Saturday, July 28, 2018

ගරුඩා - උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේගේ වාහනය


Image result for garuda
ගරුඩා යනු හින්දු, බෞද්ධ හා ජෛන පුරාණෝක්ති වල සඳහන් පක්ෂියෙකුන් හෝ පක්ෂි ස්වරුපයක් ගන්නා දිව්‍යමය සත්ත්ව නිරුපණයකි. ඔව්න් වහන්සේ ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේගේ වාහනය ලෙසද, බුද්ධාගමේ ධර්ම-ආරක්ෂක සහ අස්ටසේන ලෙසද  සහ ජෛන දහමේ ටිර්තන්කර ශාන්තිනාත යක්ෂයා ලෙසද විවිධ ස්වරුපයන්ගෙන් විවිධ ජන කොටස්  විශ්වාස කෙරේ.

ගරුඩා විස්තර වන්නේ පක්ෂීන්ගේ රජු ලෙස සහ රාජාලියෙකුගේ වැනි ස්වරුපයක් ගන්නා ලෙසිනි. ඔව්න් වහන්සේ සත්ත්ව රූ ගත් දෙවියන් වහන්සේ නමක් ( අර්ධව පියාපත් විහිදු සුවිසල් පක්ෂියෙකු ) හෝ මානවතත්වරෝපිත ලෙස නිරූපණය වේ ( පක්ෂි ලක්ෂණ ඇති පියාපත් සහිත මනුෂ්‍ය රුවක් ). ගරුඩා වැඩි වශයෙන් යුහුසුලුව ඕනෑම ස්ථානයකට යා හැකි ආරක්ෂකයෙකු, නිරන්තර පරික්ෂාකාරී සහ සර්පයා (ද්‍රෝහියා) ගේ සතුරා ද වේ. ඔව්න් වහන්සේ “තර්ක්ෂ්‍ය” සහ “ව්‍ය්නාතේය” යන නම් වලින් ද හඳුන්වනු ලැබේ.
ගරුඩා ඉන්දියාවේ යම් ප්‍රාන්ත වල, මියන්මාරයේ, තායිලන්තයේ, කාම්බෝජයේ සහ ඉන්දුනීසියාවේ නිල ලාංජන වල ද නිරුපනය වේ. ඉන්දුනීසියාවේ නිල රාජ්‍ය ලාංජනය ගරුඩා කේන්ද්‍ර කොට නිර්මාණය කර ඇත. ඉන්දුනීසියාවේ ජාතික ලාංජනය “ගරුඩා පන්චසිලා” යනුවෙන් හැඳින්වේ.

හින්දු දහම
හින්දු දහමේ, ගරුඩා දිව්‍යමය රාජාලියෙකු වැනි සූර්ය පක්ෂියෙකු සහ පක්ෂීන්ගේ රජු වේ. රිග්වේදයේ ගරුත්මන් ලෙස විස්තර වන්නේ දිව්‍යමය පියාපත් සහිත ලෙසින්ය.  ශතපත බ්‍රාහ්මණයෙහි ඇතුලට එබ්බවූ යජුර්වේද පාඨයේ සඳහන් වන්නේ ධෛර්යයේ පුද්ගලාරෝපණය ලෙසින්ය. මහාභාරතයේ ගරුතම් ලෙසින් සඳහන් ගරුඩා, විස්තර වන්නේ වේගවත්ම, ඕනෑම ස්වරුපයක හැඩයක් ගෙන ඕනෑම ස්ථානයකට ඇතුලත් විය හැකි අයෙකු ලෙසයි. වීරකාව්‍යන්හි සඳහන් වන පරිදි ඔව්න් වහන්සේ මහා බලසම්පන්න සත්ත්වයෙකි, එනම් පියාපත් ගැසීමකින් දිව්‍යලෝකය, පොලොව සහ ආපායේ භ්‍රමණය නැවැත්විය හැකි වීමයි. ගරුඩා උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේගේ වාහනය ලෙසින් විස්තර කරන අතර බොහෝ විට උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ ගරුඩා මත වැඩ සිටින ලෙස චිත්‍ර හා මුර්ති වල නිරුපනය වේ.

ජෝර්ජ් විලියම්ස්ට අනුව, ගරුඩා සතුව ශබ්ද ධාතු ඇත. ඔව්න් වහන්සේ වෛදික සාහිත්‍යයේ රික් (රිද්මයට), සමන් (ශබ්දයට), යජ්නා (පරිත්‍යාගයට) සහ අත්නම් (ස්‌වයං, ගඹුරු විඤ්ඤාණයට) සමාන උපමාවක් ලෙස දක්වා ඇත. පුරානයන්ට අනුව විලියම්ස් පවසන පරිදි ගරුඩා අදහස් වල සාහිත්‍ය ප්‍රතිමුර්තියක් වන අතර තම ස්වආත්මය වෙන් කල නොහැකි වනසේ උත්තරීතර දෙවිඳුන් (උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ) හා බැඳී පවතී. ගරුඩා වෛශ්නවාදී පුරාණෝක්ති වල ඉතා වැදගත් අංගයක් වන නමුත් ශ්‍රමණ පුරාණෝක්ති වලද ප්‍රමුඛව විදහා දැක්වේ. ගරුඩා තන්ත්‍ර සහ කිරාන තන්ත්‍ර වැනි පාඨයන්හි සහ ශිව දේවාල වල අත්නම් (ස්‌වයං, ගඹුරු විඤ්ඤාණයට) වලට උපමාවක් වන  පක්ෂියෙකු ලෙසින් නිරූපණය කර ඇත.   

