Tuesday, June 14, 2016

උතුම් ශ්‍රී සුමන සමන් දෙවියන්

උතුම් සුමන සමන් දෙවියන් ශ්‍රී ලාංකීය බැතිමතුන් විසින් වන්දනා උපහාර පවත්වන දේශීය දෙවියන් වහන්සේ නමකි. “සමන්” යන නමෙන් අර්ථ දැක්වෙන්නේ “උදැසන හිරු උදාවයි ”. ඔව්න් වහන්සේ සිංහල ජනයාට සුවිශේෂී අතර විශේෂයෙන් බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවන්ට ලක් වේ. මහා සුමන සමන් දෙවියන් මුතු මැණික් වලින් සරසන ලද ඔටුන්නක් දරන අතර දකුණු අතෙහි නෙලුම් මලක් ද පසු පසින් සිටින සුදු පැහැති අලියා ඔව්න් වහන්සේගේ වාහනය ලෙසද සැලකෙයි.
මහාවංසයට අනුව ඉතිහාස වංශකතා වල දැක්වෙන්නේ සමන් දෙවිඳු දිවයිනේ හා බුදු දහමේ මුර දේවතාවන් ලෙස කටයුතු කර ඇති බවයි. නාථ දෙවියන්, උපුල්වන් දෙවියන්, විභීෂණ දෙවියන් හා කතරගම දෙවියන් අනෙකුත් මුර දේවතාවන් වෙයි. මහනුවර රාජධානි යුගයේ දකුණු ඉන්දියාවෙන් පැමිණි නායක්කර් රාජ වංශය පත්තිනි දේව මෑණියන්ව සමන් දෙවිඳුන් වෙනුවෙන් ප්‍රතිස්ථාපනය කරන ලදී. උතුම් සුමන සමන් දෙවියන් සබරගමුව හා ශ්‍රී පාද කන්දට අධිපති වෙයි. උතුම් සුමන සමන් දෙවියන්ගේ ප්‍රධාන දේවාලය රත්නපුර පිහිටා ඇති අතර  ඌව පළාතේ මහියංගන ප්‍රදේශයේද තවත් ප්‍රධාන දේවාලයක් පිහිටා ඇත.
බොහෝ ජනයාගේ විශ්වාසය අනුව උතුම් සමන් දෙවිඳුන් “මහාසුමන” නම් ප්‍රාදේශීය පාලකයෙකු වූ අතර ලක්දිව වූ ප්‍රධාන වංශ හතරෙන් එකක් වන දේව වංශයේ පාලකයෙකි. සංස්කෘතිය අනුව “දේව සම්මුතිය” අනුව ඔව්න් වනසේ රාජ්‍යත්වයෙන් පිදුම් ලැබිය. තවද උතුම් සුමන සමන් දෙවියන්, ශ්‍රේෂ්ඨ පාලකයෙකු වූ “රාවණා” රජුන්ගේ බාල සොහොයුරෙකුගේ කුමාරයෙක් වෙයි. “මහාසුමන” රජුගේ ඇවෑමෙන් ඔහු “මහා සුමන සමන්” නමින් දේවත්වයෙන් සලකන ලදී. ඔව්න් වහන්සේ දිව්‍යලෝකයෙහි වැඩ වසන අතර පසුව ඔව්න් වහ්සේ ශ්‍රී පාද අඩවියේ මුර දේවතාවන් විය.
ඉතිහාස පුරාවෘත අනුව, උතුම් සුමන සමන් දෙවියන් උතුම් බුදුරජාණන් වහන්සේට සමනළ කන්දට ආරාධනා කර ගෞතම බුදුන් වහන්සේට වන්දනාමාන කිරීමට උතුම් සිරි පතුලෙහි ලාංජනයක් පිහිටුවන ලෙස ආරාධනා කර ඇත. ගෞතම බුදුන් වහන්සේ දිවයිනට වැඩම වූ පළමු අවස්ථාවේඋතුම් සුමන සමන් දෙවියන් වැඩ සිටි අතර ගෞතම බුදුන් වහන්සේගේ බණ අසා සෝවාන් විය. උතුම් ශ්‍රී සුමන සමන් දෙවියන් විසින් ගෞතම බුදුන් වහන්සේ හිස පිරිමැද ලබා දුන් කේශ ධාතු නිදන් කර මහියංගනයේ ස්ථුපයක් කරවන ලදී.
