔබ වෙත තිලින ක‍රන ලද මහා ලක්ෂ්මි මතාව පිලිබඳව දිග හැරෙන ලිපි පෙළෙහි විද්‍යා ලක්ෂ්මි මතාව පිලිබඳව විවරණය කෙරෙන ඉතා වැදගත් ලිපියක් සමග මෙවර අප ඔබ දැනුවත් කරනු ලබන්නේ විභාගයට මුහුණ දෙන දුවා දරුවන්ට තිලිණ කෙරෙන දායාදයක් ලෙසිනි."

සරස්වතී දේවිය යනු සියලු කලාවන්ට අධිපති දේව මෑණියන් වහන්සේයි. විද්‍යා ලක්ෂ්මි දේව මෑණියන් යනු ඍජුවම විද්‍යාවට හෙවත් ශාස්ත්‍රයටම අධිපතීත්වය දරණ දේව මෑණියන් වහන්සේ වෙති. ඒ නිසා සරස්වති දේව මෑණියන් වහන්සේ වන්දනා කරන දරුවෙකු නම් ඔබ විද්‍යා ලක්ෂ්මි දේව මෑණියන් ද වන්දනා කරන්නේ නම් එයින් ඔබට අප්‍රමාණ වූ ආශීර්වාදයක් උදාකර ගැනීමට හැකියාව ලැබේ.

ධන ලක්ෂ්මි ධනය උදා කිරීමට, ආදී ලක්ෂ්මි සියලෙහි යථාර්තය ආරක්ෂා කිරීමට, ධෛර්ය ලක්ෂ්මි ධෛර්ය උදා කිරීමට ආදී වශයෙන් මෙන්ම විද්‍යා ලක්ෂ්මි දරු දැරියන්ට සියලු විද්‍යාවන් නිපුණ කරවීමට බැඳී සිටි. එබැවින් යම කිසිවෙකු විසින් විද්‍යා ලක්ස්හිමි දේව මෑණියන් වහන්සේගෙන් පිහිට ඉල්ලා සිටින්නේ නම් නොවැරදීම ඔහු වෙත සකල ශිල්ප ශාස්ත්‍ර විද්‍යාවන්ට නිපුණ කර දීමට විද්‍යා ලක්ෂ්මි දේව මෑණියන් සැදී පැහැදී සිටියි.

එම නිසා දුරාතිතයේ පැරණි ඍෂිවරුන් ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කිරීමේදී සරස්වතී දේවියත් විද්‍යා ලක්ෂ්මි දේවියත් යන දේව මෑණියන් වහන්සේ දෙදෙනාම වන්දනා කිරීමට පෙළඹී සිටියහ.

සරස්වතී දේවා මෑණියන් සහ විද්‍යා ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ සම්බන්ධ වන්නාවූ මෙහි දක්වනු ලබන ගයත්‍රී මන්ත්‍රය සහ ස්ත්‍රෝතය දිනකට 21 වරක් සජ්ජායනා කල හැකි නම් ඒ තුලින් විශාල ආශීර්වාදයක් උදා කර ගත හැකිය. මෙහි දක්වා ඇති විද්‍යා සරස්වතී යන්ත්‍රය පුරාතනයේ සිට ඉන්දියාවේ භාවිත වූ ඉතාම වැදගත් වූ යන්ත්‍රයකි. මෙම යන්ත්‍රය මෙහි දක්වා ඇති පරිදිම සකස් කර ගත හැකි නම් එය එහි තවදුරටත් විශේෂ වූ ආශීර්වාදයක් උදා කර ගත හැක.






1 comment:

  1. සරස්වතී යන්ත්‍රය ලබා ගැනිම සදහා ඔෙබ් දුරකතන අංකය ඒවන්න

    ReplyDelete