ප්‍රතිමාශිල්ප
ගරුඩා ප්‍රතිමාශිල්ප මත හින්දු පාඨයන්ගේ තොරතුරු වල විචලනයන් දක්නට ඇත. ඔව්න් වහන්සේ පක්ෂියෙකුග් ස්වරුපයෙන් ඇත්නම්, ඔව්න් වහන්සේ රාජාලියෙකු මෙන් යම් තරමකින් පියාපත් විහිදා ඔව්න් වහන්සේට වැඩමවීමට අවශ්‍ය ඕනෑම ස්ථානයකට වැඩීමට උත්සුකව සහ කැමැත්තෙන් සිටින බව නිරුපනය වේ. මිනිස් අංගයන් සහිතව නිරුපනය වන අවසථාවන් වලදී, ඔව්න් වහන්සේ රාජාලියෙකු මෙන් නාසයක් ඇතිව, හොටයක් හෝ පාද සහිතව, ඔව්න් වහන්සේගේ අක්ෂි විශාලව සහ විවෘතව, ඔව්න් වහන්සේගේ ශ්‍රී ශරීරය ගරුඩපාෂණ (එමරල්ඩ්) වර්ණයෙන් සහ පියාපත් යුගල රන් වන් කහ පැහැයක් ගනියි. ඔව්න් වහන්සේ ශ්‍රී හස්ත යුගලක් හෝ සතරක් සමග නිරුපණය වේ. ඔව්න් වහන්සේ මත උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ වැඩම කොට නොමැති නිරූපණ වල ඔව්න් වහන්සේගේ පිටුපස එක් හස්තයකින් අමෘත පැන් කලසක් ද අනෙක් හස්තයෙන් ජත්‍රයක් ද ඉදිරිපස හස්තයන් අන්ජලී ( වැඳගෙන සිටීම / නමස්තේ) ඉරියව්වෙන් ද වැඩ සිටිනු නිරුපනය කරයි. ඔව්න් වහන්සේ මත උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ වැඩ සිටින අවස්ථාවන් වල ඔව්න් වහන්සේගේ පසුපස හස්තයන් උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේගේ ශ්‍රී පාද යුගලට උපකාර වන සේ තබාගෙන සිටීම නිරුපනය වේ.

Image result for lord vishnu with garuda

සිල්පරත්න පාඨයන්ට අනුව, රාඕ පවසන්නේ, ගරුඩා විශිෂ්ටවම නිරුපනය වන්නේ හස්තයන් ද්විත්වයක් සහ වර්ණයන් සතරකින් පමණක් බවයි: “පාද වල සිට දණහිස් දක්වා රන්වන් කහ පැහැය ද, දණහිස් වල සිට පෙකනියට සුදු වර්ණය ද, පෙකනියේ සිට ග්‍රීවය දක්වා තද රතු වර්ණය ද, ග්‍රීවයෙන් ඉහළට කළු වර්ණය වේ”. ඔව්න් වහන්සේගේ ශ්‍රී හස්තයන් අභය (භය නොමැති) මුද්‍රාවෙන් ඇත. ශ්‍රිතත්වනිති පාඨයන්ට අනුව යෝජනා කරන්නේ, ගරුඩා දන ගසා සිටින අයුරින්, සර්පයන් පැළඳගෙන, තියුණු පක්ෂී හොටයක් වන් නාසයක් ඇති, ඔව්න් වහන්ස්ගේ ශ්‍රී හස්තයන් අන්ජලී මුද්‍රාවෙන් සිටීමයි. මෙම නිරුපනයන් උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප කල ද්වස්ථාන වල බහුලව දැකිය හැක.

සමහර ප්‍රතිමාශිල්පයන් වල, ගරුඩා විසින් උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ සහ ඔව්න් වහන්සේගේ අග මෙහෙසියන් වහන්සේලා දෙදෙනා [උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් (තිරුමගල්) සහ භුමි-දේව මැණියන් (භුමි-දේවි)] උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේගේ දෙපසින් වඩිනා අයුරු නිරුපණය වේ. යම් අවස්ථා වලදී උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ සමඟ ගරුඩා මතින් ගමන් ගන්නා අවස්ථා ද නිරුපණය වේ. 

6 වන සියවසට පමණ අයත් ඉන්දියාවේ බදමි ලෙන් විහාර වලින් ගරුඩා ප්‍රතිමා හමු වී ඇත.        

==============================================================
මෙම ලිපිය විකිපිඩියා වෙබ් අඩවියේ සඳහන් තොරතුරු වල සිංහල පරිවර්තනයකි.
==============================================================

No comments:

Post a Comment