මහාවංසයේ පුරවෘර්ත අනුව ශ්‍රී පාද කන්ද (සමන්ත්කූට, සමන්ගිර, සුමනකූට හා සමනළ කන්ද නමෙන්ද හැදින්වේ) ගෞතම බුදුන් වහ්සේ තෙවන වර ලංකාවට වැඩි අවස්ථාවේ දී වම්පාද ලාංජනය පිහිටුවන ලදී. සමන්ත්කුට නමෙන් හැඳින්වෙන්නේ සමන් දෙවියන්ගේ කන්ද බව බොහෝ ජනයාගේ මතයයි. අති මහත් ශ්‍රී ලාංකීය බෞද්ධ බැතිමතුන්ගේ ගෞරව භක්තියෙන් පිදුම් ලබන ගෞතම බුදුන් වහ්සේගේ වම් පාද ලාංජනය මීට වසර 2580 කට පමණ පෙර කැලණියට වැඩමවූ ගෞතම බුදුන් වහන්සේගේ තෙවන ලංකාගමනයේදී සිදු විය.
 බෞද්ධ සැදැහැවතුන් ශ්‍රී පාද පද්මයට නමස්කාර කිරීමට ශ්‍රී පාද කන්ද තරණය කරනුයේ උතුම් ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ කරුණාබර ආරක්ෂාව ලැබෙන විශ්වාසය මුදුන්පත් කරගෙනයි. ක්‍රි.පූ.104-76 රජකම් කල ශ්‍රී වළගම්බා රජු සුපරිශුද්ධ ශ්‍රී පාදස්ථානය සොයා ගත් අතර ඔහුද උතුම් ශ්‍රී පාදස්ථානය හා උතුම් මහා සුමන සමන් දෙවියන් කෙරෙහි සැදැහැවත් විය. අතීතයේ පටන් සාමාන්‍ය ජනයා පමණක් නොව රාජකීය ප්‍රභුන්ද ශ්‍රී පාද පද්මය වන්දනා කර ඇත. ශ්‍රී පාද වන්දනා සමය වාර්ෂිකව ඇරඹෙන්නේ දෙසැම්බර් මස පුන් පොහෝ දිනයේදී වන අතර එය අවසන් වන්නේ වෙසක් පුන් පොහෝ දිනයේදීය. මෙම මාස හයක කාලය තුලදී දහස් ගණනින් බැතිමතුන් ශ්‍රී පාද කන්ද මහා සුමන සමන් දෙවිඳුන්ගේකරුණාව සමඟ තරණය කරන්නේ අති මහත් වූ භක්තිය පෙරදැරි කරගෙන උතුම් ශ්‍රී පාද පත්මයට උතුම් ගෞරව පූජාඋපහාර දැක්වීමටයි.     
උතුම් සුමන සමන් දෙවියන් ශ්‍රී පාද කන්දට හා එම වනාන්තරයට අදිගෘහිත දෙවියන් වහන්සේ වන අතර උතුම් සුමන සමන් දෙවියන් දැරණියගල, බොල්තුඹේ, එල්ලක්කල(Ellakkala) , නිවිතිගල සහ බෙනසමනලගල කන්දේ සිට දිවැස් හෙලනු ලබයි. උතුම් ශ්‍රී සුමන සමන් දෙවියන් වහන්සේ සබරගමුව ප්‍රදේශය හා ඒ අවට ප්‍රදේශයේ පුජනීයකඳු වලත් ප්‍රධාන දෙවියන් වහන්සේ වෙයි.

උතුම් ශ්‍රී සුමන සමන් දෙවියන් ශ්‍රී ලංකාවේ ථෙරවාදී බුදුදහම ව්‍යාප්ත වීමෙන් පසු බුදු දහමත් රටත් ආරක්ෂා කරන මුර දේවතාවන් විය.

Sunday, May 22, 2016

උත්තම කතරගම දෙවියන් (හැඳින්වීමකි)



කතරගම දෙවියන් ශ්‍රී ලාංකිකයන් විසින් වැඩිම කාලයක් තිස්සේ වන්දනා උපහාර දක්වන දෙවියන් වහන්සේ නමකි. ඈත අතීතයේ පටන් උන්වහන්සේගේ රාජධානිය සමග නොබිදෙන සබදතාවයක් පවත්වාගෙන ඇත. ඔව්න් වහන්සේ වැඩිහිටි කන්දේ සිට තම රාජ්‍ය පාලනය කල බවට අතීතයේ සඳහන් වේ. වසර දහස් ගණනක පටන් කතරගම දේවාලය ඉතාමත් ගෞරවනීය වන්දනීය පූජනීය ආගමික ස්ථානයක් වී ඇත.

අතීතයට අනුව කතරගම දෙවියන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩීමට පෙර තේවානි දේවිය හා විවාහ වී හිමාලයේ කෛලාශ් නම් කන්ද රාජධානිය ලෙස පවත්වාගෙන ඇත. ශ්‍රී ලංකාවට වැඩීමෙන් පසු ඉතා රූමත් වේද දේවතාවියක් වුණු වල්ලි දේවිය සමඟ ආදරයක් ඉපදී වල්ලි දෙවිය දෙවන භාර්යාව වූ අතර වල්ලි දේවිය ද දේවත්වයෙන් පුදනු ලබයි. අදටත් වේද ජනයා උතුම් කතරගම දෙවියන් වැඳ උපහාර දැක්වීමට කතරගම දේවාලයට පැමිණෙයි. උතුම් කතරගම දෙවියන් හා වල්ලි දේවියගේ සබඳතාවය ඇසල උත්සවයේදීද සමරයි.

තවත් ශ්‍රී ලාංකීය ශ්‍රේෂ්ඨ පාලකයෙකු වූ මහසෙන් රජු විසින් ක්‍රි.පූ.6 වන සියවසයේදී උතුම් කතරගම පුද බිමේ බෞද්ධ ස්ථුපයක් වන කිරි වෙහෙර ඉදි කර පුජා කරන ලදී. පසුව මහසෙන් රජු ද දේවත්වයෙන් සැලකිණි. සිංහල සංස්කෘතිය අනුව රටට ඉමහත් සේවයක් කල ධාර්මික පාලකයන් දෙවත්වයෙන් පුදනු ලබයි.

වර්තමානයේ උතුම් කතරගම දෙවියන් වහන්සේ ශ්‍රී ලංකාවේ ගිනිකොන දිග වනාන්තරයේ උතුම් අද්යාත්මික සුව ලබමින් භාවනා කරමින් කාලය ගත කරන බව බොහෝ බැතිමතුන්ගේ විශ්වාසයයි. යාල ජාතික වනෝද්‍යානයේ කබිලිත්ත ප්‍රදේශය බොහෝ දෙවි දේවතාවුන් වඩිනා කලාපයකි. බොහෝ ජනයා නිර්මාංශ වීම වැනි ආගමික වතාවත් වලින් පේවී පැමිණ දේවාශිර්වාද ලබා ගනියි. උතුම් කතරගම දෙවියන් වහන්සේ පෝය දින හා ඇසල උත්සවය වැනි විශේෂ අවස්ථා වලදී කතරගම පුද බිමට වඩිනා බව බොහෝ බතිමතුගේ විශ්වාසයයි.